අමුක්කරා

පෙබරවාරි 22, 2019

පිරිහී ගිය කාය ශක්තිය මෙන්ම ලිංගික දුබලතා නසාලන අශ්වගන්ධා නොහොත්

අශ්වගන්ධා නීල ශේල්ෂ්ම ශොථ ශච්ත්‍ර කෂාය පහා බලපා රසායනී තික්තා කෂායොෂණාති ශුක්‍රලා

අමුක්කරා, වාතය, සෙම, ඉදිමුම චිත්‍රකුෂ්ටය සහ ක්ෂය රෝගය නැති කරයි. බලවඩයි. රසායනයි. තික්තයි. කෂටයි. උෂ්ණයි, ශුක්‍ර ධාතුවඩයි, අමුක්කරා ශරීර ශක්තිය හා බලය ලබා ගැනීම සඳහා සකස්කරනු ලබන ඖෂධවලට ගන්නා ප්‍රධාන ඖෂධයක් වේ.

ශක්තියෙන් හීන හා ක්‍රියාශීලීත්වයෙන් තොර දරුවන්ගේ නිරෝගීතාවය සඳහාත් පෘෂ්ටිමත්ව හා ක්‍රියාකාරීත්වයටත් චර්ම ආබාධ ඇතුළු ශරීර දුබලතාවන්ට දෙනු ලබන ඖෂධ සඳහාත් අශ්වගන්ධා බොහෝ සේ උපයෝගී කරගනිති. ප්‍රධාන වශයෙන් මූල පද්ධතිය අමු ද්‍රව්‍ය ලෙස ගැනෙන මෙම ඖෂධ පැළෑටියේ පංචාංගයම ඖෂධවලට යොදාගනිති.

සංස්කෘත බසින් අශ්වගන්ධා, කුෂ්ඨගන්ධිනි අශ්වාරෝහකා වරාගිකා, කර්ණි චරදා, වාජීකරී, වාරාභිකා, වාජිනී, වාතස්කී, වරාහ්ව්‍යා ශ්‍යාමලා ආදී නම් රැසකින් ම හඳුන්වන අමුක්කරා සිංහල නාමයෙන් අස්ගොදු හා අමුක්කරා කියාද හඳුන්වති. හින්දි බසින් අසගන්ධ ලෙසත් දෙමළ බසින් අමුක්කරාම යනුවෙන් ද හඳුන්වා ඇත. ඉංගී‍්‍රසි බසින් හඳුන්වා ඇත්තේ එඪදබඥප ඛ්ඩඥපපර යනුවෙනි. අශ්වගන්ධා ඖෂධයේ විශේෂයක් වන්නේ සම්පූර්ණ පැළෑටියම ගන්නා අතර අල නොමැතිව මුල් පමණක් ගැනීමයි. අමුක්කරා ජාත්‍යන්තර ඖෂධ වෙළඳපොළ තුළ ඉහළ ඉල්ලුම් ඇති හොඳ ඔසුවකි. මෙම ඖෂධය දේශීය ඖෂධ නිෂ්පාදනයේ දී දැඩි අවශ්‍යතාවයක් ඇති වැඩි ඉල්ලුමක් ඇති ඖෂධයකි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

බත්තරමුල්ල පැලවත්තරාජපුර වෙද මැදුරේ, ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය,

සුමිත් එම්.පී. රාජපුර

සටහන

එස්.එස්. එස්. ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.