විවිධාකාර කාන්තා රෝග ගැටලු හා ඊට ප්‍රතිකාර

අප්‍රේල් 2, 2021

දරුඵල නැති අයට හාතාවාරිය ඖෂධය අද බොහොමයක් කාන්තාවෝ විවාහයෙන් පසු දරුඵල නොමැතිවීම නිසා මහත් කණස්සල්ලෙන් පසුවන අතර, ඒ සඳහා යන්ත්‍ර මන්ත්‍ර, බලි තොවිල්, විශ්වශක්ති හා විවිධ ප්‍රතිකාර ක්‍රම ආදියෙහි පිහිට පතමින් සිටිති.

කාන්තාවන්ගේ ඩිම්බ ශක්තිමත් කිරීම තුළින් ගැබ් ගැන්වීමට දේශීය ආයුර්වේදයේ ඉපැරණි ඖෂධ භාෂිතය තුළින් සාර්ථක ප්‍රතිකාර ක්‍රම අනුගමනය කර දරුඵල ඇති කරලීමට සමත්වීම සතුටට කරුණකි. හාතාවාරිය ශාකය මෙහිදී ප්‍රබල දායකත්වයක් උසුලයි.

ආයුර්වේදයේ මෙම හාතාවාරිය ශාකය හඳුන්වනු ලබන්නේ සියලු බෙහෙත් පැළෑටි අතර අගරැජින ලෙසයි. එහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ඒඵනචපචඨභඵ අචජඥථධභඵභඵ වශයෙනි.

අතීතය පිළිබඳව සොයා බැලීමේදී වසර දහස් ගණනකට පෙර සිටම හාතාවාරිය ඇසුරෙන් කාන්තාවන් ගැබ් ගැන්වීම සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම සිදුකර තිබේ. එය ආහාර ජීර්ණ ක්‍රියාවලියටත් විශේෂ වශයෙන් සහාය දක්වන අතර, තරුණ කාන්තාවන්ගේ පමණක් නොව මැදිවියේ කාන්තාවනුත් ගැබ් ගැන්වීමට මෙම හාතාවාරිය ශාකය භාවිතයට ගෙන ඇත.

කාන්තාවන්ගේ මාසික ආර්ථවය අක්‍රමවත් අවස්ථාවලදී එය ක්‍රමවත් කිරීම සඳහා හාතාවාරිය දිව ඔසුවක් හා සමාන බව කිව යුතු ය.

හාතාවාරිය මවගේ සිරුර තුළ කිරි නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කරයි. මූත්‍ර බොක්කේ හටගනු ලබන ආසාදන තත්ත්වයන් සුවපත් කරවයි. ස්වසන පද්ධතිය තුළ තෙතමන ගතිය පවත්වාගෙන යමින් ශ්වසන ක්‍රියාවලිය නියමාකාරයෙන් පවත්වාගෙන යාමට හාතාවාරිය ප්‍රබල දායකත්වයක් උසුලනු ලබයි. ශරීර ශක්තිය ලබා දෙන ශක්තිජනකයක් ලෙස ක්‍රියා කරයි. ප්‍රතිශක්තිකරණය ප්‍රාණවත් අයුරින් තබා ගනී. බඩවැල්වල නිසි ක්‍රියාකාරිත්වය ඇති කරවයි. ශරීරයේ විෂ නසන ගතියකින් ද යුක්තයි.

එපමණක් නොව වකුගඩු ආබාධ පවා සුවකරවන අතර, උදරයේ හටගනු ලබන ගෙඩි, පිළිකා සමනය කරවයි. ඩිමෙන්ෂියා, බ්රොන්කයිටිස් හා දියවැඩියාව පවා වැළැක්වීමේ හැකියාවක් හාතාවාරිය සතු වෙයි.

එබැවින් හාතාවාරිය කැඳ සාදා බීම අතිශය ගුණදායකයි. ඉන්දියානු පැරණි ආයුර්වේද ක්‍රමයට අනුව එරට බොහෝදෙනා හාතාවාරිය මල් වියළාගෙන කුඩු කර එයින් තේ හැන්දක් උතුරන ජලය කෝප්පයකට දමා විනාඩි 5 ක් පමණ වසා තබා කිරි දෙන අම්මලාට දවසක් හැර දවසක් පානය කිරීමට සැලැස්වීමෙන් කිරි එරීම වේගවත් කරවන බව ප්‍රකාශ වේ.

ස්ත්‍රීන්ගේ වෙනත් රෝග සඳහා

යෝනි කණ්ඩු රෝගය හෙවත් යෝනි කැසීමේ රෝගය ශරීරයේ ඉතාම සංවේදී ප්‍රදේශයක් වන යෝනි ප්‍රදේශය කැසීමට ලක්වීමක් සිදුවුවහොත් එය බරපතළ මානසික අර්බුදයකට පවා මංපෙත් විවර කරවන්නකි. ඇතැම් අවස්ථාවල සමහර තැන් පිහියෙන් කපනවා වැනි අධික වේදනාවක් ගෙන දෙයි.

යෝනි කණ්ඩු රෝගය සඳහා ක්ෂුද්‍ර ජීවි ආසාදන මෙන්ම නොයෙකුත් අසාත්මික ක්‍රියාවන් හේතු වෙයි. ක්ෂුද්‍ර ජීවි ආසාදන යටතේ බැක්ටීරියා හා දිලීර මඟින් ඇති කරනු ලබන ආසාදන දැක්විය හැකිය. අසාත්මිකතා යටතේ යෝනි මාර්ගයේ ආලේප කරන විවිධාකාර ඖෂධ වර්ග, උපත් පාලන ක්‍රම හා ඖෂධ, සංසර්ග ක්‍රියාවේදී ඇතමුන් විසින් භාවිත කරනු ලබන නොයෙකුත් ක්‍රීම් වර්ග හා ආලේපන ආදිය ද සුවඳ විලවුන් ගැල්වීම වැනි ක්‍රියාවන් මඟින් ඇතිවන අසාත්මිකතා ද සඳහන් කළ හැකි ය.

මීට අමතරව යෝනියේ ශ්ලේෂ්මල ශ්‍රාවය අධික වීම නිසා ද යෝනි ප්‍රදේශයේ රුධිර නාළිකා විස්තාරණය වීම නිසා ද ගර්භාෂයේ විකෘතිතා සමඟ සංසර්ග ක්‍රියාවට ලක්වීම හේතුවෙන් ද, මූත්‍ර මාර්ගයේ හා ගුද මාර්ගයේ ගෙඩි හෝ පිළිකාමය තත්ත්ව පවතින විටදී ද වැඩිහිටි කාන්තාවන් ආර්ථවහරණයට ලක්වන කාලයේදී ද, යෝනි කණ්ඩු රෝගය හෙවත් යෝනිය කැසීමේ රෝග තත්ත්වය ඇතිවිය හැකිය.

බොහෝවිට එකම ඉරියව්වක සිටීමත්, දවසේ වැඩි වේලාවක් කටයුතු කිරීමට සිදුවන හා ලැබෙන සුළු විවේකයේදී පවා අත්‍යවශ්‍යයෙන්ම පිරිසුදු කර ගත යුතු රහස්‍ය ස්ථාන කෙරෙහි සැලකිල්ලක් අවධානයක් යොමු නොකරන කාන්තාවන්ට මෙන්ම දිනපතා වියළි හා පිරිසිදු යට ඇඳුම් ඇදීමට නොහැකිවන කාන්තාවන්ට මෙම රෝගය සෑදීමේ වැඩි ඉඩකඩක් පවතී.

මෙම රෝගය ඇතිවන්නේ යෝනියෙන් පිටත ය. සමහර කාන්තාවන්ට කැසීම පමණක් ඇතිවන අතර, සමහර කාන්තාවන්ට කැසීමෙන් පසු පූයාශ්‍රවය හෙවත් සැරව වැගිරීමක් ද ඇතිවේ. කැසීමෙන් පසු ඇතිවන වේදනාව විවිධාකාර විය හැකි ය. කැසීම හේතුවෙන් දැවිල්ල ද, ඉදිමුම ද, බිබිල සෑදී සැරව වැගිරීම ද සම වියළි නම් කොරපොතු මෙන් සම ගැලවී යාම ද, ඇතිවිය හැකි ය.

මෙම රෝගී තත්ත්වය අධිකව දහදිය දමන තරබාරු කාන්තාවන්ට වැළඳුණු විටදී ඉතා වේගයෙන් රෝග ලක්ෂණ උත්සන්න වීමත්, වඩා අපහසුතාවකට ලක්වීමත් සිදුවිය හැකි ය. සාමාන්‍යයෙන් තෙත් ගතිය අධික වීම වර්තමාන නොයෙකුත් ආසාදනයන් ඇතිවීමට රුකුලක් ද වේ.

විශේෂයෙන් යෝනියේ කැසීමේ රෝගය ඇති නොවී ඉන් වැළකී සිටීම සඳහා යෝනිය හා ඒ අවට ප්‍රදේශය පිරිසුදුව හා වියළිව තබා ගැනීමට කටයුතු කළ යුතුයි. යෝනියේ හා ඒ අවට ප්‍රදේශයේ කැසීම, ඉදිමීම, බිබිලි සෑදීම වැනි රෝග ලක්ෂණ හෝ වෙනත් අසාමාන්‍ය බවක් දැනෙයි නම් ඒ සඳහා වෛද්‍ය උපදේශවලින් තොරව කිසිදු ආලේපයක්, ක්‍රීම් වර්ගයක් හෝ දියරමය වෙනත් ඖෂධයක් හෝ කිසිසේත් භාවිත කිරීම නුසුදුසු ය. යෝනිය අධි සංවේදී ඉන්ද්‍රියක් වන බැවින් සමහර රසායනික සංයෝග සහිත ක්‍රීම් වර්ග ආලේප කිරීම මඟින් එහි සංවේදී බවට හානි සිදු වී ඔබගේ වින්දනාත්මක තෘප්තිය හෙවත් සුරතාන්තයට පත්වීම ගැටලු සහගත විය හැකි ය.

එමෙන්ම රසායනික ද්‍රව්‍ය හේතුවෙන් පසු කාලයේදී ඇතිවිය හැකි ආබාධ තත්ත්වයන් කවරේද යන්න පිළිබඳව ද නිශ්චය කළ නොහැක.

ස්වභාවික ශාකසාර ඖෂධ සමඟ නිවැරැදි ආයුර්වේද ප්‍රතිකාර වෙත යොමු වීමෙන් යෝනිය කැසීම හෙවත් යෝනිකණ්ඩු රෝගය යටපත් කිරීමක් හෝ පසු ආබාධ තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නොමැතිව දීර්ඝකාලීන සුවයක් සලසා ගැනීමක් කළ හැකිය.

යෝනි දැවිලි සඳහා

අශෝක කොළ තම්බා සීනක්කාරම් දමා එයින් යෝනිය ඉතා හොඳින් සේදීම සුදුසුයි.

යෝනි මාර්ගයෙන් දුග ද දියර පිටවීම – වැල්පෙනෙල, පොල්පලා, ඉඟිනිඇට, රසකිඳ කලන් 3 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳුවා පෙරා සීනි එළඟිතෙල් දමා උදේ, සවස පත භාගය බැගින් දින 6 ක් පානය කරන්න.

ඊටම – නෙළුම් අල, අළු කෙසෙල් අල, ඉරමුසු , වැටකේ බොඩ යන මේවායින් කලන් 3 බැගින් ගෙන කෂාය කර උදේ සවස දින 6 ක් පානය කරන්න.

ඊටම – නෙළුම් අල, අළු කෙසෙල් අල, ඉරමුසු , වැටකේ බොඩ යන මේවායින් කලන් 3 බැගින් ගෙන කෂාය කර උදේ, සවස දින 6 ක් පානය කරන්න.

ඊටම – කළු උක් මද, පොල්පලා, ඉඟිනි ඇට කලන් 4 බැගින් ගෙන කෂාය කර සීනි මී පැණි දමා උදේ, සවස දින 6 ක් පානය කරන්න.

ගර්භාෂයේ අධිකව ලේ යාමේදී සුදයාමේදී සහ ඔසප් කැක්කුමට – අශෝක පොතු කලන් 12 කෂායට වතුර පත 7 ක්, කිරි පත එකක් දමා එකට සිඳ දෙවේලට බොන්න.

ස්ත්‍රීන්ගේ ප්‍රජනන පද්ධති ආශි‍්‍රත රෝග සඳහා – මී මල් තම්බා හොඳින් මිරිකා ගෙන ඒ ඉෂ්ම හොඳින් හින්දන කොට මී පැණි (මී ශාකයේ පැණි) මතු වේ. එම පැණි පානය කරන්න.

ඊටම – ඇඹරැල්ලා පොතු කෂාය පානය කරන්න.(උදේ, සවස පත භාගය බැගින්)

දරු සම්පත් නැති අයට (කෙමක්) – නෙළුම් ඇට කුඩුකර එය හාල් සේදූ වතුර ජෝගුවකට දමා පානය කිරීමෙන් දරුඵල ලැබිය හැකි බව පැරණි ආයුර්වේද මතයකි.

ගැබිනි මව්වරුන්ගේ උදෑසන වමනයට – කරපිංචා කොළ, ඉෂ්ම, දෙහි ඇඹුල් හා සීනි මිශ්‍ර කර වරින්වර දිවේ ගෑම සුදුසුය.

මෙම තෙල් වැඩිපුර කෑමෙන් වන වමනයට සහ බඩ පුරවා දැමීමට ද ගුණදායකය.

තනකිරි වැඩීමට – දරුවන් ප්‍රසූත කළ මවුවරුනට තනකිරි අඩුවූ විට හෝ කිරි නැතිව ගිය විට කංකුන් මැල්ලුම හෝ ව්‍යඤ්ජනය කෑමට දීමෙන් තනකිරි වැඩි වේ.

කිරි එරීමට – ගිරා පලා කඩාගෙන සාමාන්‍ය පලා මැල්ලුමක් මෙන් සකස් කරගෙන දිනපතා ආහාරයට එක්කර ගන්න.

ඊටම – මී මල් ස්වල්පයක් මුට්ටියකට දමා එයට වතුර පත 4 ක් මිශ්‍ර කර පත එකට සිඳුවා කිරි දෙන මවුවරුන් උදේ සවස පත භාගය බැගින් පානය කරන්න. හොඳින් කිරි එරේ.

කිරිනළ හිරවීමෙන් ඇතිවන පයෝධර වේදනාවට ) රත්කර ගත් බුලතකින් තවන්න

ගර්භාෂ ගෙඩි සුව කිරීමට, අධික රුධිර වහනය නැති කිරීම ආදි ස්ත්‍රී රෝග සඳහා

අශෝක පොතු ග්‍රෑම් 60 ක් ගෙන ඒවා මුට්ටියකට දමා ඊට වතුර පත 8 ක් දමා එය පත 01 ට සිඳ ගෙන උදේට පත භාගයයි සවසට පත භාගයයි බැගින් දින කිහිපයක් පානය කරන්න. ඒවගේම අශෝක පොතු මදක් වියළා හොඳින් කුඩුකර ගෙන කෝපි වගේ පානය කිරීමත් ගුණදායකයි.

තන පුඩු වණ වීමට – තල, වැල්මී, රණවරා දලු, එළකිරෙන් අඹරා ආලේප කරන්න.

කාන්තාවන්ගේ මුහුණේ රෝම වැටීමට

කඩල පිටි, කිරි යොදය, කහ ස්වල්පයක් සමඟ මිශ්‍ර කර මුහුණේ අධික ලෙස රෝම ඇති තැන්වල හොඳින් ආලේප කරන්න. පැය කිහිපයකින් පසු එය ඉවත් කරන්න. ක්‍රමයෙන් රෝම ඉවත්වනවා පමණක් නොව මුහුණ ද පැහැපත් කරවයි.

ගර්භණී කාන්තාවන්ගේ රෝග වැලදීමේ අවදානම අඩු කිරීමට කෂායක්

ධාන්‍යාදී පංචක කෂාය ඉතාම යෝග්‍යයයි. කොත්තමල්ලි, ඉඟුරු, කලාඳුරු අල, ඉරිවේරිය, බෙලිමුල් ආදිය ග්‍රෑම් 12 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පෙරා පානය කරන්න.

දරුවා බිහිවීම පහසු කරවීමට

ගිතෙල් වෙඬරු , එළකිරි සහ සීනි සමව ගෙන කාලක් පමණ පොවන්න. දරුවා බිහි වේ. වෙව්ලීම හැරේ.

ඊටම – කළු උක්පැණි සහ තැඹිලි වතුර පත බැගින් ගෙන තල තෙල් කලන් 3 ක් ඊට වත්කර කලතා පොවන්න. රුදාව වැඩිවී දරුවා බිහිවෙයි.

ඊටම – වැල්මී උණුදියෙන් අඹරා එයින්ම දියකර පොවන්න. රුජාව වැඩිවී දරුවා බිහි කරයි.

ඊටම – එළකටරොළු මුල් අඹරා ගිතෙලින් හෝ ජලයෙන් බීමට දෙන්න. පෙකණියේ ගාන්න. ඉක්මනින් දරුවා බිහිවෙයි.

ඊටම – නික කොළ යුෂ තලතෙල් මුසුකර දීමෙන් දරුවා බිහිකිරීම කඩිනම් කරවයි.

නිරන්තර ගබ්සාවීම් ඇති අයට – වෛද්‍ය උපදෙස් අනුව මයිල් මල් සහ පොතු තම්බා පානය කරන්න.

කිරි එරීමට – හාතාවාරිය අල, සැවන්දරා මුල්, උක්දඬු , බැබිල මුල් , මී මල්, වැල්මී, ඉරමුසු මුල්, කිරි අගුණ, කලන් එකහමාර බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පෙරා උදේ සවස දෙනු. හැලි 4 යි. හොඳින් කිරි එරේ.

කාන්තාවන්ගේ අධික රුධිර වහනයට හා වේදනාවට – අළු කෙසෙල් අල, අත්තික්කා පොතු, තැඹිලි මුල්, කොටා වණ්ඩුවේ තම්බා මිරිකා පෙරා ගත් යුෂයට මී පැණි දමා බොන්න.

යෝනි ප්‍රදේශයේ කැසීමට – තිබ්බටු ගෙඩි, වියළි කහ, වෙනිවැල් ගැට මේවා ඇල්දියෙන් අඹරා ගාන්න. එම ඖෂධ චූර්ණ කොට ගිනි අඟුරුවලට දමා දුම් අල්ලන්න.

වැදූ ගෙයි සන්නියට – ඉඟුරු, සුදුලූනු තලා නෂ්‍ය කරන්න. නැතහොත් බීමට දෙන්න.

කුස තුළ වන් මළකුණ වැටෙන්නට – කෝමාරිකා මුල්, නිවිති කොළ දෙවගයේ යුෂ මිරිකා පොවන්න.

දරු උපත් සීමා කිරීමට – බුලත් මුල් සමඟ ගම්මිරිස් හාල් පාණු වතුරින් තම්බා බොන්න.

කාන්තාවන්ගේ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශි‍්‍රතව හට ගැනෙන රෝග සඳහා – මයිල මල් සහ පොතු තම්බා පානය කරන්න.

 

 

 

ආයුර්වේද වෛද්‍ය හා

ඡ්‍යොතිර්විද්‍යා විශාරද

ආචාර්ය

ප්‍රභාත් සී ඒ.ගමගේ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.