ළදරුවාගේ වැඩීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අඩු නම් මාන්දම් රෝගය

ඔක්තෝබර් 30, 2020

 මාන්දමින් වැළකීමට නම් හොඳ ආහාරයන් ලබා දිය යුතුය. දරුවන්ට දිය යුතු ධාන්‍ය වර්ග, එළවළු හා අලුත් පලතුරු කොතෙකුත් ඇත. එළවළු වර්ග වැඩියෙන් වැඩි වේලාවක් තැම්බීමෙන් හා තෙලෙහි බැදීම ආදි හේතුන් නිසා ඒවායේ අඩංගු පෝෂණ කොටස් විනාශ වේ.

 

මෙලොවට බිහිවෙන සිඟිති බිලිඳුන් හට ලබාදෙන පෝෂණය තුළින් නිරෝගී කායික හා මානසික වශයෙන් පිරිපුන් දරුවකු ඇතිකරගත හැකිය. මාන්දම් රෝගයෙන් පෙළෙන දරුවකු තුළින් පෙන්වන රෝග ලක්ෂණ අතර, දත් ඒම, ඇවිදීම, කථා කිරීම ආදි ක්‍රියාකාරකම් වයසට අනුව සිදු නොවේ.

එමෙන්ම සැඟවුණු මාන්දම් ලක්ෂණ හා පෙන්නුම් කරන මාන්දම් ලක්ෂණ වශයෙන් දෙයාකාරයකට පෙන්වා දී ඇත. ළදරුවාට මාස හයේ සිට අවුරුදු දෙක දක්වා සැඟවුණු මාන්දම් ලක්ෂණ පෙන්නුම් කළ හැකිය. දත් ඒම ප්‍රමාදවීම, හිසට දහඩිය දැමීම, මළ බුරුල්ව යාම, පුදුම ආකාරයට කේන්තියාම, කටහඬ වෙනස්ව පැවතීම ආදියයි. අනෙකුත් මාන්දම් රෝග ගැන බැලීමේදී තේරුම් ගත හැකි ලක්ෂණ වන්නේ වයසේ ප්‍රමාණයට දරුවාගේ වැඩීම සිදු නොවීමයි.

තවද හිස විශාලයට පෙනේ, ගුදය පහත්වීම, සමේ කොරළ මතුවීම , නිතර මුත්‍රා පිටවීම ආදි ලක්ෂණ ද ඇති වේ. නින්දෙන් අවදි වූ විගස කෑගැසීම, ක්ලාන්තගතිය, හිසරදය හා මාංශ පේශීන් දුර්වලවීම, ප්‍රමාණයට වඩා උදරය ඉදිරියට නෙරා ඒම ද වේ. එමෙන්ම මාන්දම් රෝගයේදී කෙස්වල වර්ණය වෙනස්වීම, කෙස් ගැලවීයෑම, සමේ වර්ණය වෙනස් වීම, හතියක් ඇතිවීම, සමෙහි කොරපොතු හට ගැනීම ආදි ලක්ෂණ ද පෙන්නුම් කෙරේ. මෙම රෝගයේ දී ප්‍රභේද කීප ආකාරයකින් වර්ග කොට ඇත. සමහර ආයුර්වේද ග්‍රන්ථිවල එය දහඅටක් ලෙස සඳහන් කෙරේ.

කිරි මාන්දම, පණු මාන්දම, ගල් මාන්දම, ශීතලමාන්දම, උර්දුමාන්දම, ශ්ලේෂ්මලමාන්දම. කුරුමිණි මාන්දම, උණසන්නි මාන්දම, වාත මාන්දම, අජීර්ණ මාන්දම ,වලිප්පු මාන්දම ආඩ මාන්දම, කෝලසන්නි මාන්දම, අගිරි මාන්දම, ගුණා උණ මාන්දම, කාල මාන්දම, තාඩ මාන්දම, පෙරු මාන්දම ද වේ. එමෙන්ම තවත් ආයුර්වේද ග්‍රන්ථවල මාන්දෂ රෝගය ගැන දක්වමින් වැලිකන මාන්දම, අළුකන මාන්දම, ගල්කන මාන්දම, කුලම්බු මාන්දම , වලිප්පු මාන්දම, කඵජ මාන්දම යනුවෙන් මාන්දම් රෝගයේදී ඇතිවන නොයෙකුත් ආකාරයේ ලක්ෂණ පෙන්නුම් කොට තිබේ. මාන්දම යනු මන්දතාව හෙවත් අඩු බව යන තේරුම ගෙන දේ. මාන්දමට පෝෂණයේ අඩු බව හා ආහාරයේ පෝෂණ පදාර්ථ අඩුකම ගැන කිව හැකි ය.

මාන්දමින් වැළකීමට නම් හොඳ ආහාරයන් ලබා දිය යුතුය. දරුවන්ට දිය යුතු ධාන්‍ය වර්ග, එළවළු හා අලුත් පලතුරු කොතෙකුත් ඇත. එළවළු වර්ග වැඩියෙන් වැඩි වේලාවක් තැම්බීමෙන් හා තෙලෙහි බැදීම ආදි හේතුන් නිසා ඒවායේ අඩංගු පෝෂණ කොටස් විනාශ වේ. දරුවන්ට අලුත් එළවළු, පලතුරු ,පළා වර්ග, කුඩා මාළු වර්ග ආහාරයට නොදී කෘත්‍රිමව හා ක්ෂණිකව සාදනු ලබන බීම වර්ග, ශීත බීම වර්ග හා රසකාරක යෙදූ තෙල් අධික පිටි, සීනි , ලුණු අධික කෑමට දරුවන් යොමු කිරීම නිසා ඔවුන්ට අවශ්‍ය නිසි පෝෂණයක් ඉන් නොලැබේ. එහිදී කුසගින්න අඩු වැඩි වීමක් ඇති වේ. මේ නිසා සමහර ද්‍රව්‍යවලට ආශාවන් ඇති වේ. ඒ අනුව අඟුරුකෑලි, ගල් ,මැටි , සහල්, කඩදාසි ,කාඩ්බෝඩ් කෑලි ආහාරයට ගැනීම පෙළඹේ.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.