කලින් කලට කරදර දෙන පනු රෝග

නොවැම්බර් 20, 2020

මාස තුනකට හයකට වසරකට වරක් ලෙස පනු බෙහෙත් ඔබගේ දරුවාට හුරු කිරීමට වඩා එම රෝගය ඇතිවීමට බලපාන හේතු වලක්වා ගන්න. අප එදිනෙදා ආහාරයට ගන්නා ද්‍රව්‍යයන් ඖෂධ ලෙස සකසා ගනිමින් ඉහත ලෙස අපගේ ආහාර රටාවන් හා චර්යා රටාවන් සකසා ගැනීමෙන් දිගින් දිගට අපට හිරිහැර සිදු කරන ක්‍රිමි රෝගයෙන් වැළකිය හැකිය.

 

බාල කාලයේ සිටම මහලු වයස දක්වාම වුවද ශරීරයට ඉතා පීඩා ගෙන දෙන රෝගයක් ලෙස ක්‍රිමි රෝග හැඳීන්විය හැකිය. ක්‍රිමි රෝග ,පනු රෝග ,කෘමි රෝග යන ආකාර වලින් මෙය හඳුන්වයි.

ක්‍රිමි රෝග ලෙස සඳහන් කරන විට ම ඔබට මතකයට එන්නේ ඔබේ කුඩා දරුවාට වැලදෙන පණු රෝග නැත්නම් කිරිපණුගාය විය හැක. නමුත් ක්‍රිමි රෝග නම් එය පමණක් ම නොවේ. ආයුර්වේදානුකූලව කෘමියා පුද්ගල සිරුරේ හැසිරෙන පිළිවෙළ අනුව ප්‍රභේද දෙකකි.

බාහ්‍ය ක්‍රිමි

අභ්‍යන්තර ක්‍රිමි

බාහ්‍ය ක්‍රිමි

සිරුරේ දහඩිය, කිළිටි වූ හිසකෙස් හා ඇඳුම් ඇසුරු කර සිටිනා ලේඩි ,උකුණන් ,කුඩු ඇල්ම,ගොපැයි මෙම ගණයට ගැනේ. මෙම කෘමීන් ලෙය උරත්ම කැසිල්ල, වේදනාව, ඉදි කටු අනින්නාක් බඳු වේදනා ඇතිවෙයි. මේ සඳහා සුදුසුම වෙදකම පිරිසුදුභාවයයි. හිසත් අඳීන ඇඳුම්, රෙදිපිළි, කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි පවිත්‍රව තබා ගැනීම මගින් මෙම කෘමීන් විනාශ වේ.

සනීපාරක්ෂක දුර්වලතා හේතුවෙන් කඳවුරු, සිරගෙවල් ආශ්‍රිත ජනතාවට කුඩුහොරියා නමින් ඇතිවන හොරි තත්ත්වයක් ද පවතී.මේ සඳහා ද බාහ්‍ය ක්‍රිමි හේතු වේ.

අභ්‍යන්තර ක්‍රිමි

අභ්‍යන්තර ක්‍රිමි ලෙස සිරුර ඇතුළත පිහිටි අන්ත්‍ර ආදියෙහි ජීවත්වන ක්‍රිමීහු ගැනෙති.මොවුන් බාහිර ක්‍රිමීන්ට වඩා ලෙඩ දුක් ගෙන දීමට සමත්ය.

ක්‍රිමීන් පිළිබඳ තව පුළුල් ලෙස ගත් කල උප්පත්ති භේදය මත ද ප්‍රභේද සතරකි.

ස්වේදජ 

කඵජ

පුරිෂජ

රක්තජ

ස්වේදජ ක්‍රිමි යනු පෙර කියවූ බාහ්‍ය ක්‍රිමි ප්‍රභේදයට අයත් වේ. කඵජ, පුරිෂජ හා රක්තජ ක්‍රිමීන් අභ්‍යන්තර ක්‍රිමි ගණයට ගැනෙන අතර, කඵජ හා පුරිෂජ ක්‍රිමීන් මහා අන්ත්‍ර, කුඩා අන්ත්‍ර ,පෙනහලු, ස්වාසනාලය ආදිය ආශ්‍රය කොට පවතින නිසා ආන්ත්‍රික කෘමීන් ලෙස ද ගැනෙයි.

ආන්ත්‍රික ක්‍රිමි වටපනුවා

ගැඩවිලෙකුගේ රූපාකාරය දක්වන මෙම පනු විශේෂය ශරීර හරස්කඩ රවුම් දිග පනු ආකාරයකි. බඩවැල් විකන පනුවා ලෙස ද හඳුන්වන අතර, අප කන ආහාර හරහා කුඩා අන්ත්‍රයට පිවිසෙන පනු බිත්තර පිපිරී ගොස් උපදනා පණු පැටවුන් කුඩා අන්ත්‍රය විද රුධිර නාල ඔස්සේ හෘදයේ දකුණු කුටීර හරහා පෙනහැල්ලට ඇතුළු වී ශ්වාසනාලයේ දිගේ උගුරට පැමිණ නැවත අන්නශෝථය ඔස්සේ කුඩා අන්ත්‍රයට පැමිණ එහි ආහාර රසය උරා බොමින් වර්ධනය වෙති. මෙම චක්‍රය සම්පූර්ණ කිරීමට වටපනුවා හට සති 8-10 කාලයක් ගත වේ .

කිරි පනුවා

අප කාගේත් විශේෂ අවධානයක් යොමු වන කුඩා නූල් කැබැල්ලක් වැනි සුදු පැහැති කිරි පනුවා සාමාන්‍ය ජනවහරේ පවතින නාමයයි. විද්‍යාත්මකව ඡ්දබඥපධඡඪභඵ මඥපථඪජභතචපඪඵ ලෙස හඳුන්වයි.ආමාශය තුළ හැදී කුඩා අන්ත්‍ර තුළ වර්ධනය වී එහිදීම ගැහැනු පනුවන් සමඟ සංසර්ගයේ යෙදෙන පිරිමි පනුවා මියයාම සාමාන්‍යයෙන් සිදුවේ. ගැබ්ගත් ගැහැනු පනුවා මහා අන්ත්‍රයට ද ගුද මාර්ගයට ද ගමන් ගනී. ගුද මාර්ගය අසල සැරිසරණ ගැහැනු පනුවන්ගේ චලන හේතුවෙන් ගුදය, යෝනිය අවට කැසිල්ලක් ඇතිවෙයි. ගුද මඟින් එළියට පැමිණෙන ගැහැනු පනුවා ගුද මුඛය වටා බිත්තර රැසක්ම හෙළයි. ඇලෙන සුළු පදාර්ථයක් වන එම බිත්තර ගුදය වටාම රැඳී සිටී.එහි පවතින විෂ ගතිය නිසාම නියපොතු අගින් කැසීමේදී එම බිත්තර නියපොතු ඇඟිලි හරහා නැවත ශරීර ගත විය හැකිය. මෙම පනු බිත්තර ඇඳුම් ඇඳ ඇතිරිලිවල පවා ඇළී අන් අයට ද බෝවිය හැකිය. ආහාර රසයත් රුධිරයත් උරාබොන මෙම පනු විශේෂය කුඩා අන්ත්‍ර තුළ වර්ධනය වන කාලය තුළ උඩු අතට ගමන් කොට ආමාශ ගත වුවහොත් රෝගියා හෙළන හුස්මේ පවා පුරීෂ ගන්ධය(මලපහ ගන්ධය ) ඇති වෙයි.මෙම ක්‍රියාවලිය සිදු වීමට සති 10-12ක් ගතවේ.

කොකු පනුවා

හොරෙන්ම සිරුරට පිවිසෙන මුහුණෙහි කොකු සතරක් සහිත කොකු පනුවා සෙන්ටිමීටරයක් පමණ දිගැතිය. මල සමඟ පිට වන කොකු පනු බිත්තර පස මත දී පිපිරී කීටයන් පසට එකතුවේ. එම කීටයන් ඇඟිලිකරු පාද ඔස්සේ රුධිර මාර්ගයට එකතු වෙයි.

කස පනුවා

කසයක හැඩය දරන කස පනුවා මහා අන්ත්‍රය ඇසුරු කර ජීවත් වෙයි. එලවළු, පලතුරු, පලා වර්ග නිසි ලෙස පිරිසුදු නොකර අනුභවයෙන් ශරීරගත වන මෙම පනුවා විශාල වශයෙන් ශරීරය ඇසුරු කළ හොත් ලේ සහ සීදම් පාචනය ඇති විය හැකිය.

කිරි පනු රෝගය පමණක් නොව ඉහත සඳහන් සියලුම පනු රෝග ඇතිවීමට වැඩිහිටි අයගේ කුස ට වඩා කුඩා අයවලුන්ගේ කුස ක්‍රිමියාට මහත් තෝතැන්නකි. කුඩා දරුවන්ගේ ආහාර වර්ග හා චර්යා රටා ක්‍රිමීන්ට ඔවුන්ගේ සිරුරට ඇතුළු වීමට මෙන්ම ශරීරය තුළ ජීවත් වීමට ද මහඟු පිටිවහලක් වේ.

ක්‍රිමි රෝග ලක්ෂණ

නිතර නිතර ගුද මාර්ගය යෝනි මාර්ගය අවට කැසීම අතගෑම. නාසය කැසීම

අසූචි සමඟ පනුවන්, පනු බිත්තර, පිටවීම හා පනු වමනය උදරයේ තද ගතිය, වේදනාව හා උදරය මහත් වීම ශරීරයේ ලේ අඩු බව, අලස බව හා මාන්දම ශරීර උෂ්ණත්වය ඉහළ යාම සිරුරේ තැනින් තැන පැහැය වෙනස් වීම අග්නියේ හා ආහාර ජීර්ණ පද්ධතියේ පවතින විවිධ දෝෂ හේතුවෙන් අප ගන්නා ආහාර නිසිලෙස නො පැසවීම නිසා ක්‍රිමීන් අප ආහාර ජීර්ණ පද්ධතියේ අන්ත්‍ර තුළ වර්ධනය වීමට සුදුසු පරිසරයක් සකස් වේ. එම නිසා අප ගන්නා ආහාර හොඳීන් ජීර්ණය වීම මගින් ක්‍රිමි රෝග ඇතිවීමේ අවදානම අවම වේ.

ක්‍රිමි රෝගයෙන් මිදීමට සුදුසු ආහාර හා චර්යා රටා

එරබදු කොළ, අසමෝදගම් කොළ සහ කිරි අඟුණ කොළ සම්බෝලය

බටකිරිල්ල ක්‍රිමි රෝගයෙන් මිදීමට සුදුසු ආහාර හා චර්යා රටා කොළ වළඟසාල් (බැද) ඉඟුරු යන මේවා කුඩු කර බැදි හාල් කුඩු දමා පොල් පැණියෙන් අනා අග්ගලා සෑදීම.

වළඟසාල් හා කරාබු නැටි තැම්බූ ජලය. මාංශමය ආහාර පිසීමේදී අසමෝදගම් කොළ එක් කිරීම.

එළවළු, පලතුරු, පලාවර්ග පිසීමට පෙර ලුණු මිශ්‍ර ජලයෙන් හොඳින් සෝදා ගැනීම.

කුඹුරු ඇට මද, සුදුලූනු ,අරළු ,වළඟසාල්, එළබටු මුල් ,කටුවැල් බටු මුල්,කොහොඹ නැටි, කළුදුරු මෙම වර්ග යොදා සකසා ගන්නා කසාය ද අරළු ,අසමෝදගම් ,ඉඟුරු ,කරපිංචා නැටි තම්බා සකසා ගන්නා කසාය ද ක්‍රිමි රෝග සඳහා යහපත්ය.

කුඩා දරුවන් සඳහා පැණි රස අධික ආහාර දීමෙන් වැළකිය යුතුය.

චර්යා රටා

අපගේ අවට පරිසරය හා ශාරීරික පවිත්‍රතාව මනාව පවත්වා ගැනීම වැසිකිළි යාමෙන් පසුව ආහාරයට පෙර අත් සෝදා හොඳීන් පිරිසිදු වීම නිසි ලෙස වැසිකිළි භාවිතා කිරීම හා කුඩා දරුවන්ගේ මලපහ නිසි ලෙස වැසිකිළි වළට බැහැර කිරීම තෙත සහිත අපිරිසිදු පොළොවෙහි ගමන් කිරීමේදී පාවහන් භාවිතය කුඩා දරුවන් වැලි සෙල්ලම් කිරීමෙන් පසු නිතරම සබන් යොදා ඔවුන්ගේ දෙපා දෙඅත් හොඳීන් පිරිසුදු කිරීම හා ඔවුන්ගේ ගුදමාර්ගය වටාද හොඳීන් සබන් යොදා පිරිසිදු කිරීම. මාස තුනකට හයකට වසරකට වරක් ලෙස පනු බෙහෙත් ඔබගේ දරුවාට හුරු කිරීමට වඩා එම රෝගය ඇතිවීමට බලපාන හේතු වලක්වා ගන්න. අප එදිනෙදා ආහාරයට ගන්නා ද්‍රව්‍යයන් ඖෂධ ලෙස සකසා ගනිමින් ඉහත ලෙස අපගේ ආහාර රටාවන් හා චර්යා රටාවන් සකසා ගැනීමෙන් දිගින් දිගට අපට හිරිහැර සිදු කරන ක්‍රිමි රෝගයෙන් වැළකිය හැකිය. ඖෂධයට වඩා රෝග වළක්වා ගැනීමත් රෝගය අප අතරින් තුරන් කර ගැනීමත් අගනේය.

 

වෛද්‍යාචාරිනී

ගුණවතී එදිරිසිංහ

(ඩි.එස්.ඒ.සී ගෞරව )

බෙහෙත් ශාලාව මැදගොඩ අමිතිරිගල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.