මොළය සහ හෘදය සුවපත් කරවන ඇස් පෙනීම වැඩි දියුණු කරන – සලාද කොළ

ජනවාරි 22, 2021

ඩේසි පවුලට අයත් වන සලාද වාර්ෂික ශාකයකි. එය කොළ එළවළුවක් ලෙස භාවිත කෙරේ. එළවළු සලාද, සුප් වර්ග, සැන්ඩ්විචස් සහ ආහාර අලංකාර කිරීම සඳහා සලාද යොදා ගනී.

සලාදවල ජීව විද්‍යාත්මක නාමය වන්නේ ලැක්ටුකා සැටිවා (Lactuca Sativa ) ය. ප්‍රථමයෙන් වගාකොට ඇත්තේ පුරාණ ඊජිප්තුවේය. එහි දී සලාද කොළ වල ඇට තෙල් නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇත. ඉක්මනින් මල් හට ගැනීම සඳහා සලාද වලට අඩු උෂ්ණත්වයක් අවශ්‍ය වේ. සලාද යනු විටමින් ‘ඒ’ සහ විටමින් ‘කේ’ වලින් පොහොසත් කොළ වර්ගයකි.

සලාද කොළ වල ගුණ ප්‍රදාහයට එරෙහිව සටන් කරයි

සලාද කොළවල අඩංගු වන ප්‍රෝටීන් ප්‍රදාහය වැළැක්වීමට උපකාරි වේ. අධ්‍යනයකින් හෙළි වී ඇත්තේ අත් බෙහෙත් කිරීමේදී ප්‍රදාහයට සහ අස්ථිවල ඇතිවන වේදනාව සමනය කිරීමට අතීතයේ සලාද කොළ යොදාගත් බවයි. සලාද කොළ පවුලේ ආහාර වල විටමින් ‘කේ’ අඩංගු වන බැවින් ප්‍රදාහය අඩු කිරීමේ හැකියාව ඇත. තද පැහැගත් සලාද කොළ වල බහුලව ඇන්ටිඔක්සිඩන්ට් Antioxidant (ප්‍රතිඔක්සිකාරක) අඩංගු වේ.

සිරුරේ බර අඩු කරයි

එක් අයෙකුට ප්‍රමාණවත් තරම් සලාද කොළ අහුරක අඩංගු වන්නේ කැලරි 5 කි. එමෙන්ම ශක්ති ඝනත්වයෙන් ද අඩුවේ. සලාද කොළ අඬු කෝප්පයක 95% ක්ම ජලය අන්තර්ගත වන අතර තන්තු ග්‍රෑම් 1 පමණ ද අන්තර්ගතය. තන්තු මඟින් ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීමේ අවශ්‍යතාවය වළක්වයි. සලාද කොළ වල අඩංගු මේද ප්‍රමාණය ද අවමය. එහෙයින් සිරුරේ බර අඩු කිරීමට සලාද කොළ දායක වේ.

මොළයේ මනා පැවැත්මට උපකාරි වේ.

මොළයට හානි සිදු වූ විට නියුරෝන් සෛල විනාශ වන අතර ඇල්ෂයිමර් වැනි මොළයේ රෝග ඇතිවීමට බලපානු ලබයි. සලාද කොළ මඟින් නියුරෝන් සෛල වලට හානි වීම අවම කරයි. එමෙන්ම සලාද කොළ වල ‘ඩයටරි නයිට්‍රේට්’ අඩංගු වන අතර සිරුරේදී ඒවා ‘නයිට්‍රික් ඔක්සයිඩ්’ බවට පරිවර්තනය කෙරේ. මේ මඟින් ස්නායු සම්බන්ධ ආබාධ ඇතිවීම අවම කෙරේ.

හෘදයේ ක්‍රියාකාරිත්වය සුසර කරවයි

සලාද කොළ වල ෆෝලේට් සහ විටමින් ‘බී’ අඩංගු වේ. ‘බී’ විටමින් මඟින් ‘ෆෝලේට් හෝමෝසිස්ටේන්’ බවට පරිවර්තනය වේ. එමෙන්ම සලාද කොළවල විටමින් ‘ඒ’ සහ විටමින් ‘සී’ ද අඩංගු වේ. මේ විටමින් වර්ග දෙක මඟින්ද කොලෙස්ටරෝල් ඔක්සිකරණය (දහනය ) කරයි. එමෙන්ම ධමනි ශක්තිමත් කරයි.

පිළිකා සමඟ සටන් කිරීමේ හැකියාව

මුඛ පිළිකා , උගුරේ පිළිකා, අන්නසෝත්‍රයේ පිළිකා, සහ උදරයේ පිළිකා ඇති වීම වැළැකීම සඳහා සලාද කොළ වඩාත් ගුණදායක වේ. කැඳ ගතිය රහිත එළවළු වර්ග වල පිළිකා නාශක ගුණයක් තිබෙන බව ලෝක පිළිකා ගවේෂණ අධ්‍යයනයකින් හෙළි වී ඇත.

දියවැඩියාව අවදානම පාලනය කරයි

සලාද කොළ වැනි කොළ පැහැති එළවළු වලට රුධිරයේ සීනි පරිමාව ඉහළ නැඟීම පාලනය කළ හැකිය. සලාද කොළයක කැලරි 15ක් සහ කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 2.23ක් පමණ අඩංගු වේ. මෙම සංයෝගය දියවැඩියාවට එරෙහිව ක්‍රියා කරන හොඳ ප්‍රතිකර්මයකි.

ඇස් පෙනීම යහපත් කරවයි.

සලාද කොළ වල විටමින් ‘ඒ’ සහ ඔමේගා 3 අඩංගු වේ. එමෙන්ම සලාද වල ඇති සියැසන්තින් ඇස් පෙනීම තියුණු කිරීමට තිබෙන හොඳම ඇන්ටිඔක්සිඩන්ට් (ප්‍රතිඔක්සිකාරක ) ප්‍රභේදයකි.

ජීර්ණය පහසු කරවයි

සලාද කොළ වල තන්තු අඩංගු වන බැවින් ජීර්ණ අපහසුතා මෙන්ම මලබද්ධය වළක්වයි. එමෙන්ම උදර වේදනා සමනය කරයි. මෙම තන්තු බඩවැලේ මනා පැවැත්මට ද උපකාරි වේ.

නින්ද නොයෑම වළක්වයි

රාත්‍රී ආහාර වේලට ඔබට සලාද කොළ එක්කරගත හැකි නම් නින්ද නොයෑමේ අපහසුතා මඟහරවා ගත හැකි වේ. සලාද කොළ වල අඩංගු ලැක්ටීසින් මඟින් නින්ද ඇතිකර සැහැල්ලු බවක් ඇති කරවයි. මධ්‍යකාලීන යුගයේ සිට නින්ද නොයෑම සඳහා ප්‍රතිකර්මයක් ලෙස සලාද කොළ යොදා ගෙන ඇත.

අස්ථි වල පැවැත්මට හිතවත්

සලාද කොළ වල විටිමින් ‘කේ’, ‘ඒ’ සහ ‘සී’ අඩංගු වේ. එම විටමින් වර්ග කොලිජින් නිෂ්පාදනයේදී වැදගත් වේ. විටමින් ‘කේ’ මඟින් කාටිලේජ් ගොඩනඟන අතර, පටක එකිනෙක සම්බන්ධ කරයි. විටමින් ‘ඒ’ මගින් නව අස්ථි සෛල නිපදවයි.

ප්‍රතිශක්තිකරණය වර්ධනයට හිතකරයි

සලාද කොළ වල විටමින් ‘ඒ’ සහ විටමින් ‘සී’ අන්තර්ගත වේ. එම විටමින් මඟින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක කරවයි.

ගර්භිණී කාන්තාවන්ට ඉතාම ගුණයි

සලාද කොළවල ෆෝලේට් අඩංගුය. මෙම ඛනිජය මඟින් දරු උපතේදී දරුවාට වන අඩුපාඩු මඟ හරවයි. එමෙන්ම විටමින් ‘කේ’ මඟින් රුධිර වහනය වළක්වයි. එමෙන්ම සලාද කොළ වල තන්තු අඩංගු වන නිසා ගර්භිණී සමයේදී සාමාන්‍යයෙන් කාන්තාවන් මුහුණ දෙන මලබද්ධය වළක්වයි.

සලාද ග්‍රෑම් 100ක අඩංගු පෝෂණය

කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 2.23

සීනි ග්‍රෑම් 0.94

තන්තු ග්‍රෑම් 1.1

මේදය ග්‍රෑම් 0.22

ප්‍රෝටීන් ග්‍රෑම් 1.35

විටමින් ‘ඒ’ මයික්‍රෝ ග්‍රෑම් 166

බීටා කැරොටීන් මයික්‍රෝ ග්‍රෑම් 1987

ලුටෙයින් සියැතන්තින්

මයික්‍රෝ ග්‍රෑම් 1223

තයමින් මිලිග්‍රෑම් 0.057

රයිබොෆ්ලෙවින් මිලිග්‍රෑම් 0.062

පැන්ටොතෙනික් ඇසිඩ් මිලිග්‍රෑම් 0.15

විටමින් ‘බී6’ මිලිග්‍රෑම් 0.082

ෆෝලේට් මිලිග්‍රෑම් 73

විටමින් ‘සී’ මිලිග්‍රෑම් 3.7

විටමින් ‘ඊ’ මිලිග්‍රෑම් 0.18

විටමින් ‘කේ’ මිලිග්‍රෑම් 102.3

කැල්සියම් මිලිග්‍රෑම් 35

යකඩ මිලිග්‍රෑම් 1.24

මැන්ගනීස් මිලිග්‍රෑම් 0.17

මැග්නීසියම් මිලිග්‍රෑම් 13

පොස්පරස් මිලිග්‍රෑම් 33

පොටෑසියම් මිලිග්‍රෑම් 238

සෝඩියම් මිලිග්‍රෑම් 5

සින්ක් මිලිග්‍රෑම් 0.2

ජලය ග්‍රෑම් 95.63

 

වෛද්‍යාචාරිනී, වෛද්‍යශූරී පණ්ඩිත

ටී.කේ.සී. විමලරත්න

වෛද්‍ය මධ්‍යස්ථානය, උස්සාපිටිය 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.