පූර්ව ආර්තව සහ ලක්ෂණය

නොවැම්බර් 27, 2020

පූර්ව ආර්තව සහලක්ෂණය යනු  Pre Menstrual Syndrome (PMS)

 

Premenstrual syndrome / Premenstrual tension)

එය ඇතැම් කාන්තාවන්ගේ සෑම ආර්තව චක්‍රයකම දෙවන භාගයේදී ඇති වන රෝගී තත්ත්වයකි. එහිදී ඇතිවන ශාරීරික , මානසික හා හැසිරීම් රටාවේ වෙනස්කම් නිසා කාන්තාවන්ගේ එදිනෙදා කටයුතු වලට බාධා පැමිණේ. සාමාන්‍යයෙන් ඔපස්වීම ඇතිවීමට දින කිහිපයකට පෙර රෝග ලක්ෂණ ඇතිවන අතර, ඔසප් වීම ආරම්භ පසු එම රෝග ලක්ෂණ පහව යයි.

පූර්ව ආර්තව සහලක්ෂණයෙහි රෝග ලක්ෂණ සිතේ ඇතිවන කණස්සලු ස්වභාවය, බලාපොරොත්තු සුන්වූ ස්වභාවය හා සෘණාත්මක සිතුවිලි සිතේ නොඉවසිලිමත් ස්වභාවය හා කාංසිය හිටිහැටියේ ඔබේම අධික කණගාටුවක් දැනීම හා හැඬීම නිතර නිතර අධික ලෙස කේන්ති යාම හා කලහාකාරි වීම එදිනෙදා කටයුතු වලට ඇති ඇල්ම අඩුවීම ( උදා: රැකියාවේ කටයුතු, අධ්‍යාපනය, විනෝදාංශ හා මිතුරු ඇසුර ආදිය)

කම්මැලිකම, මහන්සියක් දැනීම හා ශරීර ශක්තිය අඩු බවක් දැනීම

කෑම රුචිය වැඩිවීම හෝ අඩුවීම

නින්ද නොයෑම හෝ අධික ලෙස නින්ද යෑම

තමාට , තමාව පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත්වේ යැයි

සිතීම

හන්දිපත් / මස්පිඩු වල වේදනාව

හිසරුදාව

යටි බඩේ වේදනාව

පියයුරු වල ඉදිමීම හා වේදනාව

ඇඟ පුරවා දමා ඇති ස්වාභවයක් දැනීම

බර වැඩිවීම

ශුද්ධ වීම සිදුවන කාන්තාවන්ගෙන් බොහොමයක් දෙනා මද වශයෙන් මෙම ලක්ෂණ පෙන්නුම් කරයි. නමුත් 20% -50% කාන්තාවන්ගේ මෙම ලක්ෂණ උග්‍ර මට්ටමකින් පවතින අතර, ඒවා එදිනෙදා කටයුතු වලට බාධා පමුණුවයි. එනම් ශුද්ධවීම සිදුවන කාන්තාවන් අතරින් 20% -50% පමණ දෙනා මෙම රෝගී තත්ත්වයෙන් පීඩා විඳීයි. මෙය දැරියක මල්වර වීමේ අවස්ථාවේ සිට ඔසප් වීම අවසාන වන තෙක් (ආර්තවහරණය) ඕනෑම මොහොතක ආරම්භ විය හැක.

PMS රෝගයෙන් පීඩා විදීමට වැඩි ඉඩකඩක් ඇත්තේ,

කලින් විශාදය ( depression) තිබුණු හෝ දැනට එම තත්ත්වයෙන් පෙලෙන අයට

ගර්භනී සමයෙන් පසුව විශාදය (post partum depression)

තත්ත්වයෙන් පීඩා විඳී අයට

උපත් පාලන පෙති භාවිතය නිසා මනෝභාවය (mood) වෙනස් වූ

කාන්තාවන්ට

පවුලේ වෙනත් අයට PMS ඇතිවිට

ශාරීරික ව්‍යායාම අඩු කාන්තාවන් හට

PMS රෝගය හට ගැනීමට හේතුව

PMS ඇතිවීමට නිශ්චිත හේතුවක් සොයාගෙන නොමැත. එහෙත්

එය ඇතිවීමට බලපාන හේතු රාශියක් ඇති බව (multifactorial origin)

අනුමාන කරනු ලැබේ.

එසේ අනුමාන කරන හේතු නම්,

ආර්තව චක්‍රෙය් දී ලිංගික හෝමෝන වන ඊස්ට්‍රජන් සහ

ප්‍රෝජෙස්ටෙරෝන් මට්ටමේ සාමාන්‍යයෙන් සිදුවන ඉහළ පහළ යාම

කෙරෙහි සමහර කාන්තාවන් දක්වන අධික සංවේදි ස්වභාවය

මොළයේ ඇති රසායන ද්‍රව්‍ය වන ඇතිවන වෙනස්කම්

උදාහරණ : සෙරටෝනික් (serotonin)

නොරැඩ්‍රනලීන් (noradrenaline)

ගැමා ඇමයිනෝ බියුටරික් ඇසිඩ් (GABA – Gamma amino butyric acid)

වෙනත් හෝමෝන හා රසායනික ද්‍රව්‍ය වල ඇතිවන වෙනස්කම්

උදාහරණ : තයිරොයිඩ් හෝමෝනය (Thyroid hormone)

ප්‍රෝලැක්ටින් හෝමෝනය (Prolactin hormone)

එන්ඩෝෆින් (Endorphin)

ප්‍රොස්ටග්ලැන්ඩින් (prostaglandin)

අධික ලෙස ලුණු හා සීනි භාවිතය

අධික ලෙස කැෆේන් (caffeine) ඇති තේ , කෝපි වැනි දේ පානය කිරීම

මත්පැන් භාවිතය

(අධික මානසික පීඩාව හෝ ආතතිය (stress) PMS රෝග ලක්ෂණ වැඩිකරන නමුත් එය ඇති කිරීමට හේතු වන බව අනුමාන නොකෙරේ)

PMS හි රෝග ලක්ෂණ පෙන්නුම් කරන වෙනත් රෝග

මෙම රෝග ලක්ෂණ ඇති වෙනත් රෝගද ඇති බැවින්, ඒ පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය. ඉහත කී රෝග ලක්ෂණ නිසා පීඩා විඳීන කාන්තාවන්ගෙන් 25% - 75% පමණ දෙනාගේ රෝග ලක්ෂණ වලට හේතුව PMS නොව වෙනත් ශාරීරික හෝ මානසික රෝගී තත්ත්වයන් බව සොයගෙන ඇත.

මෙය රෝගී තත්ත්වයන් නම්,

ඉරුවාරදය (Migraine)

අපස්මාරය (Epilepsy)

අන්තරාසර්ග පද්ධතිය ආශ්‍රිත රෝග (Endocrinopathies)

බඩවැලේ උද්දීපත තත්වය (Irritable bowel syndrome)

රක්තහීනතාවය (Anaemia)

ශ්‍රෝණි ප්‍රදාහ තත්ත්වය (Pelvic inflammatory disease)

නිජතිතික්ෂ ඉදිමාව (Idiopathic oedema)

ආර්තවහරණය ආසන්නක අවධිය (Peri menopause)

මනෝභාවීය ආබාධ (Affective disorders)

කාංසා ආබාධ (Anxiety disorders)

ආහාර ගැනීමේ පුරුදු ආශ්‍රිත රෝග (Eating disorder)

මත්ද්‍රව්‍ය භාවිතය (Substance abuse)

මේ නිසා ඉහත කී රෝග ලක්ෂණ මතු වූ විට ඉහත කී වෙනත් රෝගි තත්ත්වයන් ඇති දැයි සොයා බැලීම ඉතා වැදගත් වේ. ඒ අනුව මෙවැනි අවස්ථාවක දී කාන්තාවක් වෛද්‍යවරයෙකු හමුවීම නුවණට හුරුය.

වෛද්‍යවරයා රෝග ලක්ෂණත් ශාරීරික හා මානසික රෝග ඉතිහාසයත් ආර්තව චක්‍රය ආශ්‍රිත කරුණුත් සලකා බැලීමෙන් අනතුරුව ඔබ පරික්ෂා කරනු ඇත. රුධිර පරික්ෂණ ආදිය අවශ්‍ය නම් පමණක් ඇනවුම් කරනු ඇත. උදාහරණයක් ලෙස තයිරොයිඩ් හෝමෝන මට්ටම දැක්විය හැක. මෙසේ නිසි ලෙස රෝග තත්ත්වය දැන ගැනීමෙන් නියමිත ප්‍රතිකාර කිරීමට හැකියාව ලැබේ.

PMS රෝග විනිශ්චය සඳහා විශේෂිත වූ පරික්ෂණ විශේෂිත පරීක්ෂණයක් නැත. PMS රෝග විනිශ්චයකට පැමිණීමට පෙර අනෙකුත් රෝගී තත්ත්වයන් නැති බව සැක හැර දැනගැනීම

අත්‍යවශ්‍යය. ඉන්පසු PMS රෝග ලක්ෂණ නිශ්චිතව ඇත්දැයි සොයාබැලිය යුතුය.

PMS අනුමාන කරන විට කාන්තාවන් විසින් තමා අත් විඳීන අපහසුතා සහ ආර්තව චක්‍රය ආශ්‍රිත සිදුවීම දින පොතක සඳහන් කර තැබීම ඉතා වැදගත් වේ. මෙලෙස අඩුම වශයෙන් අනු පිළිවෙලින් ඇතිවන ආර්තව චක්‍ර දෙකකවත් විස්තර දින පොතක සටහන් කිරීම රෝග විනිශ්චය සඳහා උදව් වේ.

රෝග ලක්ෂණ ආර්තව චක්‍රයේ දෙවන භාගයට ( luteal phase) සීමා වන්නේ නම් හා ඔසප් වීම ආරම්භ වීමත් සමඟම එම ලක්ෂණ පහව යයි නම් PMS අනුමාන කළ හැක. තවද මෙම ලක්ෂණ එකම ආකාරයකට සෑම ආර්තව චක්‍රයක දි ම පාහේ මතුවීම PMS හි ස්වභාවයයි.

රෝග ලක්ෂණ ආර්තව චක්‍රයේ ප්‍රථම භාගයේ දී ( follicular phase) ඇති වන්නේ නම් PMS අනුමාන කිරීම අසීරුයි. ආර්තව චක්‍රයේ ප්‍රථම භාගයේදී මතුවන ලක්ෂණ දෙවන භාගයේදී තවදුරටත් වැඩි වෙයි නම් PMS සමඟ වෙනත් රෝගී තත්ත්වයක් ඇති බවට අනුමාන කෙරේ. එවැනි අවස්ථාවක දී එම වෙනත් රෝගී තත්ත්වයන් පිළිබඳවද සොයා බැලිය යුතුය.

PMS සඳහා ඇති ප්‍රතිකාර

මෙම රෝගී තත්ත්වයට නිශ්චිතව ම හේතුවක් සොයාගෙන නොමැත.

එම නිසා රෝග ලක්ෂණ පාලනය වන සේ ප්‍රතිකාර ලබාදීම (conservative treatment) සාමාන්‍යයෙන් සිදුකෙරේ. මෙහිදී රෝගි තත්ත්වය පිළිබඳව අවබෝධය ලබාදීමත්, ජීවන රටාවේ හා එදිනෙදා ක්‍රියා පටිපාටියේ වෙනස්කම් සිදු කිරීමට උපදෙස් ලබාදීමත් සිදුකරනු ලැබේ.

රෝග ලක්ෂණ මතුවන දිනයන් කලින් අනුමාන කළ හැකි නිසා ප්‍රතිකාරයන් එම දින වලට කලින් සිටම සැලසුම් කළ හැක. රෝගී තත්ත්වය මානසික පීඩනය නිසා උත්සන්න වෙයි. එම නිසා මානසික පීඩනය අවම කර ගැනීමෙන් රෝග ලක්ෂණ ද අවම කරගත හැක.

මේ සඳහා ශරීරය ලිහිල් කිරීමේ සහ සිත සැහැල්ලු කර ගැනීමේ ව්‍යායාම භාවිතා කළ හැක. උදාහරණයක් ලෙස හුස්ම ඉහළ පහළ ගැනීමේ ව්‍යායාම දැක්විය හැක.

ශාරීරික ව්‍යායාම වල යෙදීමෙන් අලස ස්වාභාවය, කාංසිය, මානසික පීඩනය හා විශාදිය තත්ත්වයන් අඩුකර ගත හැක.

පානය කරන කැෆේන් (Caffeine) ප්‍රමාණය අඩුකර ගැනීමෙන් රෝග ලක්ෂණ අවම කරගත හැක. තේ සහ කෝපි පානය අඩු කිරීමෙන් නිතර නිතර තරහ යන ස්වභාවය, කාංසිය මෙන්ම පියයුරු වල වේදනාවත් අඩුවන බව සොයාගෙන ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.