ආයු බොහෝ වඩන ඔසුවල ආයුෂ වැඩි කරමු

ජනවාරි 11, 2019

නව වසරක පැතීමට ඇති හොඳම වදන් පෙළ නම් ‘ආයුබෝවේවා’යි. ආයුර්වේදයට අනුව ආයුෂ වැඩි කරන ඔසු රැසකි. ඔසුවල ආයු කාලය සුරැකීම අපේ ආයු කාලය වැඩි කර ගැනීමට හේතුවකි. මේ අපට නැතිවම බැරි දීගායු ගෙනෙන ඔසු වර්ග දිගු කාලයක් තබා ගැනීමේ රහස් කිහිපයකි. එලෙසම මේ ඔසු සුලබ කාලයට භාවිතයට ගත හැකි ආකාර ද ගණනාවක්ම වේ.

නෙල්ලි

නෙල්ලි හොඳින් සෝදා පිරිසුදු කර කෑලිවලට කපා ගන්න. ඇට ඉවත් කරන්න. ඉන්පසු වාතය නොයනසේ නෙල්ලි කෑලි බෑගයක අසුරන්න. (වැකුම් පැක් මේ සඳහා සුදුසුයි) ඇසිරීමට ගත යුත්තේ පළුදු නොවුණු නැවුම් නෙල්ලියි.

නෙල්ලි ගෙඩියේ ඇට ඉවත්කර ගාගෙන (ග්‍රේටර්) යුෂ අරගන්න. නෙල්ලි යුෂ හය මසක් පමණ ශීතකරණයේ තැබීමට පුළුවන.

නෙල්ලි ග්‍රෑම් 250 ක් ගෙන හොඳින් සෝදා ගන්න. ඉන්පසු ජලය පෙරෙන්නට හැර වාෂ්පයෙන් තම්බා ගන්න. මිනිත්තු 15 ක් පමණ වාෂ්පයෙන් තම්බා ගත් පසු සිසිල් වන්නට හරින්න. නෙල්ලි කුඩා කෑලිවලට කපා ගන්න. කෑලි 6 - 8 ක් පමණ කපා ගත හැකියි. ඇට ඉවත් කරන්න. පියනක් සහිත වීදුරු බඳුනක් ගෙන හොඳින් සෝදා පිරිසුදුව හිරු එළියෙන් වියළා ගන්න. කපාගත් කෑලි වීදුරු බඳුනට දමන්න. ඊට සීනි ග්‍රෑම් 150 ක් දමා හොඳින් බෝතලය සොලවන්න. බෝතලය වේළෙන්නට හිරු එළියේ තබන්න. නෙල්ලි කෑලි හොඳින් වියළෙන්නට දින කිහිපයක් තබන්න. නෙල්ලි යුෂ අඩියේ මිදී තිබෙනු දක්නට ලැබෙනු ඇත. තවත් සීනි ග්‍රෑම් 150 ක් එක්කර මේ යුෂ සම්පූර්ණයෙන් වාෂ්ප වනතුරු හිරු එළියේ වේලා ගන්න. හොඳන් වියළුණු නෙල්ලි කෑලි බෝතලයෙන් ඉවතට ගෙන දිනක් දෙකක් පමණ වේළා ගන්න. වාතය නොයන ලෙස අසුරන ලද වීදුරු බඳුනක නෙල්ලි ඉතා දිගු කලක් තබා ගත හැකියි. ඔබට කැමැති වේලාවක නෙල්ලි කැබැල්ලක රස විඳීමටත් පුළුවන.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.