රෝග සොයන්න 6 වැන්න බලන්න

ඔක්තෝබර් 23, 2020

ජන්මියෙකුගේ ජීවිතය ගෙනයාමේදී තමාගේ වැඩකටයුතු අවුල් වී යාමට හේතුවන ප්‍රධාන බාධකයන්ගෙන් එකක් වනුයේ රෝග පීඩායි. මෙය උප පීඩක කර්මය පලදීමක් යැයි කිව හැක. මෙම කර්මය පලදීම පිළිබඳ විනිශ්වය කරන්නේ ජන්ම පත්‍රයක සයවැන්නයි. මෙය රෝග ස්ථානය යයි හඳුන්වනු ලබයි.

සයවන භාවය පරීක්ෂා කිරීමේදී සයවන භාවය, එහි අධිපතිය. එහි සිටින ග්‍රහයා, සය අධිපතියා සිටි නැකත, ග්‍රහ දෘෂ්ටි ආදිය පරික්ෂා කළ යුතුයි.

යම් ජන්මියකුගේ සයවැන්න කටක ,වෘශ්චික, මීන යන රාශිවලින් එකක් වුවහොත් එම ජන්මියාට සෙම් කිපීමෙන් හටගන්නා රෝගවලට ඉඩ ඇත. මේෂ, සිංහ, ධනු යන රාශිවලින් එකක් සයවැන්න වූ විට එම ජන්මියාට වාතයෙන් හටගන්නා අසනීප ද වෘෂභ, කන්‍යා, මකර රාශිවලින් එකක් සයවැන්න වු විට එම ජන්මියාට වාතයෙන් හටගන්නා අසනීප ද වෘෂභ, කන්‍යා, මකර රාශිවලින් එකක් සයවැන්න වූ විට වා, සෙම්, පිත් යන තුනෙන් දෙකක් කිපීමෙන් හටගන්නා රෝග සෑදේ. සඳු සයවැන්නේ නම් පෙණහැලිවල හෝ පපුවේ ආබාධ හට ගනී. බුධ සයවැන්නේ නම් නහර දුර්වලත්වයක් නැත්නම් හමේ රෝග සෑදේ. සිකුරු හයවැන්නේ නම් ශරීරයට ගන්නා ආහාර හරියට පෝෂණය නොවන නිසා උදර රෝග සෑදේ.

ගුරු හය වැන්නේ නම් අජීර්ණ රෝග, සෙංගමාලය. අක්මා රෝගවලට ඉඩ ඇත.

ශනි හයවැන්නේ නම් හොරි, වණ, කුෂ්ඨ වැනි රෝග සෑදේ. රාහු හයවැන්නේ නම් ආහාර ගන්නා ප්‍රමාණයට ශරීරය ශක්තිවන්ත නොවේ. එනම් සිහින් සිරුරක් හිමිවේ. කුජ හයවැන්නේ නම් ජන්මියා නිරෝගී ශක්තිවන්ත වේ.

යම් ජන්මියකුගේ සයවැන්නාධිපතියා ලග්නයේ නම් එම ජන්මියාට නිතර නිතර හිස් කැක්කුම් වැනි රෝග සෑදේ. තව ද ස්ත්‍රියකට ගර්භාෂයේ දෝෂයන් නිසා දරුවන් ලැබීමේදී අපහසුතා ඇතිවේ. පිරිමියෙකුට නම් උදර රෝගයන් ඇතිවේ.

හයවැන්නාධිපතියා දෙකේ නම් එවැනි අයට දත් රෝග ඇතිවන්න ඉඩ ඇත. හය අධිපතියා හතරේ නම් පපුවේ හෝ පෙණහැලිවල ආබාධයත් ඇතිවේ.

හය අධිපතියා හතේ නම් මුත්‍රා රෝග, ලිංගයේ ආබාධ වැනි රෝග පීඩාවලට ඉඩ ඇත.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.