ඖෂධීය ශාක තිරසාර භාවිතය

දෙසැම්බර් 18, 2020

ඖෂධීය ශෘක විශේෂ ලෙස හඳුනාගෙන ඇති ගණන 1430ක් වන අතර ඉන් විශේෂ 208 ක් පමණ බහුල භාවිතයෙන් පවති. මින් ශ්‍රී ලංකාවට ආවේණික ශාක විශේෂ ගණන 150 කට ආසන්න වේ.

ප්‍රෞඪ ඉතිහාසයටත් අමිල සොබා සෞන්දර්යකටත් උරුමකම් කියන ශ්‍රී ලංකාව ලෝකයේ ජෛව විවිධත්වය අතින් ඉහළ ස්ථානයක වැජඹෙන රටවල් 25 අතරින් එකකි.

අභ්‍යන්තරයේ ඇති භූගෝලීය මෙන්ම දේශගුණික සාධකවල විවිධත්වය හේතුවෙන් පාරිසරික කලාප කිහිපයක් ලෙස බෙදී තිබීම මෙම ඉහළ ජෛව විවිධත්වයට හේතුවී තිබේ.

මෙවන් සුවිශේෂිත වූ ඔසු ශාක සම්පත් අප සතුව තිබුණ ද ඉන් විශේෂ 79 ක් පමණ වඳවීමේ තර්ජනයට ලක් වී ඇතත් තවත් ශාක වර්ග දැනටමත් මිහිමතින් තුරන්ව ඉතා දුර්ලභව තිබීම දැඩිව සළකා බැලිය යුතුය.

ඖෂධීය ශාක මෙරටින් වඳවී යාමට විසඳුම කුමක්ද?

ස්වභාවික වාසස්ථානවලින් ශාක හෝ ශාක කොටස් ඉවත් කිරීමේදී ඒවායේ පැවැත්මට හානි නොවන හෝ නැවත හටගන්නා ලෙස රැස් කිරීම විශේෂයෙන් ශාකවල අරටු,පොතු මුල් ආදිය ආදිය රැස්කිරීමේදී ශාකයට හානි නොවන අයුරින් පලදාව නෙළා ගැනීමට වග බලා ගත යුතුය.

මුල් රැස් කිරීම

ඖෂධ සඳහා මුල් යොදාගනු ලබන්නේ බොහෝ ශාක විශේෂයෙන් දැඩි තර්ජනයට ලක් වී ඇත්තේ ඒ සඳහා ශාකය කපා බිම හෙළීම ඍජුවම සිදු කෙරෙන බැවිනි. මෙහිදී ශාකයේ එක් පැත්තකින් පමණක් හාරා මුල් රැස් කිරීම මගින් ශාකයේ පැවැත්ම තහවුරු වේ. බෙලි, පලොල් , තොටිල, ඇත්දෙමට මෙලෙස බහුලව මුල් ලබාගන්නා ශාක විශේෂ වන අතර මේවා බොහොමයක් දැනට වඳවීමේ තර්ජනයට දැඩිව ලක්ව ඇත.

ඖෂධීය ශාක තිරසාර භාවිතය යනු කුමක්ද?

ශාකවල පැවැත්මට හානිකර නොවන අයුරින් භාවිතා කිරීම ලෙස සරලව අරථ දැක්විය හැක.

ඖෂධීය ශාක තිරසාරව භාවිත කිරීම සඳහා කළ යුත්තේ කුමක්ද?

විවිධාකාර වූ ප්‍රයෝජන ඇති ඖෂධීය ශාක මිනිසා විසින් අදාළ අවස්ථාවලදී විවිධාකාරයෙන් ප්‍රයෝජනයට ගන්නා අතර ඖෂධ නිෂ්පාදනයේදී ශාකවල සෑම කොටසක්ම පාහේ අමුවෙන් හෝ වියළා භාවිතයට ගනු ලැබේ.

ඖෂධීය ශාක මෙරටින් වඳ වී යාමට විසඳුම කුමක්ද?

ස්වභාවික වාසස්ථාවලින් ශාක හෝ ශාක කොටස් ඉවත් කිරීමේදී ඒවායේ පැවැත්මට හානි නොවන ලෙස නැවත හටගන්නා ලෙස රැස් කිරීම විශේෂයෙන් ශාකවල අරටු, පොතු, මුල්, ආදිය රැස්කිරීමේදි ශාකයට හානි නොවන හෝ අවම හානියක් වන අයුරින් පලදාව නෙළා ගැනීමට වග බලා ගත යුතුය.

ඵල (ගෙඩි රැස්කිරීම )

සුලබව ඖෂධීය ගෙඩි රැස් කෙරෙන ශාක විශේෂ වන නෙල්ලි, අරළු, බුලු, ගොරකා වැනි ශාක සහමුලින් කපා දැමීමෙන් හෝ අතු කැපීමෙන් පලදාව රැස්කිරීම නිසා ඉතා ශීඝ්‍රයෙන් වඳවෙමින් පවති. ගසට නැග හෝ කෙකි භාවිතයෙන් පල නෙළීම සඳහා ජනතාව දැනුවත් කිරීම මෙම තර්ජනයට ලක්ව ඇති ශාක ආරක්ෂා කිරීමට මෙන්ම දිගු කාලයක් පලදාව ගැනීමට ද මඟ පාදයි.

සම්පූර්ණ ශාකය රැස්කිරීම

වෙළඳපොළේ මිල ඉතා අධික බිං කොහොඹ, මෙන්ම දුම්මැල්ල, රසකිඳ, වැනි වැල්වර්ගද වනාන්තර ප්‍රදේශවලින්ම රැස්කෙරෙන අතර සම්පූර්ණ ශාකය නෙළා ගැනේ. මෙහිදී ආර්ථික වාසිය නිසා ශාකයේ වයස පිළිබඳව අවධානයක් යොමු නොවීම සිදුවේ. බාහිර වගාවන් (බහිස්ථානීය) ඇති කිරීම මගින් මෙවැනි ශාක විශේෂ සංරක්ෂණය කිරීමට හැකිවේ.

පොතු ලබා ගැනීම

ශාකයේ අභ්‍යන්තර පටකවලට හානි වන අයුරින් පොතු ගැලවීමක් සීමා රහිතව ඉවත් කිරීම නිසා බොහෝ ඖෂධීය ශාක විනාශ වී යාම සිදුවේ. මාදං, කුඹුක්, ගම්මාලු අංකෙන්ද, කෑල, අශෝක, යනාදිය මෙසේ සුලබව පොතු ලබාගන්නා හා වැරදි පලදාව නෙළීමේ ක්‍රම නිසා විනාශ වී යන ශාක වේ.

අඟල් 2 1/2-4 පමණ වන පළලින් යුත් හා අඩියක පමණ උපරිම දිග සිටින සේ පොතු ගැලවිය යුතු අතර වඩා සුදුසු වන්නේ ශාකයේ කඳෙන් නොව මේරු අතුවලින් පොතු ගැනීමයි. කඳෙන් ලබා ගැනීම්දී එක් පැත්තකින් පමණක් එකවර පොතු ගැලවීම ගසට වන හානිය අවම කිරීමට හේතු වේ.

අරටු ලබා ගැනීම

ඖෂධ පිණිස අරටු රැස්කිරීම සඳහා ශාකයක් වසර 10-20 පමණ වයස්ගත වී තිබිය යුතුය. එනමුත් ඖෂධ අරටු ගන්නා ශාක වන සුදු හඳුන්, ගම්මාළු, මෙන්ම වෙනිවැල් වැනි වටිනා ශාක ඉවක් බවක් නොමැතිව කපා දමමින් අරටු රැස්කිරීම සිදුවේ. වන වගාවන් ඇති කිරීම මඟින් ඉවත් කරනු ලබන ශාක නැවත ප්‍රතිස්ථාපනය වන බැවින් වගාවන් ඇති කිරීම මෙම ශාක සංරක්ෂණය හා තිරසාර භාවිතයට වැදගත් වේ.

සම්පූර්ණ ශාකය රැස්කිරීම

වෙළෙඳපොළ මිල ඉතා අධික බිං කොහොඹ මෙන්ම දුම්මැල්ල ,රසකිඳ වැනි වැල් වර්ගද වනාන්තර ප්‍රදේශවලින්ම රැස් කෙරෙන අතර සම්පූර්ණ ශාකයම නෙළා ගැනේ. මෙහිදී ආර්ථික වාසිය නිසා ශාකයේ වයස පිළිබඳ අවධානයක් යොමු නොවීම සිදුවේ. බාහිර වගාවන් (බහිස්ථානීය) ඇතිකිරීම මඟින් මෙවැනි ශාක විශේෂ සංරක්ෂණය කිරීමට හැකිය.

ඖෂධීය ශාක කෙරෙහි ඇති අහිතකර බලපෑම්

රට තුළ පිහිටි ස්වභාවික වනාන්තරවලින් බොහෝ ඖෂධීය ශාක රැස්කරනු ලබන අතර එහිදී නොදැනුවත්කම නිසා සිදුවන වැරදි අස්වනු නෙළීමේ ක්‍රම භාවිතය වෙනත් සංවර්ධන වැඩසටහන් වැනි මිනිස් ක්‍රියාවන් වන අතර අස්වනු නෙළිය යුතු කාලය ශාකයේ වයස හා රැස් කළ යුතු කොටස යනාදිය පිළිබඳ වන අඩු අවධානය හා නොසැලකිල්ල පවතින ඉල්ලුම් සපුරාලීම සඳහා වෙනත් ස්ථාන වගාවන් සඳහා නොපෙලඹවීම හා අනුග්‍රහය නොදැක්වීම

ඖෂධීය ශෘක විශේෂ ලෙස හඳුනාගෙන ඇති ගණන 1430ක් වන අතර ඉන් විශේෂ 208 ක් පමණ බහුල භාවිතයෙන් පවති. මින් ශ්‍රී ලංකාවට ආවේණික ශාක විශේෂ ගණන 150 කට ආසන්න වේ.

මෙහි අවසන් ප්‍රතිඵලය කුමක්ද?

නිවැරදි ඖෂධීය අමුද්‍රව්‍යයන්හි හිඟය හේතුවෙන් ඒ සඳහා වන ආදේශ ද්‍රව්‍ය හා ප්‍රතිනිධි (වෙනුවට යොදාගන්නා වෙනත් අමුද්‍රව්‍යයක්) ලෙස යොදා ගත හැකි ද්‍රව්‍ය වෙළඳපොළට නිකුත්වීම මඟින් ඖෂධීය අමුද්‍රව්‍ය වෙළෙඳපොළ තත්ත්වය පහළ වැටීම

උපදෙස් සුදීපා සමන්මලී

විද්‍යාඥ වනස්පති

ආයුර්වේද පර්යේෂණ ආයතනය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.