මධු මේහය ඇතුළු රෝග රැසකට ගුණ දෙන මාදං

අප්‍රේල් 26, 2019

අප පීවත්වෙන පරිසරය තුළ දක්නට ලැබෙන තුරුලතා අතුරින් බොහෝ ප්‍රමාණයක් ඖෂධීය වශයෙන් අතිශයින් වැදගත් වන අතර තවත් සමහර ශාක ආහාරමය වශයෙන් වැදගත් වේ. ඒ අතරම තවත් විවිධ වූ ප්‍රයෝජන ගෙන දෙන ශාක රාශියක්ම අප අවට පරිසරයේ දක්නට ලැබේ. මේ ශාක සමූහය අතුරින් “මාදං” ශාකය ඖෂධීය වශයෙන් ප්‍රයෝජන රාශියක් ලබා දෙන ශාකයක් වේ. විශේෂයෙන් “මධු මේහය” රෝගීන් සඳහා යොදනු ලබන ඖෂධයෝග සඳහා බහුල ලෙස යොදා ගන්නා ශාකයක් ලෙස “මාදං” ශාකය හැඳීන්විය හැකිය. මාදං සඳහා සංස්කෘත බසින් යෙදෙන ප්‍රධානතම නාමයක් වනුයේ “ජම්බු” යනුයි. “ජම්‍යකෙ භාක්ෂ්‍යතේ සවෙ¢ අස්‍යා: ඵලං ඉති ජම්බු අදනේ” “මාදං ගෙඩි මධුර රස හෙයින් සියලු දෙනාමට කෑමට යෝග්‍යය.”

යන අරුතෙන් “ජම්බු” නම් වේ. දං ගෙඩි ඉදුණු පසු දම් පැහැතිය. දං ගෙඩි කෑ පසු කට, දිව, දම් පැහැ වේ. මෙහි පොතු වල සාරය පවා දම් පාටට හුරුය. දම් පැහැය නිසා මෙම ගෙඩියට දං යන නාමය යොදන්නට ඇතැයි සිතිය හැක. එසේම ජම්බු යන නාමයට හෙළයට දඹ වී එය දං බවට පත්වූයේ යැයිද මතයකි. දඹ වර්ග කිහිපයක් වන නිසා “මහා දඹ” යන වර්ගය “මාදං” වන්නට ඇත. විශේෂයෙන් මෙහි පොතු සහ ඇට ලේ වල සීනි ප්‍රමාණය පාලනය සඳහා යොදා ගන්නා ඖෂධ යෝග වල එක් උපාදානයක් නිසා මෙය ඉතා වටිනා ප්‍රයෝජනවත් ශාකයකි. අතීතයේ සෑම ප්‍රදේශයකම පාහේ දැකිය හැකි වුවත් වර්තමානයේ නාගරීකරණය සහ කාර්මීකරණය වැනි හේතු නිසා වියළි කලාපය තුළ පමණක් බහුලව දැකිය හැක.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

කථිකාචාර්ය වෛද්‍ය මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.