විවිධාකාර කාන්තා රෝග ගැටලු හා ඊට ප්‍රතිකාර

ජනවාරි 29, 2021

ඩිම්බ කෝෂ පිළිකා හට ගැනීමට බලපාන අවදානම් සාධක කිහිපයකි. නියමිත කාලයට පෙර වැඩිවියට පත්වීම, වයස්ගත වීම, දරුවන් බිහි නොකිරීම, දුම්පානය, තරබාරුකම, සමීප ඥාතියෙකුට පියයුරු පිළිකා හෝ ඩිම්බ කෝෂ පිළිකා හෝ මහබඩවැල ආශි‍්‍රත පිළිකා වැළඳී තිබීම, ඇස්බැස්ටෝස් වැනි රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම වැනි හේතු ඒ අතර ප්‍රධාන වේ.

 

 

ස්ත්‍රීන්ගේ ඩිම්බ කෝෂ පිළිකා

වර්තමානයේ කාන්තාවන් අතර බහුලව දැකිය හැකි පිළිකා රෝගයක් ලෙස ඩිම්බ කෝෂ පිළිකා සඳහන් කළ හැකි ය. ඩිම්බ කෝෂ පිළිකා සහිත රෝගීන් බොහෝ විට දිගු කාලයක් ගතවන තුරු කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරයි. එනිසාම රෝගය හඳුනා ගැනීමට බොහෝ කාලයක් ගත වනු ඇත.

කාන්තා ප්‍රජනන හෝමෝන වන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් නිෂ්පාදනය කරන්නේ මෙම ඩිම්බ කෝෂ මගිනි. එසේම ඩිම්බ කෝෂ මගින් කාන්තාවක වැඩිවියට පත්වූ අවස්ථාවේ සිට ආර්ථවහරණය දක්වා මසකට වරක් ඩිම්බය මගින් මුදා හරියි. මෙය ශුක්‍රාණු සමඟ සංසේචනයක් සිදු නොවුවහොත් ඔසප් වීමක් ලෙස ශරීරයෙන් පිටව යයි.

ඩිම්බ කෝෂ පිළිකා වර්ග දෙකකි. වයස අවු. 50 -60 අතර අයට වැළඳෙන ඩිම්බ කෝෂ පිළිකා සහ වයස අවුරුදු 20 වැනි තරුණ වයස් කාන්තාවන්ට වැළඳෙන පිළිකා වශයෙනි.

තරුණ කාන්තාවන් සඳහා මෙම පිළිකා කාණ්ඩය සුව කළ හැකි වුවත් වයස අවු. 50-60 අයට වැළඳෙන මෙම පිළිකා සුව කිරීම බොහෝ දුරට අපහසු ය. සමහර විට කුඩා දරුවන්ට ද මෙම රෝගය ඇතිවිය හැකිය.

එහි රෝග ලක්ෂණ

සුවිශේෂ වූ ලක්ෂණ නැත. යටි බඩේ කැක්කුම. මුත්‍රා පිටවන වාර සංඛ්‍යාව වැඩිවීම, ගැස්ට්‍රයිටීස් වැනි රෝග ලක්ෂණ මතුවීම , බඩ පිපුම උගුරට ඒම සහ ඔක්කාර ගතිය. බඩ දැවිල්ල. කෑම අරුචිය, සාමාන්‍ය රෝග ලක්ෂණ වේ. වයස අවුරුදු 40 ට වැඩි අයට ගැස්ට්‍රයිටීස් වැනි රෝග ලක්ෂණ තිබේ නම් ස්කෑන් පරීක්ෂණයක් මගින් උදරය පරික්ෂා කර ගත යුතුය.

ඩිම්බ කෝෂ පිළිකා වැලදෙන්නේ ඇයි?

තම පවුලේ කෙනකුට මෙම රෝගය වැලඳී ඇත්නම් ජානමය තත්ත්වයක් මත මෙම රෝගය වැලදිය හැකි ය. මව්කිරි නොබොන එනම් දරුවන් නොමැති කාන්තාවන්ට ඩිම්බ කෝෂ පිළිකා වැළදීමේ ප්‍රවණතාවය වැඩි ය.

ඩිම්බ කෝෂ පිළිකා හට ගැනීමට බලපාන අවදානම් සාධක කිහිපයකි. නියමිත කාලයට පෙර වැඩිවියට පත්වීම, වයස්ගත වීම, දරුවන් බිහි නොකිරීම, දුම්පානය, තරබාරුකම, සමීප ඥාතියෙකුට පියයුරු පිළිකා හෝ ඩිම්බ කෝෂ පිළිකා හෝ මහබඩවැල ආශි‍්‍රත පිළිකා වැළඳී තිබීම, ඇස්බැස්ටෝස් වැනි රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම වැනි හේතු ඒ අතර ප්‍රධාන වේ.

ඩිම්බ කෝෂ පිළිකා වළක්වා ගැනීමට ගත හැකි පියවර

උපත්පාලන පෙති පාවිච්චි කරන අයට ඩිම්බ කෝෂ පිළිකා වැළදීමේ අවදානම අඩු ය. උපත් පාලන පෙති අවුරුදු 05 ක් පමණ පාවිච්චි කිරීමෙන් කාන්තාවන්ට මෙම පිළිකා සෑදීමේ ප්‍රවණතාවය 50% කින් අඩු කර ගැනීමේ හැකියාව පවතී. දරුවන් ඇති කාන්තාවන් අනිවාර්යයෙන්ම මව්කිරි ලබා දීම කළ යුතුයි. ජානමය බලපෑමක් ඇති කාන්තාවන් සැත්කම් මගින් ගර්භාෂය සහ ඩිම්බ කෝෂය ඉවත් කිරීම කළ යුතුය.

ඊට ප්‍රතිකාර ක්‍රම

ඩිම්බ කෝෂ පිළිකා මුල් අවස්ථාවේදීම හඳුනා ගත හැකි වුවහොත් 95% ක් පමණ සුව කළ හැකි ය. නමුත් රෝගය පැතිරුණාට පසුව සුව කිරීමේ හැකියාව අඩුයි. බටහිර වෙදකමට අනුව ශල්‍යකර්ම මගින් ඩිම්බ කෝෂ පිළිකා යම් තරමකට ඉවත් කිරීමේ හැකියාව පවතී.

ස්ත්‍රීන්ගේ මුත්‍රා කාන්දුව

ඇතැම් ස්ත්‍රීන්ට වැලඳෙන රෝග තත්ත්වයක් ලෙස හදිසියේම මුත්‍රා කාන්දුවීම දැක්විය හැකිය. ඉදිරිපස බර වෙමින් නිතර බර එසවීමෙන් වැළකීම, ශරීරයේ ස්ථූලතාවය අඩුකර ගැනීම, මලබද්ධය සුවකර ගැනීම, කෝපි පානයෙන් වැළකීම, යන පිළිවෙත් අනුගමනය කිරීමෙන් මුත්‍රා කාන්දුව පාලනය කර ගත හැකි වෙයි.

ගර්භනී සමයේදී හටගන්නා වූ ශාරිරික වෙනස්කම් මගින් මුත්‍රා කාන්දුවන පරිදි මුත්‍රා බොක්කේ මාංශපේශීන් හැඩ ගැසීම සිදුවේ. දරු ප්‍රසූතියේදීත් ආර්ථවහරණ සමයේදීත්, මෙම තත්ත්වය බොහෝවිට දැකිය හැකියි. මුත්‍රා කාන්දුව හටගන්නේ මුත්‍රා හිස් කිරීමේ ක්ෂණික අවශ්‍යතාවය මුත්‍රා බොක්කට දැනුණු විටයි. එතැනදී මුත්‍රා බොක්ක සම්පූර්ණයෙන්ම පිරී හෝ පිරී නොතිබී තිබෙන්නට ද හැකියාව පවතී.

මෙබඳු රෝගීන් හොඳින් සිහියේ තබා ගත යුතු කරුණක් නම් මුත්‍රා බර සෑදුණු විගස නියමිත වේලාවට මුත්‍රා කිරීම සඳහා මුත්‍රා බොක්ක හැඩගස්වා ගැනීමට පුරුදු කර ගැනීමයි.

මුත්‍රා කාන්දුවෙන් පසු කාන්තාවන්ගේ යට ඇඳුම රතු පැහැයෙන් හෝ තද දුඹුරු පැහැයෙන් දුර්වර්ණ වී ඇත්නම් සහ මුත්‍රා කාන්දුව සිදුවන විට දැවිල්ලක් හටගන්නේ නම් එය අවදානම් තත්ත්වයක් වශයෙන් සැළකේ.

රෝස් කළ කැකිරි ඇට, අහුරක් බැගින් දිනකට අනුභව කිරීම, මුත්‍රා කාන්දුවට හොඳ ප්‍රතිකාරයකි.

මාසික ඔසප් වේදනාව හා ඊට ප්‍රතිකාර විධි

අශෝක පොතු තම්බා යවකර ලුණු දමා සූදුරු කුඩු සමඟ ඔසප් වීමට දින 3 කට පෙර පටන් බීම සුදුසුයි.

ඊටම – වියළි ඉඟුරු, සුදුලූනු, කලුදුරු කබලේ බැද කුඩුකර වරකට තේ හැඳි එක හමාරක් උණුදියෙන් කෝපි මෙන් වත්කර වේදනාව ඇතිවු විට පානය කරන්න.

ඊටම – වියළි ඉඟුරු සුදුලූනු, කලුදුරු කබලේ බැද කුඩුකර වරකට තේ හැඳි එක හමාරක් උණුදියෙන් කෝපි මෙන් වත්කර වේදනාව ඇතිවූ විට පානය කරන්න.

ඊටම – කොත්තමල්ලි, සතකුප්ප බැද කුඩුකර කෝපි මෙන් වත්කර පානය කරන්න. මෙය කළ යුත්තේ ඔසප් හේතුවෙන් අසනීප වන දිනට සතියකට පෙරාතුවය.

මාසික ආර්ද්‍රතවය වැඩියෙන් සිදුවන කාන්තාවනට – අඹ පොතු තැම්බූ වතුරට මී පැණි ටිකක් දමා පානය කරන්න.

ස්ත්‍රීන්ගේ ඔසප් වේදනාවලට . ශරීරයෙන් රුධිරය පිටවීම, රක්තාර්ශස්, සඳහා ප්‍රතිකාර

නෙළුම් පැණිය භාවිත කරන්න. මෙය සකස් කර ගන්නේ මෙසේයි. නෙළුම් මල් පෙති රැගෙන හොඳින් පවනේ ලා වියළා ගෙන (ග්‍රෑම් 50 ක් පමණ) මුට්ටියකට දමා ඊට වතුර පත 4-1 ට සිඳ ගන්න. මෙම කෂාය යුෂ පත 1 ට සීනි ග්‍රෑම් 150 ක් මිශ්‍ර කර ලිප තබා පැණි පදමට ආ පසු ලිපෙන් බාගෙන රුධිරය පිටවන රෝගීන් සඳහා තේ හැඳි 2 බැගින් උදේ දවල්, රාත්‍රී පානය කිරීමට දෙන්න.

නියමාකාරයෙන් ඔසප්වීම සඳහා

සතකුප්ප, කොල්ලු, දෙවගය කබලෙන් බැද කෝපි මෙන් කුඩුකර සීනි දමා බොන්න. ඔසප්වීමට දිනකට පෙර සිට දින 3 ක් බීම දරු උපත් සීමා කර ගැනීමේ පහසු මගකි. දරුවන් ලැබී මුල් දිනවලදී කොල්ලු තම්බා බීමෙන් හෝ කෑමෙන් ගර්භාෂයේ අපිරිසුදු කොටස් හොඳින් බැහැර වේ.

මාස් ශුද්ධියේදී වේදනාව මෙන්ම අධික රුධිර වහනය අවම කර ගැනීමට

මයිල මල් සහ පොතු තම්බන ලද වතුර පානය කරන්න. විශේෂයෙන් ආර්ථවය ඉතා වේදනාකාරි අයට මහඟු ඖෂධයකි.

මාස් ශුද්ධියේ අධික වේදනාවට – කෙසෙල් මුවෙහි පතුරු (රතු පැහැති) කොටා ගත් ඉෂ්ම පානය කරන්න. කෙසෙල් මුව ව්‍යඤ්ජනය අධික මාස් ශුද්ධි වේදනාව සඳහා ඒ හා සමාන ගුණ දෙයි.

ඊටම – අළු පුහුල් වලින් සාදන සීත කෂාය ඉතා ගුණයි. අළු පුහුල් ගෙඩියක් අරගෙන සියුම්ව හිරමනේ ගා ගන්න. ඉන්පසුව සුදුහඳුන් කුඩු, වැල්මී කුඩු, කොත්තමල්ලි කුඩු කළං 4 බැගින් අරගෙන පුහුල් මද හා මිශ්‍රකර රැයක් පින්නේ තබා උදෑසන හොඳින් මිරිකා පානය කරන්න. කාන්තාවන්ගේ සීමා රහිත මාස් ශුද්ධියට ඉතා ගුණ ගෙන දෙයි.

 

ආයුර්වේද වෛද්‍ය හා ඡ්‍යොතිර්විද්‍යා විශාරද

(ඕ.ඒ.ර්.ඒ.ර්‍ථඩච් (ඒරභපමඥඤච)

ආචාර්ය

ප්‍රභාත් සී ඒ. ගමගේ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.