නාසය, උගුර හා ශ්වසන පද්ධතියේ ඉහළ කොටසේ ඇතිවන ආසාදනයක් හේතුවෙන් හටගන්නා නිව්මෝනියාව

දෙසැම්බර් 4, 2020

උණ ,ශීතල ගතිය වරින්වර වේගයෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීම, පපුවේ වේගවත් මහන්සි ගතියක් ඇතිවීම, මහත් ආයාශයකින් හුස්ම ඉහළ පහළ දැමීම, වමනය, පපුවේ වේදනාව, උදරයේ වේදනාව, කම්මැලිගතිය , ආහාර ගැනීමට පි‍්‍රයක් නොමැතිවීම ,තොල් සහ නිය නිල්පාටවීම , හුස්ම ගැනීමට දැඩි වෙහෙසක් දැරීම ආදි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ උදරයට ආසන්න පෙණහලුවල පහළ කොටසේ අපහසුවක් ඇති නොවේ.

උණ සහ උදරයේ වේදනා තත්ත්වයක් පමණක් ඇතිවේ. බැක්ටීරියාවයක් හේතු කොටගෙන නිව්මෝනියාව වැලඳුණුවිට ආසාදනයට පත්වන ළදරුවා හදිසියේ අධික ලෙස උණ ගැනීම හා අසාමාන්‍ය ලෙස වේගයෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීමත් සමඟ ඉක්මනින්ම රෝගී තත්ත්වයට පත්වේ. වයිරස මගින් නිව්මෝනියාව වැළඳුණූ විට රෝග ලක්ෂණ පහළ වන්නේ ක්‍රම ක්‍රමයෙනි.

බැක්ටීරියාව මගින් හටගන්නා නිව්මෝනියාව තරම් දරුණු තත්ත්වයක් ඇති නොවේ. වෛරස මගින් හටගන්නා නිව්මෝනියාවේදී පපුවේ මහන්සිය වැඩියෙන් දක්නට ලැබේ. සමහර නිව්මෝනියාව වර්ගවලදී රෝගය ඇති කරන්නේ කුමන රෝග බීජයක් නිසාදැයි හඳුනා ගත හැකිව තිබේ .නිව්මෝනියාවේදී ඇතිවන්නේ පෙණහැල්ල ආසාදනයට ලක්වීමයි. පෙණහැල්ලට ආසාදනයක් ඇතිවන්නේ විෂබීජ ඇතුළුවීමක් සිදුවීමෙනුයි. පෙණහැල්ලට විෂබීජයක් ඇතුළුවූවිට ඉන් පෙණහැල්ලේ ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමට හේතුවේ. ශරීරයේ පවතින ප්‍රතිශක්තිකරන පද්ධතිය මෙසේ ඇතුල් වී විෂබීජය අඩපණ කිරීමටත් ක්‍රියා කරනවා. මෙසේ සිදු කරන ක්‍රියාවලිය හේතුවෙන්ද නිවුමෝනියා තත්ත්වයක් ඇතිවීමට බොහෝ දුරට හේතුවක්ද වෙනවා. විශේෂයෙන් නිව්මෝනියාව ඇතිකරන්නේ නිවුමොකොකස් හා හිමොපිලස් නමැති විෂබීජ දෙකයි. මේ විෂබීජයන් සාමාන්‍ය වාතයේ පවා පවතිනවා. එම විෂබීජ වාතයට එකතු වන්නේ තවත් නිව්මෝනියා රෝගියෙකුගෙනි. එබැවින් නිව්මෝනියා විෂබීජය තවත් කෙනෙකුට ආසාදනය වන්නේ එම රෝගියා ගැවසෙන පරිසරයෙනි.

නිරෝගි පුද්ගලයකු එවැනි පරිසරයක සිට ආශ්වාස කිරීමේදී විෂබීජය ශරීරගත විය හැකිය. මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ නිව්මෝනියා විෂබීජය වැඩෙන්නේ මනුෂ්‍ය ශරීරයක් තුළ පමණක් වීමයි. යම් හෙයකින් යමෙකුට විෂබීජය ශරීරගත වුවහොත් එය පිටකිරීමට කැස්සක් ඇතිවේ. පෙණහැල්ලට හෝ වෙනයම් අවයවයක් වෙත විෂබීජය ඇතුළු වුණාම කැහැලා පිටකිරීමට දැඩි උත්සායක් ගන්නවා. මේ අනුව නිව්මෝනියාවේ මූලික ලක්ෂණයක් වන්නේ කැස්ස ඇතිවීමයි. විෂබීජය පෙණහල්ලේ ප්ලූරාව මත ආසාදනය වෙන්නත් පුළුවන්. පෙණහැල්ලේ අභ්‍යන්තර කොටස්වලද වේදනාව පවතින්න හැකියි.නමුත් හුස්ම ගැනීමේදී වේදනාවක් ඇතිවීමත් නිවුමෝනියාවේ ලක්ෂණයක්. තවද විෂබීජය පෙණහලුවල පවතින විට ,කහින විට, ශ්ලේෂ්මල කහ පාටට පිටතට පැමිණේ. බොහෝවිට සෙම නරක්වී ඇතැයි සිතන්නේ එම පිටවන සෙම දැකීමෙනි. නමුත් එවැනි සෙම පිටවීමෙන්ද නිව්මෝනියා තත්ත්වය තේරුම් ගත හැකියි. මෙම නිව්මෝනියාව විෂබීජය නිසා පෙණහලු දුර්වල වේ. එසේ වීමෙන් පෙණහල්ලේ පටක කැඩී කැස්ස සමඟ ලේ පිටවීමටද පිළිවන.මෙවැනි තත්ත්වයක් පැවතීමට බරපතළ තත්ත්වයකි.

නිව්මෝනියාව හඳුනා ගැනීමෙන් මුල් අවස්ථාවේ දීම ප්‍රතිකාරවලට යොමුවිය යුතු රෝගයක් .ඉන් කල්ගත වීමට ප්‍රථම රෝගය සුවකරගත හැකියි. මෙම රෝගයේ වෙනසක් වන්නේ විෂබීජය ශරීරගත වී රාත්‍රි කාලය ගතවන විට හුස්ම ගැනීමේ අපහසුතා පෙන්වයි. මේ රෝගය මාස ගණන් කල්ගත වන රෝගයක්ද වේ. බැක්ටීරියාවක් මගින් නිව්මෝනියාව වැලඳුණු විට හදිසියේම උණ ගතියක් ඇතිවේ. තරමක් වේදනාව ඇති කරමින් වේගවත් අයුරින් ආශ්වාස ප්‍රශ්වාස කරන තත්ත්වයකට රෝගියා පත්වේ. එම අවස්ථාවේදී පෙන්නුම් කරන්නේ රෝගී තත්ත්වය බෙහෙවින් වැඩිවී ඇති බවයි. වෛරසයකින් නිව්මෝනියාව වැලඳුණුවිට රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ ටිකින් ටික ප්‍රමාද කරමිනි. බැක්ටීරියාවේ බලපෑමෙන් ඇතිවන නිව්මෝනියාව එතරම් දරුණුූ තත්ත්වයක් ඇති නොවේ. වෛරසය මගින් වැළඳෙන නිව්මෝනියාව මගින් පපුවේ මහන්සිය අධික ලෙස ඇතිකිරීමේ තත්ත්වයක් පවතී.

කක්කල් කැස්ස නිසා ඇතිකරන බැක්ටීරියාව නිසා හටගන්නා නිව්මෝනියාව ළදරුවන්ට බෙහෙවින් බලපායි. එසේ එම රෝගය වැලඳීමෙන් එක දිගටම නොනවතින කැස්ස ඇතිවේ. වාතය අඩු වීම නිසා නිල් පැහැයක් මතුවීමක් හෝ හුස්ම ගැනීමට අපහසුවීමෙන් දරුවා වේදනාවෙන් කෑගසමින් හඬයි. දරුවෙකුට එවැනි රෝගි තත්වයක් පවතින්නේ නම් ප්‍රවේසම් විය යුතුය. නිවසේ සිටින අයකු උගුරේ ආසාදන තත්ත්වයකින් පසුවන්නේ නම් ඒ කිසිවකු දරුවා ආශ්‍රයට නොයා යුතුයි. නිවසේ සිටින එවැනි අයගේ රෝගි තත්ත්වය සුළුකොට නොතකා ප්‍රතිකාර ගත යුතුය. නිවසේ රෝගියකු සිටීනම් ඔහු එදිනෙදා පරිහරණයට ගනු ලබන භාජන කන බොන දේට ලබාගන්නා භාජන ඔහු අදින පලඳින දේවල් අනෙකුත් අය ගේ එදිනෙදා පාවිච්චි කරන දේවල්වලට සම්බන්ධ නොවන ලෙස වෙන්කර තැබීමට වග බලා ගත යුතුය. තවද නිව්මෝනියාව රෝගි අයගේ ඇඳුම් පැළදුම් ඔහු එදිනෙදා භාවිතා කරන සියලු දේවල් සෝදා පිරිසුදු කරන අය තම දෙ අත්, හොඳින් සෝදා පිරිසුදු කරගත යුතුය. නිතරම නිවසේ අය පිරිසුදුව සිටීම නිරෝගීතාවය රැකගැනීමට හේතුවක් වේ.

නිව්මෝනියාව යමෙකුට වැලඳී ඇතැයි නිගමනය කරගත හැකිවන්නේ වෛද්‍යවරයකු පැවසීමෙන් පසුවය. එසේ නොමැතිව කෙසේ වෙතත් නොනවතින කැස්ස පවතින්නේ නම් කැස්ස සමඟ අමාරුවෙන් සෙම පිටකරන්නේ නම් දරුවාට ඉන් මහත් වේදනාවක් ගෙන දෙන්නේ නම් වහාම වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර ගත යුතුය.

මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය,

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.