කෙඳී සහිත ආහාරවල වැදගත්කම

පෙබරවාරි 5, 2021

පෝෂ්‍යදායක යැයි සැලකෙන ආහාර සම්පූර්ණ පෝෂණයෙන් යුක්ත නැතැයි යන මත බිඳ හෙළීමට දැන් අපට පුළුවන. පෝෂ්‍ය පදාර්ථ ගැන කතා කිරීමේදී මුල්ම තැනට එන්නේ අධි තන්තු හෙවත් කෙඳී බහුල ආහාර වර්ග බව ඔබට මෙහිදී අවබෝධ වනු ඇත.

 

එහෙයින් ඔබගේ හැම කෑම වේලකටම කෙඳී බහුල ආහාරයක් ඇතුළත් කර ගැනීම ඔබගේ ඉලක්කයක් බවට පත්කර ගන්න. එසේ කියන්නේ “බී” ගණයේ පෝෂ්‍ය පදාර්ථ හඳුනාගත් බෲක් ඇල්පර්ට්ය. එහෙයින් අපි ඊට අදාළ විශේෂ ආහාර වර්ග 10ක් තෝරා ගත්තෙමු. සැබෑම පෝෂණයෙන් යුත් එම අගයන් වර්ග බොහෝ කාලයක් පූර්ණ පෝෂණයෙන් යුතුව සිටීමට ඔබට උපකාරි වෙයි.

 

ඕට් මුසු ආහාර (ර්‍ණචබථඥචත)

ඔබගේ උදය ආහාර වේලට අධි තන්තු සහිත ඕට් නමැති ධාන්‍ය එකතුකර ගැනීමෙන් උදේ 10 ට පමණ අමතර කෑම වේලක් ගැනීමට ඔබට ඇතිවන ආහාර අවශ්‍යතාව වළක්වා ගත හැකිය. ඕට් ධාන්‍ය පැකට්ටුවක තන්තු ග්‍රෑම් හතරක් අඩංගුය‍. අතිරේක පෝෂණ සාධකයක් වශයෙන් කොලෙස්ටරෝල් මට්ටම නිසි පරිදි පාලනය කිරීමේ ශක්තියක් ඕට්ස් ධාන්‍යයේ ද්‍රාව්‍ය තන්තුවල තිබේ. එමෙන්ම ඔබ තෘප්තිමත්ව තැබීමේ ශක්තියත් එහි ද්‍රාව්‍ය තන්තුවල ඇතුළත් වේ.

 

අලිගැටපේර (ඒමධජචඤධ)

අලිපේරවල සන්තෘප්ත මේද අධි මාත්‍රාවක් අඩංගු බව ඔබද දන්නවා ඇත.එමෙන්ම එහි තන්තුද ඉතා විශාල ප්‍රමාණයක් අඩංගු වේ. අලිපේර ගෙඩියක පූර්ණ පෝෂ්‍ය පදාර්ථ ග්‍රෑම් 13.5 පමණ අඩංගු වේ.

 

ධාන්‍ය වර්ග (ඹ්ඥදබඪතඵ)

පරිප්පු ආදී ඇට සහිත ධාන්‍ය වර්ගවල ප්‍රෝටීන් හා තන්තු ඉතා බහුලව අඩංගු වන හෙයින් ඒවායේ පෝෂණ ගුණය අනෙක් වර්ගවල මෙන් දෙගුණයක් බව හෙළිදරව් වී ඇත.

සාමාන්‍ය අඬු කෝප්පයක අල්ලන ධාන්‍ය ප්‍රමාණයෙහි තන්තු ග්‍රෑම් 15.6 ක් හා ප්‍රෝටීන් ග්‍රෑම් 18.0 ක්ද අඩංගු වෙයි.

 

කොළ ගෝවා (ම්චතඥ)

මෙය අධිතන්තු සහිත විශිෂ්ට ආහාරයකි. මේ තද හරිත වර්ණ, විශිෂ්ට පෝෂ්‍යදායක ද්‍රව්‍ය ප්‍රතිඔක්සිකාරක වලින්ද අනූනය. අඬු කෝප්පයක් තරම් බඳුනක අල්ලන ගෝවා කොළ ගොන්නක තන්තු ග්‍රෑම් 4.8 ක් අඩංගු වෙයි.

රට ඇඹිල්ල (අචඵනඡඥපපඪඥඵ)

රට ඇඹිල්ල ඵලයේ අඳුරු පැහැයම එහි අඩංගු තන්තුවලට උඩින් ප්‍රතිඔක්සිකාරක තැන්පත්ව තිබෙන බව දක්වන සංකේතයක් වේ.

එහි විටමින් සී ද විශාල ප්‍රමාණයක් තිබේ. එය අධික සීනි ප්‍රමාණයක් නොවන අතර අඬු කෝප්ප භාගයක තරම් රට ඇඹිල්ල ප්‍රමාණයක තන්තු ග්‍රෑම් 8 ක් අඩංගුය.

 

පෙයාර්ස් (ර්‍ථඥචපඵ)

මධ්‍යම ප්‍රමාණයේ පෙයාර්ස් ඵලයක තන්තු ග්‍රෑම් 5.5 ක් අඩංගු වන අතර මෙය හැම විටම ඉතා සරු පෝෂණ පදාර්ථයකි.

 

ඇපල් (ඒනනතඥ)

මෙයද ප්‍රණීත රසයෙන් මෙන්ම පෝෂණ ගුණයෙන්ද පොහොසත් තවත් හොඳ විකල්ප පලතුරකි. විශේෂයෙන්ම ඔබට දිව රස ගන්වන කට ගැස්මක අවශ්‍යතාවයෙන් පෙළෙන අවස්ථාවකට මැනවින් ගැළපෙන ඇපල් වල ග්‍රෑම් 4.4 ක් පමණ තන්තු අඩංගුය.

 

බාර්ලි (ඕචපතඥර)

බාර්ලි වැඩිම තන්තු ප්‍රමාණයක් අඩංගු ධාන්‍ය වර්ගයකි. තම්බන ලද බාර්ලි කෝප්පයක තන්තු ග්‍රෑම් 6 ක් අඩංගු වෙයි. එය ආහාර වේලක අතිරේක ආහාරයක් වශයෙන් හෝ සුප් හා සලාදවල අඩංගු ද්‍රව්‍යයක් වශයෙන් හෝ යොදා ගැනීමටද හැකිය.

 

කැරට් (ඛ්චපපධබ)

ඔබගේ පුෂ්ටිමත්භාවයට උපකාරි වන පෝෂණ සාධකයට අමතරව කැරට් බීටා කැරටීන් නමැති පෝෂ්‍ය පදාර්ථය අතින් ඉතාම ඉහළය. ළපටි කැරට් පානයක් වශයෙන් සකසා ගැනීමටද හැකිය. කැරට් අලයක වඩා මහත පැත්තෙහි තන්තු ග්‍රෑම් 4.5 ක් අඩංගු බවද මතක තබා ගන්න.

කෙඳී සහිත ගමේ එළවළුව - කෙසෙල් මුව

 

පලතුරක් වශයෙන් අපි ගන්නා ඉදුණු සේම කෙසෙල් මුව වෑංජනයටද

බොහෝ දෙනෙක් ප්‍රිය කරයි. කෙසෙල් මුව වෑංජනය තිබ්බටු, හාල් මැස්සන් ආදිය සමඟද මිශ්‍ර කොට රසවත්ව පිසගත හැකිය. කෙසෙල් මුවය ඇතුළත පිහිටන මල් නළයක හැඩයක් (ටෝර්පිඩෝ) ගන්නා අතර ඒවා එකිනෙකට සම්බන්ධ වී ඝන ඇළෙන සුලු පෙති වලින් රවුමට එතී ඇත. අමුවෙන් ආහාරයට ගත් විට එහි තිත්ත රසයක් ඇත. පිසූ කෙසෙල් මුව, සූරියකාන්ත කොළවල රසයට සමාන වේ.

කෙසෙල් මුව ග්‍රෑම් 100 ක අඩංගු පෝෂණය.

මැංගනීස් මිලිග්‍රෑම් 2117

කොපර් මිලිග්‍රෑම් 1444

යකඩ මිලිග්‍රෑම් 705

‍තන්තු ග්‍රෑම් 15

පොටෑසියම් ග්‍රෑම් 11

කෙසෙල් මුව වල ගුණ.

බෝවන රෝග වලින් වැළකීමට ඉතාම සුදුසුය.

කෙසෙල් මුව සතුව බෝවන රෝග වැළැක්වීමේ හැකියාව පවතී. එහි මල් ඉතා සුළු වශයෙන් එතනෝල් වලින් සමන්විත වන බැවින් සමහර බැක්ටීරියාවන්ගේ වර්ධනය වළක්වාලයි. එමෙන්ම තුවාල සුව කිරීමේ හැකියාවද ඇත. කෙසෙල් මුවවල සාරය මැලේරියා පරපෝෂිතයන් වර්ධනය වීම වළක්වයි. ලේ මද බව සහ දියවැඩියාව මර්දනය කරයි.

කෙසෙල් මුව තන්තු සහ යකඩවලින් පොහොසත් ආහාරයකි. එහෙයින් එයට රුධිරයේ ඇති රතු රුධිරාණු නිෂ්පාදනයට දායක වීමේ හැකියාව ඇත. කෙසෙල් මුව තම්බා හෝ මැල්ලුම් ලෙස ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි පරිමාව අඩු කිරීම මෙන්ම හිමොග්ලොබීන් ප්‍රමාණය වැඩි වීමද සිදුවේ. කිරි එරීම වැඩි කරලයි.

කෙසෙල් මුව කිරි දෙන සහ ගර්භණී මවුවරුන්ට ගුණදායක ආහාරයක් වේ. ඒ මඟින් රුධිර වහනය අවම කිරීම, ගර්භාෂයේ මනා පැවැත්ම තහවුරු කරයි. ගර්භණී අවදියේදී ඇතිවන මලබද්ධ වැළැක්වීමට මෙන්ම මව් කිරි එරීම වැඩි කිරීමටද දායක වේ. පිළිකා වැළැක්වීමට උපකාරි වේ.

කෙසෙල් මුව යනු ඇන්ටිඔක්සිඩන්ට් (ප්‍රතිඔක්සිකාරක) අඩංගු ආහාරයකි. ඇන්ටිඔක්සිඩන්ට් මඟින් පිළිකා වැනි ලෙඩ රෝග වළක්වන අතර අකලට වයසට යාම වළක්වයි.

ඔසප් වීම සම්බන්ධ ගැටලු සහ බර අඩු වීම වළක්වයි. කෙසෙල් මුවවලට සිරුරේ ප්‍රොජෙස්ටරෝන් වැඩි කිරීමට හැකියාව ඇත. එහෙයින් කාන්තාවන්ගේ මාසික ඔසප් වීමේදී අධික රුධිරය වහනය අවම කෙරෙන අතර සිරුරේ බර අඩු වීමද වළක්වයි.

විටමින් සහ ඛනිජ ලවණ බහුල ආහාරයකි.

කෙසෙල් මුව විටමින් සී, විටමින් ඒ, විටමින් ඊ වලින් මෙන්ම පොටෑසියම් වලින් පෝෂිත ආහාරයකි. කාංසාව සහ සිතේ වියවුල් බව අඩු කරයි.

කෙසෙල් මුවවල අඩංගු මැග්නීසියම් කාංසාව, සිතේ ඇති වියවුල් බව අඩුකර ගැනීමට උපකාරී වේ.

ගර්භාෂයේ සෞඛ්‍යයට උපකාර කරයි.

කෙසෙල් මුවවල ඇති ඛනිජ ලවණ සහ විටමින් ගර්භාෂයේ මනා පැවැත්මට, ගර්භණී අවදියේදී සහ ඊට පෙර මෙන්ම පසුවද ගර්භණී සෞඛ්‍යයටද උපකාරි වේ.

උදරයේ සහ බඩවැල් සෞඛ්‍යයට උපකාරි වේ.

කෙසෙල් මුව ද්‍රාව්‍ය සහ අද්‍රාව්‍ය තන්තුවලින් සමන්විත වේ. මෙයින් අද්‍රාව්‍ය තන්තු අප ගන්නා ආහාර ජීර්ණයට උපකාරි වේ. අද්‍රාව්‍ය තන්තු මඟින් ජලයේ ද්‍රාවණය නොවූ ජීර්ණය නොවූ ආහාර එකතුකර මළ වශයෙන් පිට කිරීමට උපකාර කරයි.

ස්නායු ආබාධ වළක්වයි. ස්නායු දුර්වලතාවයන් නිසා හට ගන්නා පාකින්සන් රෝගය, ඩිමෙන්ෂියා රෝගයේ ප්‍රභේදයක් වන ඇල්ෂයිමර් වැනි රෝග ඇති වීම කෙසෙල් මුව නිතර ආහාරයට ගැනීමෙන් අවම කරගත හැකියි. කෙසෙල් මුව දරුවන්ට ද වැඩිහිටියන්ට ද සුදුසු ආහාරයක් බව කිව යුතුය.

 

ආයුර්වේද

වෛද්‍යාචාරිනී

දීපිකා උනන්තැන්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.