සන්ධි ප්‍රදාහය

ජනවාරි 15, 2021

යම් කිසි සන්ධියක හෝ සන්ධි කිහිපයක ඇති වන ප්‍රදාහය ආතරයිටීස් රෝගය ලෙස හැඳීන්වේ.ආතරයිටීස් රෝග වර්ග කිහිපයක් පවතී. මෙම ආතරයිටීස් වර්ග ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක. පළමු වැන්න වන ඔස්ටියෝ ආතරයිටීස් (Oeteo Arthritis ) යම් පුද්ගලයෙක් වයස් ගත වී ශරීරයේ බර නිසා සන්ධි ගෙවීමක් ඇති වේ.

මෙහිදී ශරීරයේ බර දරා ගන්න සන්ධිවල දණ හිස ,කොඳු නාරටිය උකුල වැනි ස්ථානවල වේදනා ඇති වේ. වයස අවුරුදු 35 - 40 පසු වෙනවා සමඟ දණ හිස් වේදනා ,කොන්දේ වේදනාවලට ප්‍රධාන හේතුව මෙයයි.

තවද උසට සරිලන ශරීර බර පවත්වා ගැනීමෙන් හා මාංශ පේශී ශක්තිමත්ව පවත්වා ගන්නා ශාරීරික ව්‍යායාමවල නිරත වීමෙන් මෙම සන්ධි රෝගය බොහෝ දුරට මැඬ පවත්වා ගත හැකිය.ආතරයිටීස් රෝගය වැලඳී ඇත්නම් දෛනික දින චර්යාවේ සමහර වෙනස්කම් ඇතිකර ගැනීම මඟින් මෙම රෝගය පාලනය කර ගත හැකිය. තව ද වේදනා හා දුබලතාවය මත විවිධ ආයුර්වේද ඖෂධ වර්ග වෛද්‍යවරයා විසින් නියම කරනු ලබයි. දෙවන ප්‍රධාන සන්ධි රෝගය වන ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අධික්‍රියාකාරීත්වය නිසා ශරීර පටකවලට හානි වීමෙන් ඇති වන ආතරයිටීස් තත්ත්වයයි.මෙහිදී සන්ධිවලට පමණක් නොව අනෙකුත් ශාරීරික අවයවයන්ට ද හානි සිදු වේ. බොහෝ විට වළලුකර ,වැලමිට ,ඇඟිලිවල සන්ධි දණහිස් සන්ධි ප්‍රදාහයට ලක් වේ.නිසි ප්‍රතිකාර නොකළහොත් සන්ධි විකෘතිතා ඇති වීමට පුළුවන. මෙය බරපතළ තත්ත්වයකි.

ආතරයිටීස් රෝග ලක්ෂණ විදිහට ඔබට පහත සඳහන් රෝග ලක්ෂණ පවතී නම් සුදුසු වෛද්‍යවරයකු වෙත යොමු වී ප්‍රතිකාර ගත යුතු වේ.

 

01 සන්ධියක හෝ සන්ධි කිහිපයක ඇති වන වේදනාව

02 සන්ධි ඉදිමීම

03 සන්ධි නැමීමට අපහසු වීම

04 යම් සන්ධියක් අවට වේදනාව

05 ඉක්මනින් අධික විඩාවට පත් වීම

06 මාංශ පේශිවල අධික වේදනාව

07 විශේෂයෙන් උදෑසන අවදි වන විට එම සන්ධිවල තද බව නිසා දවසේ වැඩ කටයුතු කිරීමට අපහසු වීම

08 මෙම තත්ත්වයෙන් පසුව මාංශ පේශී දුර්වල වීම

09 සන්ධි නැමීමේ හා දිග හැරීමේ අපහසුතාව

මෙයින් පසු සන්ධිවල විකෘතිතා ඇති වීම දක්වා වර්ධනය වේ.තවද මෙම රෝගය හඳුනා ගැනීමට සායනික පරීක්ෂාවක් සන්ධිවල එක්ස් කිරණ පරික්ෂාව මඟින් හා රුධිරය පරීක්ෂාව මඟින් හඳුනාගත හැකිය.

මෙම ආතරයිටීස් රෝගය සඳහා අවදානම් තත්ත්වය ද සලකා බැලිය යුතුය.

සන්ධිවලට කලින් සිදු වූ අනතුරු,තරබාරු බව , ව්‍යායාම අඩු වීම ,තම පවුලේ අයට මෙම රෝග තත්ත්වයන් වැල¼දී තිබීම වැනි කරුණු ගැන ද සැලකිලිමත් වීම අනිවාර්යය වේ.

මෙම රෝගයට ගොදුරු නොවී සිටීමට නම් උසට සරිලන ශරීර බර පවත්වා ගැනීම,මාංශ පේශී ශක්තිමත් වන ව්‍යායාමවල නිරත වීම ,එකම ඉරියව්වක වැඩි වේලාවක් නොසිටීම ,දුම් පානය නොකිරීම, සමබල ආහාර වේලක් ගැනීම කළ යුතු වේ.

තවද මෙම රෝගය සඳහා ප්‍රතිකාර ගත් කල නිසි ව්‍යායාමවල නිරත විය යුතුය.නිසි පරිදි ශරීරයේ බර පවත්වා ගැනීම සන්ධි

ප්‍රදාහය සහ වේදනා අඩු කරන ආයුර්වේද ඖෂධ වර්ග භාවිතා කිරීම මඟින් මෙම රෝගයට සහනයක් ලබා ගත හැකිය.

පිණ්ඩ තෛලය , වාත විදුරංග තෛලය, සර්ෂපාදී තෛලය , ගිනිරාජ තෛලය හා පාරම්පරික තෛල ,පත්තු වර්ග යෙදිය හැක.

අරත්ත අල

රසකිඳ

බෙහෙත් එරඬු මුල්

සාරණ මුල්

අතිවිඩයම්

ගොකටු

දේවදාර

පාවට්ටා මුල්

වැල් කහඹිලියා මුල්

අසමෝදගම්

ඇහැළ පොතු

ශුද්ධ ගුගුල්

කලං බාගය බැගින් ගෙන පත අට එකට සිඳ උදේ සවස බොන්න.ප්‍රත්‍යක්ෂයි .අත්දුටුයි.

නිසි වෛද්‍ය ප්‍රතිකාර ගන්නේ නම් ආතරයිටීස් රෝගය නිට්ටාවට සුව කළ හැක.

 

ආයුර්වේද වෛද්‍ය

නිරෝෂණී

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.