මුඛ රෝග හඳුනා ගනිමු

ඔක්තෝබර් 30, 2020

ආයුෂ විදීම යනු ආයුර්වේදයයි. නිරෝගි අයගේ නිරෝගිකම ආරක්ෂා කිරිම රෝගී අයගේ රෝග සුවපත් කිරීම ආයුර්වේදයේ ප්‍රයෝජනයයි. අපත්‍යය ආහාර විහරණ, ගැනීමෙන් ශරීරයේ දෝෂ,ධාතු මළ දූෂිත වී ලෙඩ රෝග ඇතිවෙයි. අප කථාකරන මුඛ රෝගයටද ප්‍රධාන

හේතුව එයයි.

මුඛ රෝග පන්සිය හැටක් (560) යැයි ආයුර්වේදයේ කියති. මෙයින් තොල්, දත්මුල්, දත්, දිව, දිවමුල, තලු, ගෙල යන ස්ථානයන්හි උපදින රෝග බොහෝ පීඩා දෙයි. සමස්තයක් වශයෙන් ගත් කල මෙකී රෝගයන්ට ප්‍රධානම හේතුව අපත්‍යය ආහාර විහරණයි.

වර්තමානයේ සමාජය තුළ මුඛ පිළිකා බහුලව දක්නට ලැබෙයි. “හුනු හා දුම්කොළ දිවට තබා විට කෑම හා අධික ලෙස දුම් බීම එයට ප්‍රධාන හේතුව වෙයි. දත් දිරායාම විදුරුමස් දියවීම, විදුරුමසින් ලේ යාම , කට ගඳ ගැසීම, දත් බුරුල්වීම, දත් පණුවන් කෑම, තොල් පැළීම, දත මුල ගෙඩි ඒම, දිවයට මාංශ ඒම, අධිමාංශ යන රෝග අතුරු ආබාධ වශයෙන් ඇතිවෙයි. මෙකී රෝගයන්ගෙන් නිරෝධායනය වීමට දේශීය වෙදකමේ ඇති රෝග නිවාරණ කිහිපයක් පහතින් දැක්වෙයි.

මුලින් ශරීරයේ ඇති දෝෂයන් සමනය වීමට විරේකයක් කළ යුතුයි.

සෙනෙහෙකොළ ,කටුකරෝසන , සුදුලූනු,

කලං 2 බැගින් ගෙන පත 4 එකට සිඳවා සීනි දමා දෙවේලට බොන්න. ප්‍රත්‍යක්ෂයි.අත් දුටුවයි. දේශීය වෙළඳපොළෙහි ඇති සුකුමාරක ආයුර්වේද චූර්ණය රැගෙන බොන්න.

දත් පණුවන් කෑමට, කට දුගඳ හමනවාට දත්මුල් දියවීම, දත්වලින් ලේ හා සැරව ගැලීමට පොල්මුල්. පුවක්මුල්, පිලමුල් සමව ගෙන තම්බා සීනක්කාරම් කුඩු දමා කට සෝදන්න.

අරළු, සිවිය, පිටවක්කා මුල්, අමුඉඟුරු කලං 4 බැගින් ගෙන 8/1 සිඳ පෙරා දෙවේලට තිප්පිලි කුඩු , සහිඳ ලුණු දමා බොන්න (දෙවේලට බොන්න) වඩි කිහිපයක්.

දත් සවිවීමට

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.