ජලය

ජනවාරි 4, 2019

"අපිරිසුදු ජලය පරිහරණයෙන් නොයෙක් රෝගයන් බෝවේ. ඒ අතර කොළරාව, අතීසාරය, කහඋණ, (සෙංගමාලය) වකුගඩු රෝග සමඟ සමේ රෝග ඇති වේ. මෙයට මූලික හේතුව වී ඇත්තේ ජලය අපවිත්‍ර කිරීමයි"

අද අපේ රට ගත් කල මහවැලි, කැලණි, වලවේ, කළු යන ප්‍රධාන ගංගාවලට අමතරව තවත් ගංගා වන් හා ඇළ දොළ ඔයවල් වලින් මේ ගංගාවෝ පෝෂණය කරයි. කඳු මැදින් මුදුනෙන් පටන්ගෙන ලක්ෂ සංඛ්‍යාත මනුෂ්‍ය සත්ව ජීවීන්ගේ පිපාසය සංසිඳාවමින් ගහකොළ පෝෂණය කරමින් ඉතා සුන්දරාත්මකව නොකඩවා මුහුදට ගලා යයි. මෙයට අමතරව වැසි ජලය රඳවාගෙන භූගත ය තුළට ජල පෝෂණපකර මින් මහා වැව් සහ කුඩා වැව් රාශියක් ඉදිකර ඇත්තේ ජලයේ මනුෂ්‍ය ජීවිතය රඳවා ගැනීමට ඇති අවශ්‍යතාවය නිසා ය.

ලෝකයේ පැවැත්ම ආපෝ, තෝජෝ, වායු, පඨවි, පෘතුවි, යන පංච කථමයන් සමන් විතය. මේ සියල්ල සත්ව ජීවිතයට අවශ්‍ය ය. ලෝකයේ භූමි භාගයට වඩා ජලයත් මුහුදු සීමාවේ පවතී. මුහුදු ජලයට කරදිය කියාද මිරිදිය කියා ද පෘථිවියේ ඇති ජලයට විවහාරය යෙදෙයි. මුහුදු ජලය බීමට නොහැකි සේ ලුණු රසය, පොළොවේ කඳු මුදුනින් උපදින ජලය මිහිරිය පානය කළ හැකි අමි රසයක් නොමැත. මේවා සියල්ල ස්වභාදහම විසින් පෝෂණය කර ඇත.

කරදියෙන් විශාලතම සත්ව කොට්ඨසායක් ජීවත් වෙයි. ජලයේ වාතය නොමැති නිසා ජල මතුපිටට විත් වාතය ගැනීම කරයි. වාතය හා ජලය ප්‍රකෝප වූ විට මහා විපත් සුනාමි වැනි දේ සිදුවෙයි. මේ සියල්ලම සිදුවන්නේ ස්වභාවදහම අනුවය. සත්ව ලෝකය ගත් කල මාංශ භක්ෂය කුඩා සතා ලොකු සත්වයාගේ ආහාරයට ගන්නා බවද පෙනෙයි. මේ ආකාරයට සිදු වන්නේ මදුරු කීටයන් බෝ වන්නේ ජල කඩිතිවලය මදුරුවා දමන බිත්තර ජලයේ දන්ඩීන්, තල් කොස්සෝ වැනි මාළුවන්ද ගෙබි පැටවුන්ගේද ආහාරය මෙය වෙයි. ඊළඟට ඉන් මිදෙන මදුරුවා වර්ධනය කිරීමට හූනා, ගෙම්බා, හිකනැල්ලන්, කටුස්සන් ක්‍රියා කරයි. මේ සියල්ල සිදු කිරීම යමකු විසින් නොව ස්වභාවදහම අනුවම සිදු කරයි.

දැන් අපට උරුම වී ඇති වකුගඩු රෝගය, මැලේරියාව, ඩෙංගු උණ, සලකා බලන විට ඉමහත් සමාජ කරදරයකට පත්ව ඇත. පෙර ගොවිතැන් කළ ගොවියා රසායනික පොහොර කෘමි නාශක, කැලෑ නාශක යෙදුවේ නැත. ඔවුන් ජල පෝෂිත ප්‍රදේශයේ කුඹුක්, පාවට්ටා ආදී වෘක්ෂ වවා ගත්හ. පොහොර සඳහා යෙදුවේ කාබනික පොහොරය. මෙයින් ජලය අපවිත්‍ර නොවෙයි.

අමිතිරිගල මැදගොඩ ආයුර්වේද වෛද්‍යාචාරිනී ගුණවතී එදිරිසිංහ

සාකච්ඡා සටහන යටියන්තොට සමූහ

කුමාරසිංහ ගුණදාස

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.