වර්ණයෙන් කියැවෙන ඔබේ පෙම්වතා හෝ පෙම්වතියගේ ගතිගුණ මෙන්න

ඔක්තෝබර් 15, 2021

 

 

වර්ණ හෙවත් පාට ස්වභාවධර්මයේ අපූර්වතම වූ නිර්මාණයකි. වර්ණ නැතිනම් පාට අපේ එදිනෙදා ජීවිතයත් සමඟ බෙහෙවින් ම සම්බන්ධය.

ඒ අනුව අපේ ජීවිතයත් සමඟින් බෙහෙවින් සම්බන්ධ වූ වර්ණයෙන් ඔබේ ජීවිතයේ සුවිශේෂී වූ චර්යාවන්, හැකියාවන්, චරිත ස්වභාවයන් පිළිබඳව අපට හඳුනාගත හැකි ය. අපට එදිනෙදා ජීවිතය තුළ හමුවන ප්‍රධාන වර්ණයන් ඇසුරු කරගනිමින් ඡ්‍යොතිෂය ඇසුරින් ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය කැමතිම වර්ණය තුළින් ඔහු හෝ ඇයගේ චරිත ස්වභාවය පිළිබඳ නිවැරදි දැක්මක් ලබා ගැනීම මෙම ලිපියේ මූලික අරමුණ වනු ඇත.

ඔබේ ආදරණීය පෙම්වතා හෝ පෙම්වතිය බෙහෙවින් ඇලුම් කරන්නේ කහ වර්ණය හෝ රන්වන් පාට නම් ඇය හෝ ඔහු බොහෝ දුරට සෞම්‍ය අදහස්වලින් පිරි ඉතාමත් අවංක ගුණ යහපත්, වාසනාවන්ත එමෙන්ම ඉතාමත් කරුණාවන්ත කෙනෙකු විය යුතු ය. කහ වර්ණය ගුරු ග්‍රහයාට යත් වේ. ඔහු හෝ ඇය බොහෝ දුරට අහිංසක උගත් කෙනෙකු විය යුතු ය.

ඔබේ ආදරණීය පෙම්වතා හෝ පෙම්වතිය බෙහෙවින් ඇලුම් කරන්නේ සුඳු වර්ණයට නම් ඇය හෝ ඔහු බොහෝ දුරට ඉතාමත් චාම් ගති ගුණ ඇති කෙනෙකු විය යුතු ය. සුදු වර්ණය සඳු ග්‍රහයාට අයත් වර්ණයකි. ධාර්මික අදහස්වලින් පිරි ආගමට දහමට ලැදි ඉතාමත් අවංග ගුණ යහපත්, වාසනාවන්ත එමෙන්ම ඉතාමත් අහිංසක කෙනෙකු විය යුතු ය.

බුධ ග්‍රහයාට අයත් වර්ණයක් වන කොළ පාටට ඇලුම් කරන ඔබේ ආදරණීය පෙම්වතා හෝ පෙම්වතිය බොහෝ විට සෘජු අදහස් ඇති කෙනෙකු විය යුතු ය. ඔවුන් බෙහෙවින් ම ඇලුම් කරන්නේ කොළ හෝ ලා කොළ පාටට නම් ඇය හෝ ඔහු බොහෝ දුරට ධනාත්මක අදහස්වලින් පිරි ඉතාමත් අවංක ගුණ යහපත්, වාසනාවන්ත එමෙන්ම ඉතාමත් කරුණාවන්ත කෙනෙකු විය යුතු ය. ඔහු හෝ ඇය බෙහෙවින් පරිසරයට ඇලුම් කරන කෙනෙකු විය යුතු ය.

කුජ හෙවත් අඟහරු ග්‍රහයාට අයත් රතු වර්ණය ආක්‍රමණශීලී එඩිතර නිර්භය වර්ණයක් වනු ඇත. ඒ අනුව ඔබේ ආදරණීය පෙම්වතා හෝ පෙම්වතිය බෙහෙවින් ඇලුම් කරන්නේ එම රතු හෝ රෝස පාටට නම් ඇය හෝ ඔහු බොහෝ දුරට රළු අදහස්වලින් පිරි ඉතාමත් සැර පරුෂ කෙනෙකු විය යුතු ය. නමුත් ඔහු හෝ ඇය අවංකය ගුණ යහපත් ය එමෙන්ම වාසනාවන්ත සේම ඉතාමත් රැඩිකල් කෙනෙකු විය යුතු ය.

ඔබේ ආදරණීය පෙම්වතා හෝ පෙම්වතිය බෙහෙවින් ඇලුම් කරන්නේ නිල් හෝ ලා නිල් පාටට නම් ඇය හෝ ඔහු බොහෝ දුරට ග්‍රාම්‍ය මෙන්ම පසුගාමී අදහස්වලින් පිරි ඉතාමත් පසුගාමී අදහස්වලින් යුතු කෙනෙකි. නිල් වර්ණය ශනි හෙවත් සෙනසුරු ග්‍රහයාට අයත් වර්ණයකි. ඇය හෝ ඔහු බොහෝ විට වංක අදහස්වලින් යුක්ත විය යුතු ය. ගණ යහපත්, වාසනාව්ත කර්ම අතින් ඉතාමත් අඩු වනු ඇත. එමෙන්ම ඉතාමත් මන්දගාමී කෙනෙකු විය යුතු ය.

ඔබේ ආදරණීය පෙම්වතා හෝ පෙම්වතිය බෙහෙවින් ඇලුම් කරන්නේ කලු හෝ දුඹුරු පාටට නම් ඇය හෝ ඔහු බොහෝ දුරට සෘණ ආකල්ප හා මලානික වංචනික අදහස්වලින් පිරි ඉතාමත් අවංක ගුණ යහපත්කම්වලින් අඩු කෙනෙකු විය යුතු ය. නමුත් ඔහු හෝ ඇය යම් පමණකට වාසනාවන්ත එමෙන්ම කරුණාවන්ත කෙනෙකු විය යුතු ය. කලු වර්ණය රාහු ග්‍රහයාට අයත් පාටකි.

ඔබේ ආදරණීය පෙම්වතා හෝ පෙම්වතිය බෙහෙවින් ඇලුම් කරන්නේ දම් වර්ණයට නම් ඇය හෝ ඔහු බොහෝ දුරට සෞම්‍ය අදහස්වලින් පිරි ඉතාමත් අවංක ගුණ යහපත්, වාසනාවන්ත එමෙන්ම ඉතාමත් කරුණාවන්ත කෙනෙකු විය යුතු ය.

ඔබේ ආදරණීය පෙම්වතා හෝ පෙම්වතිය බෙහෙවින් ඇලුම් කරන්නේ දම් වර්ණයට නම් ඇය හෝ ඔහු බොහෝ දුරට සෞම්‍ය අදහස්වලින් පිරි ඉතාමත් අවංක ගුණ යහපත්, වාසනාවන්ත එමෙන්ම ඉතාමත් කරුණාවන්ත කෙනෙකු විය යුතු ය.

ඔබේ ආදරණීය පෙම්වතා හෝ පෙම්වතිය බෙහෙවින් ඇලුම් කරන්නේ තැඹිලි පාටට නම් ඇය හෝ ඔහු බොහෝ දුරට සෞම්‍ය අදහස්වලින් පිරි ඉතාමත් අවංක ගුණ යහපත්, වාසනාවන්ත එමෙන්ම ඉතාමත් කරුණාවන්ත කෙනෙකු විය යුතු ය. ධාර්මික අදහස්වලින් පිරි ආගමට දහමට ලැදි ඉතාමත් අවංක ගුණ යහපත්, වාසනාවන්ත එමෙන්ම ඉතාමත් අහිංසක කෙනෙකු විය යුතු ය.

 

ඡ්‍යොතිෂවේදී, බණ්ඩාරගම

සම්පත් එස්. කල්පගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.