ළදරුවන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය වී නිරෝගීතාවය ගෙන දෙන දෙසඳුන් කල්කය

අගෝස්තු 13, 2021

 

 

රත කල්කය, දෙසඳුන් කල්කය හා කොත්තමල්ලි කල්කය, යනුවෙන් හඳුන්වන රතකල්කය ළදරුවන්ට දීමෙන් ප්‍රතිශක්තිය වර්ධනය වන අතර, අස්ථින්ද වර්ධනය වේ. ලේ පිරිසිදුකර සමේ හට ගැනෙන රෝග ද වළක්වාලයි. මළ බද්ධය නසන අතර, මොළයේ වර්ධනය ද ඇති කරයි. හෘදයට ද යහපත් වන අතර, මූත්‍ර පිටකිරීමට ද පහසු කරයි. ශ්වසන රෝග නසන අතර, ආහාර රුචිය ඇති කරයි.

 

මව්කිරි දෙන කාලය තුළ රක්තය හා පිත දූෂණය වන අතර, ආහාර පාන ගැනීමෙන් මව්කිරි බොන දරුවාට මවගේ රක්තය දූෂණය වීමෙන් රතගාය ඇතිවිය හැකිය. මාස හය ඉක්මවූ දරුවන්ට අමතර ආහාර දරුවාගේ රක්තය දූෂණය වීමට ඉවහල් වුවහොත් එයින්ද රතගාය ඇතිවේ.

 

රතගායේ ලක්ෂණ

 

බිළිඳාගේ සිරුර රතු පැහැ ගැන්වීම නිතර නිතර කෙඳිරිගෑම අතීසාරය හා මළබද්ධය ඇතිවීම මළ සමඟ ලේ පැවතීම , බඩ වැල පහත්වීම, දිව රත් පැහැවීම, දිවෙහි මැලියම් බැඳීම , නිතර නිතර දිව එළියට දැමීම, සම මතුපිට රතුපාටට බිබිලි මතුවීම , සැරව සහිත බිබිලි හට ගැනීම මෙන්ම රතගාය පවතින විට දරුවා ඉතා උණුසුම්ව තද පාටින් මූත්‍ර පිටකිරීම හිසෙහි තද රස්නයක් පැවතීම හා දහඩිය දැමීම ද වේ. බඩ පුරවා දැමීම ද සිදුවේ.

කිරි උරා බීමට ද කැමැත්තක් නොදක්වයි. රතගාය මවට ද සම්බන්ධ බැවින් මවත් දරුවාත් යන දෙදෙනාම රතරෝගයෙන් වැළකීමට ක්‍රියා කළ යුතුය. රත රෝගය බිළිඳාට වැලඳීමට හේතුව වන්නේ මවුකුස තුළදීම ය.

මේ නිසා ගැබිනි මව ගැබට මාස හයක් වූ දින පටන් අධික තෙල් සහිත ආහාර තක්කාලි අච්චාරු, ඉස්සන්, බලමාළු, හුරුල්ලන් , දෙල්වැනි රක්තය දූෂණය වන ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතුය. එළකිරි පානය කිරීම , පලාවර්ග කෑම දිනපතා ඉදුණු ගස් ලබු කෑම, ස්නානය කිරීම , අව්වේ ගමන් නොයෑම ආදි කරුණූ ගැන සැළකිලිමත්වීම රත රෝගයෙන් වැළකී සිටීමට හේතුවේ.

 

රත කල්කය

 

රත කල්කයට ගන්නා ඖෂධ බොහෝ ගුණාත්මක ඒවාය. කොල්ලු, ශරීර වර්ධනයට හේතුවන අතර සවිඳලුණු ,බඩබුරුල් කිරීමට හේතුවේ. සඳුන් වලින් සිරුර දීප්තිමත් වේ. මී පැණි දීර්ඝායුෂ ලබාදෙන ප්‍රබල ඖෂධයකි. සුදුහඳුන් කටුකයි. තිත්තයි වීර්ය වඩයි. ශීතලයි, කෂටයි. කාන්තිය ගෙන දෙයි. කැස්ස ඇති කරයි. රළුයි, පිත කරකැවිල්ල, උණ, වමනය , පිපාසාව , පණුවන් නාසය දාහය, විඩාව , මුඛ රෝග, ලේ දොස් සහ වියළීම නැති කරයි. රත්සඳුන්, රක්තවන්දන මතීච ශීතලං තික්ත ලක්ෂණා භදාසු දොෂනුත්

වාත පිත්ත කඵ කාසයංජවර ග්‍රාන්තිජන්තු වමථු තෘෂාපයම්

රත්සඳුන් ඉතා ශීතලයි, තික්තයි, ලේ දොස් නැති කරයි. වාතය පිත සෙම කැස්ස සහිත උණ, කැරකැවිල්ල, පණුවන් වමනය, සහ පිපාසාව නැති කරයි.

රත්සඳුන් නොමැතිවූ විට ඒ වෙනුවට අලුත් සුවඳ හොට හෙවත් සැවැන්න මුල් ගැනීම ශාස්ත්‍ර නියමය බව සඳහනි.

 

දෙහි

නිම්බුථලං ප්‍රථිතම මලරසං කටුෂණං

ගුල්මාං මවාතහරම ගනි විවෘධිකාරි

චක්ෂු්‍ය මෙත ද ‘ථ කාෂ කථාර්ත්ති කණ්ඩු

විච්ඡද හාරි පරිපඣම තීව රුව්‍යම්

දෙහි ගෙඩි ඇඹුලයි කටුකය, උෂ්ණයි, ගුල්මය සහ ආමවාතය නැති කරයි. ගිනි වඩයි. ඇසට හිතයි. සෙම කැසීම සහ වමනය නසයි. ඉදුණු ගෙඩි ඉතාමත් රුචිකයි.

 

වදකහ

 

වවො ග්‍රහන්ධා කටුකා තික්තොෂ්ණා වාහිනිවහනිකෘත්

දීපනී වාක්පුදා කණ්ඨ්‍යා ශකෘත් මූත්‍ර විශෝධනී

විබන්ධාධමනි ශුලඝ්නී ශොථ වාතජ්වරා පභා

අපස්මාර තථොන්මාද භූතජන්නව නීලා හරෙත්

වදකහ තද සුවඳකින් යුක්ත වේ. කටුකයි. උෂ්ණයි වමන කරයි. ගිනි වඩයි. කථා කිරීමට ශක්තිය ගෙන දෙයි. උගුරට හිතයි. මළ මූත්‍ර බද්ධය රුජා ඉදිමුම වාතජ්වරය අපස්මාරය සෙම උමතුව අමනුෂ්‍ය දොස් පනුවන් සහ වාතය නැති කරයි.

 

සහිඳ ලුණු

 

සහිඳ ලුණු රුචිකරයි. වීය¸වඩයි ඇසට හිතයි ගිනිවඩයි. පිරිසුදුයි. යහපත් වෙයි. සැහැල්ලුයි. සිනිඳුයි යහපත් වෙයි. පැසවීම කරයි. ශීතලයි.

දැවිලි නොකරයි. සියුම් වෙයි. හෘදයට හිතයි. තුන්දොස් නැති කරයි. වණ මල වේලීම සහ හෘද රෝග නැති කරයි. කොල්ලු ,කොල්ලු ගුණ, රස, කෂාය, ගුණ ලඝු රුක්ෂ හා තීක්ෂණ වීය¸ උෂ්ණ විපාක , කටුක මූත්‍රාශ්මරී දියකිරීම හා සන්නිපාත ජ්වරයේ අතිස්වේද මර්දනය, රතකල්කය සඳහා කොල්ලු වැල්මී රත්හදුන් , සුදුහඳුන් හා වදකහ යන ඖෂධ වර්ග සමාන බරකින් ගත යුතු අතර, සවිඳ ලුණු ඉහත සඳහන් ඔසු සියල්ලේම බරට සමානව ගත යුතුය. ඔසු කබලක රත්කර සියුම් ලෙස කුඩුකර හලා සවිඳ ලුණු එක්කර දෙහි ඇඹුලින් අනා කල්ක පදම් වන තෙක් දෙහි ඇඹුලින්ම අඹරා ගත යුතුය. මේ සඳහා දෙහි යුෂ මෙන්ම ඇඹුල් දොඩම් යුෂද සමහර අවස්ථාවලදී එක්කර ගනී. මෙය දින කීපයක් දෙහි යුෂින්ම තැම්බෙන්නට දින කීපයක් තබා සකස් කරගන්නා අවස්ථාද ඇත.

 

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් එම්. පී. රාජපුර

 

 

සටහන මධ්‍යවේදී

බී. ඇල් පේ‍්‍රමරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.