අත එසවීමේදී ඇතිවන උරහිස් වේදනාව

ඔක්තෝබර් 23, 2020

අද සමාජයේ වැඩි දෙනකු පීඩා විඳින රෝගයක් ලෙස උර හිස් වේදනාව පත්ව ඇත. ඒ අත් දෙකම හෝ එක අතක් එසවීමේදී ඇතිවන වේදනාවයි. උරහිස් සන්ධි ආශි‍්‍රතව හැදෙන මෙම රෝගය කොයි මොහොතේදී හෝ අධික වේදනාවට පත් කරවන්නකි.

 

ටිකෙක් ටික මතුවන මෙම රෝගය ගැන නොසැළකිළිමත් වුවහොත් ක්‍රම ක්‍රමයෙන් වේදනාව වර්ධනය වී අත ඉස්සීමට අත පැත්කට හැරවීමට අත දික්කර යමක් ගැනීමට කොණ්ඩය පීරීමට හෝ කොණ්ඩය බැඳීමට ඇඳුමක් පැළඳුමක් ඇඳ ගැනීමට මෙන්ම අතහැරවීමට දිග හැරීමට හෝ හැකියාවක් නොමැති වේ. මේ තත්වය ඇතිවීමට කරුණු රාශියක්ම මුල් වේ. ඉන් ප්‍රධාන ලෙස කිවයුතු වන්නේ උරහිස් හන්දියට බරගෙන දෙන කටයුතුවල නිරන්තරයෙන්ම යෙදී සිටීමයි. එනම් යමක් තල්ලු කිරීම, බරක් එල්ලා ගෙන යෑම, යම් යම් දේ අත උස්සමින් කැපීම ආදීන්ද වේ. මේවා හේතු කොටගෙන හැදෙන උරහිස් වේදනා වේ උරහිස් සන්ධිය හා බෙල්ල ආශි‍්‍රතව හැදෙන වේදනාව ද අධික වේ. මූලික වශයෙන් මෙම රෝගය ඇතිවීමේදි උරහිසේ වේදනාව, උණ ගතිය දැනීම, උරහිස අල්ලන විටත් වේදනාව දැනීම හා ඇඟ මතට අමුතු රෝගී තත්වයක් ඇතිවීමද වේ.

උරහිස සන්ධි අස්ථි තුනකින් සංයුක්තය. එය උඩබාහුවේ ඇති දිගුම අස්ථියයි. මුළු උරහිස් සන්ධිය ශරීරයට සම්බන්ධ වීම අක්ශකාෂ්ථිය පපුව මැදට එක්වන සන්ධියයි. උරහිස් සන්ධියේ වේදනාව වගේම තුනටියේ වේදනාවද එම තත්වයට පත්වූ රෝගීන් මහත් වේදනාවට පත් කෙරෙන රෝගයකි. තුනටියෙ වේදනාවට මුල්වන ප්‍රධානතම රෝග ලක්ෂණය වන්නේ කොඳු ඇට පෙළ පහළ ප්‍රදේශයේ ඇතිවන වේදනාවයි. මෙම වේදනාව ටිකෙන් ටික මතු වී පහුවන විට ශරීරයට නොපෙනෙන ලෙස අධික වේදනාව උග්‍ර වීමයි. එවිට එක තැන වාඩිවී සිටීමට පවා නොහැකිවී අපහසුතාවයට පත් වේ. මෙය වාත රෝග ගණයට අයත් රෝගයක් බව කිව යුතුය. පුළුවන් තරම් වැර යොදා බර එසවීම නිවැරදි ඉරියව්වෙන් කටයුතු නොකිරීමට ද වේ. මේ හැම දේකටම වඩාත්ම බලපාන්නේ ශරීර ශක්තියේ පවතින දුර්වලතාවයන්ය. ආහාර හේතුන්ද බෙහෙවින්ම බලපාති. ආහාර ගැනීමේදි කෘත්‍රිම රසකාරක, වර්ණකාරක, සුගන්ධි කාරක වගේම කල්තබා ගැනීම හැකි ආහාරපාන දින ගණනාවක් තිස්සේ ශීතකරණයේ තබා ආහාරයට ගැනීමත් වේ. උර හිස් වේදනාව හෝ තුනටියේ වේදනාව හටගත් විට සමහරුන් කිසිදා වෛද්‍ය උපදෙසත් නොලබා ව්‍යායාම්වල යෙදීමට ද පෙළඹේ. එය රෝගී තත්වය උස්සන්න වීමට හේතුවක් වේ.

රෝගී තත්ත්වයන් තේරුම් නොගෙන වෛද්‍ය උපදේශයකින් තොරව ව්‍යායාම්වල නිරත වීමෙන් තව තවත් රෝගී තත්ත්වයන්ද ඇතිවිය හැකිය. ගෙළ ප්‍රදේශයේ කශේරුකා පීඩාවක් නිසාවෙන්ද උරහිස් උඩබාහුව, යටිබාහුව ඇඟිලි දක්වා ක්‍රම ක්‍රමයෙන් ඇතිවන වේදනාව ඇඟිලි හිරිය හෝ ඇඟිලි පුපුරු ගසන්නාක් මෙන් දැකිය හැකිය. අත්වල පේෂි වැහැරීම පවා ඇතිවිය හැකිය. උරහිස්වල වේදනාව වගේම බොහෝ දෙනෙකුට අතපය වල නැවෙන දිග හැරෙන තැන්වලත් එහෙමත් නැත්නම් හන්දිපත් වේදනාවත් පවතී. අධික ලෙස මහන්සියට පත්කෙරෙන වෙහෙසෙන රැකියාවල, ගෙදර දොර කටයුතුවල නිරත වීමත් මෙසේ හන්දිපත් වේදනාවට ලක්විය හැකිය. වඩාත්ම මේ රෝගී අවස්ථාවන්ට ලක්වන්නේ වයස්ගත වීමත් සමගයි. එහෙත් තරුණ වැඩිහිටි අයට ද උරහිස් වේදනාව කොන්දේ කැක්කුම නැතුවා නොවේ. වඩාත්ම උරහිස් වේදනාවෙන් පීඩාවට පත්වන්නේ වයස හතළිහෙන් පසුවයි. වයස්ගත වන විට විශේෂයෙන් උරහිස සන්ධිය තුළ හා ඒ අවට පවතින පටකවල ඇතිව වෙනස් වීම් නිසා උරහිස තුළින් වේදනාවක් ඇතිවේ. උරහිස් සන්ධිය සෑදීමට සන්ධි තුනක් සම්බන්ධ වේ. අපර බාහුවේ උරපත්ත හා කොලර් අස්ථියයි. උරහිසේ ඇතිවන වේදනාවට තවත් හේතුවක් වන්නේ උරහිස වටා ඇති කුඩා හා විශාල පේශින් උරහිසේ චලනය සිදුවන විට විවිධ අයුරින් ක්‍රියාත්මක වීමයි. උරහිස් සන්ධිය යම් යම් ක්‍රියාවල නිරත වීමේදි යම් වෙනසකට ලක්විය හැකිය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.