වසංගත රෝග හා කොවිඩ් - 19 අවසානය පිළිබඳ

දෙසැම්බර් 4, 2020

1900 න් පසු කාලය තුළ ශ්‍රී ලංකාවේ වසංගත ලෙඩ රෝග ව්‍යාප්තිය පිළිබඳ ඉතිහාසය තුළ වඩාත් විස්තෘත ලෙස දීප ව්‍යාප්ත මට්ටමින් වසංගත පැවති අවස්ථා 3 ක් පිළිබඳව කරුණු සඳහන් වේ.

ඉන් පළමුවැන්න නම් 1918-1919 කාලය තුළ බෙහෙවින් අන්තරායකාරි ලෙස පැතිර ගිය උණ, සෙම්ප්‍රතිශ්‍යාව වසංගතයයි. දෙවැන්න නම් 1934-1935 යන කාලය තුළ පැවති මාරාන්තික මැලේරියා වසංගතයයි. තුන්වැන්න නම් දැනට අප කවුරුත් බියවී සිටින ගෝලීය මට්ටමින් බිහිසුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් -19 වයිරස් වසංගතයයි. මෙම අවස්ථා තුනෙහිදීම සැලකිය යුතු ජන සංඛ්‍යාවක් මරණයට පත්වී ඇති අතර සෑම රටකම පාහේ දැඩි ලෙස ආරථික පරිහානියට පත්වී ඇත. එමෙන්ම ජනගහනයෙන් වැඩි කොටසක් දැඩි ලෙස පීඩාවට පත්වී ඇත. එසේම වර්තමානයේදී නව කොරෝනා වයරසය නැත්නම් කොවිඩ් 19 වසංගතය නිසා සමස්ත ලෝකයම බලවත් ලෙස දුකට සහ පීඩාවට මෙන්ම ආර්ථික වශයෙන් පරිහානි තත්වයකට පත්වී ඇති බව අප කවුරුත් දන්නා දෙයකි. දැනටමත් ලෝක ජනගහනයෙන් මිලියන 50 කට වැඩි ජන සංඛ්‍යාවකට මෙම වයිරසය ආසාදනය වී ඇති අතර, සිදුවී ඇති මරණ සංඛ්‍යාව මිලියන 12 ඉක්මවා ඇත. දුප්පත්, පොහොසත් භේදයකින් තොරව ලෝකයේ සෑම රටකම පාහේ මෙම අන්තරායකාරී වසංගත ව්‍යසනයට ගොදුරු වෙමින් පවතින අතර තත්ත්වය තවදුරටත් තීරණාත්මක ලෙස වර්ධනය වෙමින් පවතී. මෙම වසංගත ව්‍යසනය ඡ්‍යොතිෂය සමඟ දක්වන සබඳතාවය සොයා බැලීමේදී වඩාත් වැදගත් වන්නේ ඉහත වසංගත කාල පරාසයන් තුළ පැවති ගෝචර චලිතයන් කෙරෙහි අවධානය යොමු කිරීමයි. රාශි චක්‍රය ඔස්සේ වර්ෂයක් තුළ ග්‍රහලෝක දක්වන ගමන නැත්නම් චලිතය සැලකිල්ලට ගෙන ඡ්‍යොතිර්වේදීන් අනාවැකි පළකරන අතර එයට කේන්දර පරික්ෂාවේදී ප්‍රධාන තැනක් ලබාදී ඇත. මේ අනුව කරුණු අධ්‍යයනය කිරීමේදී ඉහත දක්වන ලද වසංගත හටගත් කාල වලදී පැවති ග්‍රහ පිහිටීම් ග්‍රහ සංයෝග, මුලික වන රාශි සහ ග්‍රහයන් මෙන්ම සමස්තයක් ලෙස ඡ්‍යොතිෂමය තත්ත්වය බෙහෙවින් සමාන බව පෙනේ මේ නිසා මුලින්ම එම වසංගත ඇති කිරීමට මූලික වු ග්‍රහයන්ගේ ස්වභාවය හඳුනා ගත යුතු වේ.

වසංගත ආරම්භ වීම, වර්ධනය සහ ව්‍යාප්තිය සිදුවී ඇත්තේ ග්‍රහයන්ගේ ගෝචර ගමන තුළ ශනි, ගුරු, ප්ලූටෝ , රාහු සහ කේතු යන ග්‍රහයන් විසින් දක්වන ලද අශුභදායි සංංයෝගය මෙන්ම වක්‍ර චලිතය සහ සුවිශේෂි රාශිවල දක්වන ලද අයහපත් පිහිටීම නිසාය.

එසේම එම අශුභදායක ග්‍රහ පිහිටීම්වලට සහ සංයෝගයට දායක වී ඇති ග්‍රහයන්ට අයත් දුර්විපාක දෙන සහ විෂම ගති ලක්ෂණ ඍජු ලෙස මෙම ව්‍යසනයට දායකවී ඇති බව පෙනේ.

1.ප්ලූටෝ ග්‍රහයා හඳුන්වා ඇත්තේ මරණයේ සහ ශක්තියේ මෙන්ම පීඩාකාරි සහ බිහිසුණු වෙනස්කම් සිදුකිරීමේ කාරක ග්‍රහයා සහ ධාතු වෙනස්කම් සිදු කරන, ප්‍රජා විද්‍යාත්මක වයිරස් සහ බැක්ටීරියා රෝගාබාධවලට මූලික ග්‍රහයා වශයෙනි.

2.එමෙන්ම නපුංසක ග්‍රහයකු සහ නෛසර්ගික පාපියකු වන සෙනසුරු හඳුන්වා ඇත්තේ ලෞකිකව අනිෂ්ට ගති ලක්ෂණ පෙන්වන එමෙන්ම ආයුෂ, දුක සහ මරණයට අදාළ කාරක ග්‍රහයා වශයෙනි.

3.ගුරු නැත්නම් බ්‍රහස්පති ශුභ ග්‍රහයකුª වුවත් වක්‍ර චලිතයකදී සහ දුර්විපාක දෙන ග්‍රහ සංයෝගයකදී ගුරුගෙන් ලැබෙන ධනය, වාසනාව සහ සමෘද්ධිමත් බව යනාදියට බාධා සිදුවේ. එවිට ගුරු විසින් කරනු ලබන්නේ අශුභ දෙයක් වර්ධනය කිරීම හෝ ප්‍රසාරණය කිරීමකි.

4.රාහු සහ කේතු මූලික වන්නේ හඳුනා ගැනීමට අපහසු ගුප්ත රෝග එමෙන්ම වයිරස් සහ බැක්ටීරියා ආශි‍්‍රත රෝග ඇති කිරීම සම්බන්ධයෙනි.

ඉහත දක්වා ඇති ආකාරයට අදාළ ග්‍රහයන්ගේ ගති ලක්ෂණ හඳුනාගත් පසුව එම ග්‍රහයන් වසංගත ලෙඩ රෝග ඇතිවීමටත් ඒවා ව්‍යාප්ත කරමින් මහත් විනාසයක් සිදු කිරීමටත් ක්‍රියා කරන ආකාරය ඔබට පහසුවෙන් වටහා ගත හැකි වෙතැයි සිතමි. ඉහත දක්වන ලද වසංගත පැවති අවස්ථා 3 හි දීම දක්නට ලැබෙන සමාන ග්‍රහ පිහිටීම් පහත දැක්වේ.

1.ක්‍රි.ව. 1918-1919 අතර කාලය තුළ ලංකාවේ සෙම්ප්‍රතිශ්‍යා උණ නමින් බියකරු වසංගතයක් පැවති බව වාර්තා වේ. රැලි 2 කින් යුතුව දිවයින පුරාම ව්‍යාප්ත වී ඇති මෙම වසංගතයෙන් එකල ලංකාවේ සිටි ජනගහනයෙන් 307,000 ක් මිය ගොස් ඇති අතර එය එවකට සිටි ජනගහනයෙන් සියයට 6.7 ක් බව වාර්තා වේ. ඓතිහාසික ඡ්‍යොතිෂ වාර්තාවල සඳහන් පරිදි මෙකල පැවති ගෝචර චලිතයට අනුව කුම්භ රාශිය තුළ ගුරු ශනි සහ කුජ යන ග්‍රහයන් සංයෝගවී සිටි බව පෙනෙන අතර මිථුන සහ ධනු යන රාශිවල පිළිවෙලින් රාහු සහ කේතු තැන්පත්ව සිට ඇත.

2.ක්‍රි.ව. 1934-1935 යන කාල පරාසය තුළ දැඩි බලපෑමක් ඇති කල මැලේරියා වසංගතය දෙවනුව වැදගත් වේ. මැලේරියා මදුරුවන් නිසා ලංකාව පුරාම ව්‍යාප්තවී ඇති මෙම උණ රෝගය එකල සිටි ජනගහනයෙන් මිලියන 5 කට වැඩි ජන සංඛ්‍යාවක් අතර ව්‍යාප්තව පැවති අතර 80,000 වැඩි පිරිසක් මිය ගොස් ඇත. මෙකල ද කිසියම් දුර්භික්ෂ තත්වයකින් මිනිසුන් පීඩාවට පත්වී ඇත. මෙම වසංගතයට පැවති කාලයේදී ලංකා කේන්දරයේ ග්‍රහ ගෝචරයෙහි ගුරු ග්‍රහයා 8 වන මාරක ස්ථානයේ පිහිටි අතර මිථුන – මකර අක්ෂයේ එක් පැත්තක එනම් 12 වැනි මකර රාශියේ පිළිවෙලින් රාහු– ශනි පැවති අතර අනෙක් පැත්තේ එනම් පිළිවෙළින් 5 වන මිථුන රාශියේ සහ 6 වන කටක රාශියේ ප්ලූටෝ සහ කේතු ස්ථාන ගතව පැවතුනි . මෙහි විශේෂත්වය වන්නේ ගුරු, ශුක්‍ර සහ ප්ලූටෝ යන ග්‍රහයන් වක්‍ර චලිතයක් දැක්වීමයි.

3.ඉහත දක්වන ලද විස්තරවලට අනුව වත්මන් කොවිඩ් 19 ක්‍රියාකාරිත්වය ඡ්‍යොතිෂය සමඟ දක්වන සබඳතාවය සළකා බැලීමේදී පහත දැක්වෙන කරුණූු කෙරෙහි අවධානය යොමුකිරීම සුදුසු වේ.

2019 නොවැම්බර් මස එතෙක් ගුරු ග්‍රහයාගේ පැවති චලිතය ධනු රාශියෙන් අවසන් විය.

2019 දෙසැම්බර් මස වන විට කේතු ධනු රාශියේ ද රාහු මිථුන රාශියේ ද සිටීමත් එම ග්‍රහයනව් පිහිටි අක්ෂයට ගුරු සම්බන්ධ වීමෙන් ඇතිවූ සුවිශේෂි අශුභ ග්‍රහ තත්ත්වය චීනයේ වූහාන් ප්‍රාන්තයේ කොවිඩ් -19 වයිරසය සහ ඒ ආශි‍්‍රත රෝගී තත්වයන් ඇති වීමටත් වර්ධනය වීමටත් ක්‍රමයෙන් ලෝකය තුළ ව්‍යාප්ත වීමටත් හේතුවී ඇති බව පෙනේ. “මෙම සංසිද්ධිය සමහර බටහිර ඡ්‍යොතිෂවේදින් දක්වා තිබුණේ සඟවාගෙන සිටි යක්ෂයා මුදහැරීම යනුවෙනි. මේ අනුව 2019 දෙසැම්බර් මස 1 දින නව කොරෝනා වයිරසය ආසාදනය වූ ප්‍රථම රෝගියා චීනයෙන් හඳුනා ගැනීමට හැකිවිය.

2020 ජනවාරි 24 වන දින ශනි ග්‍රහයා මකර රාශියේදී ප්ලූටෝ සමඟ සංයෝග වූ අතර ක්‍රි.ව. 1518 න් පසු මෙම ග්‍රහයන් 2 දෙනා සංයෝග වූ සුවිශේෂි අවස්ථාව මෙය වේ. ඡ්‍යොතිෂයට අනුව රජය සහ ආර්ථිකය මකර රාශියෙන් පාලනය වන අතර මෙම අශුභ ග්‍රහ සංයෝගයත් සමඟ රටවල් වශයෙන් මෙන්ම සමස්තයක් වශයෙන් ලෝක ආර්ථිකය ක්‍රමයෙන් බරපතල පසු බැසීමකට හෝ පරිහානි තත්ත්වයකට ලක්වූ බව පෙනේ. මෙම පරිහානි තත්ත්වය සමහර බටහිර ඡ්‍යොතිෂවේදීන් හඳුන්වා තිබුණේ බලවත් සහ අශුභ ප්‍රතිවිපාක ගෙන දෙන කළු තිසර සංසිද්ධියක් නැත්නම් පුරෝකථනය කිරීමට අපහසු අවාසනාවන්ත සංසිද්ධියක් වශයෙනි. ඉහත දැක්වූ පරිදි 2020 ජනවාරි 24 වන දින සෙනසුරු ග්‍රහයා මාරක රාශි ගත වූ බැවින් ස්වසන ආබාධ සහිත රෝගී තත්ත්වයක් ඇති වීමටත් 2020 මාර්තු 30 ගුරු මකර රාශි ගතවීමත් හේතුකොටගෙන රෝගී තත්ත්වයන් වැඩි වෙමින් ව්‍යාප්ත වීමට අවශ්‍ය පරිසරයක් සැකසුනි.එනම් කොවිඩ් 19 ආසාදනයේ රෝග ලක්ෂණවලට සමාන තත්ත්වයක් වර්ධනය වුණි. ලංකාවේ කේන්දරය ගත්විට වසර හත හමාරක් ඉදිරියට ක්‍රියාත්මක වන ලග්න ඒරාෂ්ටක තත්ත්වයක් ද පවතින බව සැලකිය යුතුවේ. විශේෂයෙන් කුම්භ ලග්නයට ශනි අශුභ ග්‍රහයකු වේ . මේ අනුව මෙම ග්‍රහ පිහිටීම රෝගාබාධ, දුක්පීඩා මෙන්ම ආර්ථික සහ සමාජයීය ගැටලුවලට හේතුවී ඇති බව පෙනේ.

මෙම අවස්ථාව වන විට බුධ ග්‍රහයා ද මකර රාශි ගතව සිටීම තවත් විශේෂ කරුණකි. සෙම ආශි‍්‍රත ශ්වසන රෝගවලට බුධ මූලිකවන අතර ඊට අමතරව එනම් මෑතකදී හඳුනාගෙන ඇති පරිදි මෙම රෝගය ජනනය වී ඇත්තේ එර්මයින් යනුවෙන් හඳුන්වන සුදු ලොම් ඇති මුගටි වර්ගයකිනි. පුදුම සහගත දෙය වන්නේ මෙම මුගටි වර්ගය බුධ ග්‍රහයාට අයත් සිවුපා සතකු වීමයි.

මෙලෙසින් කරුණු දැක්වීමේදී පෙනී යන්නේ ඇතිවූ ගෝචර චලිතයේ බලපෑම මත ලංකාව තුළ මෙන්ම ගෝලීය වටපිටාව තුළ මෙම කොරෝනා වසංගතය ජාත්‍යන්තර මානව සබදතා සහ සංචරණයන් තුළින් ක්‍රමයෙන් ව්‍යාප්තවෙමින් වත්මන් අවස්ථාව දක්වා පැමිණ ඇති බවයි.

මීට සමගාමීව මෙම කාලය වන විට රාහු සහ කේතු පිළිවෙළින් මිථුන සහ ධනු රාශිගතව පැවතුණි. ලෝකායන කේන්දරයේ තුන්වැන්න වන මිථුන රාශියෙන් උගුර,පෙනහලු සහ ශ්වසන පද්ධතිය නියෝජනය වන අතර එය කොවිඩ් -19 ට අදාළ ආසාදනයේ මූලික ශරීරාංග බව සලකන්න. එසේම ලෝකායන කේන්දරයේ 9 වැන්නෙන් ශරීරයේ රුධිර සංසරණයට සම්බන්ධ ධමනි නියෝජනය වේ. සමහර ඡ්‍යොතිෂවේදීන් පෙන්වා දී තිබුනේ රාහු සහ කේතු යන ග්‍රහයන් වසංගත රෝගයට බලපැ අශුභ ග්‍රහ බලපෑම් බල ගන්වන ලද බලවේගය හෝ ශක්තිය ලෙස ක්‍රියාත්මක වී ඇති බවයි.

ඉහත දක්වා ඇති කරුණුවලට අනුව මේවන තෙක් පැවති එම අශුභ ග්‍රහ චලිතයේ සමහර වෙනස්කම් සිදුවී ඇතත් තවමත් ලංකාව තුළ කැපී පෙනෙන ශුභදායක තත්ත්වයක් දක්නට නොමැති බැවින් වයිරස් රෝගය ව්‍යාප්තියේ කිසියම් වර්ධනයක් දක්නට ලැබේ. එහෙත් මෙම වර්ධනය සහ අදාළ ව්‍යාප්තිය යම් උපරිමයකට ළඟාවේ. අඩුවීමේ ආනතිය නුදුරු අනාගතයේදී ආරම්භ වන අතර එම ආනතිය 2020 දෙසැම්බර් අවසන් සතියේ සිට සිදුවන බව පෙනේ. විශේෂයෙන් මෙම කාලය තුළ දැනට ලංකාවේ රජය විසින් ගෙන ඇති කොවිඩ් මර්දන ක්‍රමෝපායන් තව දුරටත් සාර්ථක වන අතර රජය අපේක්ෂා කරන පරිදි මහජන සහයෝගය නොඅඩුව ලැබෙන බව කිව යුතුය. එසේම 2021 පෙබරවාරි මාසය අවසානයේ සහ මාර්තු මස මුල් සතිය වන විට දැනට පවතින අයහපත් චලිතයන් මදක් සමනය වන බැවින් රෝග ව්‍යාප්තිය සියයට 80-90 අතර ප්‍රමාණයකින් අඩුවිය හැකි බව පෙනෙන අතර 2021 අපේ‍්‍රල් මස අවසන් වන විට ජන ජීවිතය තරමක් යහපත් තත්වයකට පත්වනු ඇති බව වැඩිදුරටත් සඳහන් කළ හැකිය. එසේම වසංගතය කෙරෙහි ඍජු ලෙස බලපෑ රාහු, කේතු චලිතය වෙනස්වී දැනට එම ග්‍රහයන් වෘෂභ සහ වෘශ්චික රාශිගතවී ඇති බැවින් ද සහනදායි කාලයක් නුදුරු අනාගතයේදී ඇතිවන බවට ලකුණු පහලවී ඇත. ලෝකායන කේන්දරයේ 1 වන රාශියට 2021 අපේ‍්‍රල් මස 16 වන දින බුධ ග්‍රහයා පැමිණීම ද වසංගතය ඉක්මනින් අඩුවීමට හේතු වේ. එසේම රජය සැලසුම් කර ඇති ආර්ථික සංවර්ධන ප්‍රතිපත්තිද සතුටුදායක ලෙස ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇත. කෙසේ වෙතත් දැනට පවතින සූර්යයාගේ දක්ෂිණායනයත් සමඟ උත්තරාර්ධ ගෝලයට අයත් රටවල ශිශිර ඍතුව බලපැවත්වීම වයිරසයේ පැවැත්මට උපකාරි වන බැවින් එම රටවල් කොවිඩ් -19 වසංගතය අඩුවීම තවත් මාස 2-3 කින් පමණ ප්‍රමාදවීමට ඉඩ ඇති අතර ඊට සාපේක්ෂව දක්ෂිණාර්ධ ගෝලයේ රටවල ගිම්හාන ඍතුව ක්‍රියාත්මක වීම වයිරසයේ ක්‍රියාකාරිත්වයට බාධාකාරී වන බැවින් එම රටවල වයිරසයේ ව්‍යාප්තිය සතුටුදායක ලෙස පාලනය කිරීමට හැකියාවක් ලැබෙනු ඇත. මේ අනුව අග්නිදිග ආසියාතික රටවල මෙන්ම ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල මෙම වසංගතය ඉක්මනින්ම පාලනය කිරීමට හැකිවන අතර එය අන් රටවලට ද පූර්වාදර්ශයක් විය හැකිය. 2021 අපේ‍්‍රල් මස 1 වන සතියේ ගුරු ග්‍රහයා කුම්භ රාශි ගතවීමත් සමඟ දැනට පවතින අයහපත් තත්ත්වය සමනය වී වයිරස් වසංගතය සහ අදාළ රෝග ව්‍යාප්තිය බොහෝ දුරකට පාලනය කරගත හැකිවුවත් පවතින පසුගාමී තත්ත්වය යථා තත්ත්වයට පත්කර ගැනීමට තවත් වසර එක හමාරකට වැඩි කාලයක් ගත වනු ඇත.

 

ටී. එම්. කුලරත්න

මනෝවිද්‍යා උපදේශක සහ ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

කර්තෘ - වෛද්‍ය ඡ්‍යොතිෂ ග්‍රන්ථය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.