සර්ප විෂට – පිළියම්

ඔක්තෝබර් 23, 2020

විෂ දෙවර්ගයකි. ස්ථාවර හා ජංගම යනුවෙනි. මුල්, කොළ, සුඹුළු ඇට, මල්, ලොඳ ආදිය ස්ථාවර විෂ වෙයි. මීට බාහිර සර්ප, මී, කූඩලු ආදීන්ගේ විෂ ජංගම විෂ වේ.

ථාවරං ජංගම ද්වෙති විසං ද්විවිධ මුච්චතෙ

පඨමං මුල පත්තාදි පරං සප්පාදි සම්භවං” යි ඒ සඳහන්ය.

නාගයින්ට පිත්තාධික ශරීරය, පොළඟුන්ට වාතාධික ශරීරය ,තෙලි සර්පයින්ට ශ්ලේෂාධික ශරීරය. ඔවුනොවුන්ට එකතුවෙන් උපන් සතුන්ට විෂ යුවල වෙයි. එනම් නයාට දාව පොළොං දෙනගේ කුස උපන් පොළඟා ගේ වා, පිත් සමවූ සිරුරු ඇතිවෙයි. පොළඟාට දාව නාග දෙන කුස උපන් නාගයාගේ වා, පිත්, සම වෙයි. තෙලි සර්පයාට දාව පොළොං දෙන කුස උපන් පොළඟාට පිතින් සෙමෙන් යුතු ශරීරය ඇතිවෙයි. නාගයා දෂ්ට කළ තැන කාල වර්ණ වෙයි. වාත ප්‍රකෝප ද ඇති කෙරේ. පොළඟා දෂ්ට කළ තැන කාලවර්ණ වෙයි. වාත ප්‍රකෝප ද ඇති කෙරේ. පොළඟා දෂ්ට කළ තැන මහත් ඉදිමුම් ඇතිවේ. රන්වන්ය. සියලු පිත් ලක්ෂණ ඇතිවෙයි.

වාතපිත්ත කඵුදොකො ඵනී මණ්ඩල රාජිලා

යථාක්ත මෙන විඤ්ඤෙය්‍යා ව්‍යන්තරාද්වන්ද රුපිනො

දංසොඵනි කතොකණ්නො සබ්බ වාත විකාරනො

පිතොමඬලීජෙ සොථිථු පිත්ත විකාරවා යනාදි ලෙසින් සඳහන් ය.

සර්ප දෂ්ටනයක අසාධ්‍ය බව මෙසේ සඳහන් ය.

කත්නි හා භරණි රුද්ද මහා පුබ්බත්ත යාදිසු

සප්පදට්ඨොන ජීවෙය්‍ය භාවෙ වා කිච්ඡ සාදිසො

නවම් පඤ්ච මීජට්ඨි තථාකණ්ගෙ චතුද්දසි

චතුත්ථී තිථිය ජක්‍ධංච දඨානං විස්මමහඞ

යි පරිදි කැති බෙරණ, අද, මා පුවසල , පුවපුටුප, පුවපල් යන නැකැත්වලින් සර්පයින් දෂ්ට කළහොත් ජීවිතය රැක ගත නොහැකිය. සෙසු නැකැත්හිද විෂ පාදයෙන් කන ලද්දේ නම් අසාධ්‍ය වෙයි. නවවක, විසේනිය, සැටවක , කළුවර පක්ෂයෙහි තුදුස්වක අව ජලවක, සොහොන් මිනී දවන තැනකදී සර්පයින් දෂ්ට කළහොත් ඒ ද අසාධ්‍ය වන්නේය.

බන්ධතාචුසනච්ඡේද දාහස්සා වා පකිත්තිතා

පුබ්බං දට්ඨස්ස පාන ච හදයා වරණං සතා”

කෑ තැනින් විෂ පැතිර යා නොදෙනුවට යමකින් බැඳීමද, මුඛයෙහි බෙහෙත් ලා විෂ උරා ගැන්මද, දෂ්ට කළ තැන මස් කපා හැරීමද, කෑ තැන දවා හැරීමද, කූඩැල්ලන් ලවා ලේ හැරවීමද හිතය. සර්ප දෂ්ටනය ලක්වුවහුගේ විෂ හදවතට යා නොදීමට සර්ප දෂ්ටනය වූ විගස ද ගිතෙල් පානය කරවන්න.

නාග විෂට

නාග විෂට නිකකොළ ,කළ කොළ, සමසේ ගෙන මිරිකා ගත් යුෂ පානය කරවීම නිකමුල් අඹරා එම යුෂ පෙවීම එම මුල් මුවෙන් සැපීම පිළියම් ය.

මිරිස් සවිඳ ලුණු, පෙරුම්කායං බුකිද සම සේ ගෙන එළඟිතෙලින් අඹරා නර මුත්‍රයෙන් ඇඟ ලෑම . එමෙන්ම ඉන් නස්‍ය කිරීම නාගවිෂට පිළියම් ය.

කටුකරඬු මුල් යුෂයෙන් මිරිස් දහසක් වර තෙමමින් වියලා පානය කරවන්න. නයි විෂ නසී.

මූණමල් ඇට සීනි සමවගෙන නරමුත්‍රයෙන් අඹරා පානය කරවන්න. නශ්‍ය කරවන්න.

මළ ගැඩවිලෙකු ගෙන නරමුත්‍රයෙන් අඹරා ඉන් පාන නශ්‍ය ආලේප කරන්න.

දේවදාර කොළ මුල්, ඇට,පොතු, සමව ගෙන කාඩියෙන් අඹරා පාන නශ්‍ය ආලේප කරවන්න. නාග විෂ නසයි.

පොළොං විෂට

නුග දළු, වැල්මදට, ජීවකවෘශක ,ඇත්දෙමට , වැල්මී, සම පමණින් ගෙන කසාය කකාරා සීනි මිශ්‍රව පානය කරවන්න. පොළොං විෂ නසී.

කෝමාරිකා, කරවිල, සිහින් මිදි, මුරුංගා පෙරුම්කායං, සමව ගෙන නරමුත්‍රයෙන් අඹරා ආලේප කරන්න. පොළොං විෂ නසාලයි.

හීරැස්ස, එළකිරෙන් සිනිදුව අඹරා ඉස්ම පානය කරවන්න. සියලු පොළොන් විෂ බසී.

කටුවෙලඟ, මාරාමුල් සම පමණින් ගෙන කරදියෙන් අඹරා ආලේප කරන්න. පොළොං විස බසී.

සියඹලා පොතු, සීරැස්ස මුල්, මුරුවා මුල් , දෙහි යුෂ සමඟ අනා පානය කරවන්න. නැතහොත් ලේප කරන්න. පොළොං විෂ නසී.

වරා මුල්, ඇල්දියෙන් පෙරා පානය කරවන්න. පොළොං විෂ නසී.

ගම්මිරිස් කොළ හෝ තිත්ත ලබු මුල් හෝ ඇපල හෝ කාඩි දියෙන් අඹරා ආලේප කරන්න.

පොළොං විෂ නසී.

අවරි, මුරුංගා බක්මී මේවාගේ මුල් ගෙන නරමුත්‍රයෙන් අඹරා ආලේප කරන්න. පොළොං විෂ නසී.

අත්තන කොළ, සිනිඳුව අඹරා උණුගන්වා තබන්න. පොළොං විෂ බසී.

තෙලිසර්ප විෂට

වල්තුඹ අල එළකිරෙන් අඹරා පොවනු තෙලිසර්ප විෂ නසී.

ඉරමුසුමුල් නරමුත්‍රයෙන් අඹරා නශ්‍ය කරනු තෙලිස් විෂ නසී.

වදකහ, සාරණමුල්, සමසේ ගෙන කාඩියෙන් අඹරා පොවන්න. තෙලිස් විෂ නසී.

තිප්පිලි, සවින්දව සමසේ ගෙන අඹරා මී පැණි හා එළ ගොම යුෂයෙන් පොවනු. තෙලිස් විෂ නසී.

සියලු සර්ප විෂට

කටරොඩු මුල්, කොල්ලන් කොළ, මිරිස් සමසේ ගෙන කාඩිදියෙන් අඹරා එහිම කලතා නශ්‍ය කරනු. සියලු සර්ප විෂට පිලියම්ය.

පෙරුංකායම්, පෙනෙල ඇට සමව ගෙන නරමුත්‍රයෙන් අඹරා නශ්‍ය කරනු. හැම සර්ප විෂ නසයි.

සාරණ යුෂයෙන් පෙරුංකායම් සිනිඳුව අඹරා ඉස්ම නශ්‍ය කරනු හැම සර්ප විෂ නසයි.

විෂ්ණුක්‍රාන්ත යුෂ නශ්‍ය කරන්න.

අඹ පොතු, අත්තික්කා, පොතු යුෂ සම පමණින් ගෙන නශ්‍ය කරන්න.

සපු පොතු හෝ සපුමල් යුෂ හෝ නශ්‍ය කරන්න. සියලු සර්ප විෂ නසී.

හාතාවාරිය මුල් කාඩියෙන් නශ්‍ය කරන්න. සියලු සර්ප විෂ නසී.

දෙහි ඇඹුල්, දොළොස් කළඳක හා මිරිස් කළඳක් ගෙන කාඩි තුන් පතක දියකොට පානය කරවන්න. සියලු සර්ප විෂ නසී.

වැටකොලු ඇට, මාරා ඇට, තිත්ත ලබු ඇට, කොසඹ ඇට මේ හැම සමව ගෙන නරමුත්‍රයෙන් අඹරා නශ්‍ය කරන්න. සියලු සර්ප විෂ නසී.

වරාකොළ, සෛන්ධව සුදුසු පමණට ගෙන නර මුත්‍රයෙන් ආලේප කරන්න. හැම සර්ප විෂ නසයි.

ගිතෙල් එළු මුත්‍ර එක්කොට කලතා පොවනු. සස්සඳ මුල් මෝරුවෙන් අඹරා කලතා පොවනු. කෑ මුඛයේ ගාන්න. කටේ තබා සිටින්න. සියලු සර්ප විෂ නසන පිළියමකි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.