ඔබ ගැන කියන ඔබේ කෙස් කළඹ

ඔක්තෝබර් 23, 2020

ගමන බිමන දේහ විලාශය වගේම කිසියම් අයෙකුගේ කෙස්කළඹ අනුවද ඔහුගේ හෝ ඇයගේ චරිත ස්වභාවයන් පැවසිය හැකි බව පැරණි කාලයේ විසූ ඍෂීවරුන් පවසා ඇතැයි අපේ පැරණි පත පොතෙහි සඳහන් කර ඇත.

හැම අයෙකුටම උපතින්ම උරුමවී ඇති හිසකෙස් කෙනෙකුගෙන් කෙනෙකුට විවිධාකාර වෙනස්කම් පෙන්වයි. එම වෙනස එක් එක් අයගේ චරිත ලක්ෂණ වෙනස් කිරීමටද හේතුවක් වෙයි.

මධ්‍යම ප්‍රමාණයෙන් ඝනව, දිගටිව පිහිටා ඇති කොණ්ඩය කාන්තාවකට මහඟු ආභරණයකි. මෙවන් හිසකෙස් පිහිටි ස්ත්‍රිය බොහෝ සැප සම්පත් ලබන අතර තම උත්සාහය තුළින් ජීවිතය ජීවිත් කර ගැනීමට ඉමහත් වෙහෙසක් දරයි. ලේඛන කලාව හා මාධ්‍ය අංශවලටද සම්බන්ධ වන මොවුන් හොඳ සංකල්පනාවන් බිහි කිරීමට හැකියාවක් පෙන්වයි. ස්ත්‍රියකට තවත් වඩා සුබ ඵල ගෙන දෙන ආකාරයේ හිසකෙස්වල පිහිටීමක් වනුයේ මී මැස්සෙකුගේ පියාපත් මෙන් ඉතා යහපත් වර්ණයෙන් හිසකෙස්වල අගකොටස් වක්‍රාකාරව මදක් නැමුණූ ආකාරයෙන් පිහිටා තිබීම වෙයි. මෙසේ වූ විට බොහෝ සැප සම්පත් ලබමින් ඉතා වාසනාවන්ත මිහිරි යුග ජීවිතයක් ගත කිරීමට වාසනාව හිමිවනු ඇත.

ඝනව වැඩුණු කෙස් කළඹ බෙල්ල තෙක් වැටී ඇති කාන්තාව අන්‍යයන් ගැන නොසිතන කුල සිරිත් චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය නොකරන, නවීන විලාසිතාවන් පි‍්‍රය කරන ආත්මාර්ථකාමි ගති පෙන්නුම් කරයි. එකට පැටලුන අවුල් සහගත අගට යෑමේදී මහත්වු හිසකෙස් ඇති ස්ත්‍රිය වාසනාවන්ත නොවේ. පී‍්‍රතිමත් යුග ජීවිතයත් ගත කිරීමට වාසනාව නොමැති ඇයට දුක්බර ජීවිතයක් උරුමයි. තමන් හට හැසිරවිය නොහැකි කේශ කලාපයක් හිමි කතද අවාසනාවන්තය. හැම මොහොතකම සුළු දෙයකට පවා කෝපවෙන ඇය ලද දෙයින් සතුටු නොවන අතර හැමවිටම අසතුටෙන් කල් ගෙවන්නීය. තවද ඇය යුග ජීවිතයකට පත්වු පසුවද තම ස්වාමියා හා දබර කිරීමට පෙළඹේ. අන්සතු දේවල් ගැන නිතර සෙවිල්ලෙන් පසුවන ඇය අන්‍යයන් අපහසුතාවට පත්කර සතුටු වන්නියකි.

ඉතා දික්වූ මහත කෙස් ඇති කාන්තාවගේ ස්වාමියා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්විය හැක. පිරුණු බවින් යුතු හිසකෙස් පිහිටා ඇති කාන්තාව අධික මානයෙන් යුතුවන අතර කාම සල්ලාලයින් හා දිවි ගෙවන්නියකි.

පිරිමියෙක් දෙස බැලීමේදී ඔහුගේ කෙස් කළඹ කළු පැහැතිව, ඝනවූ මට සිලුුටුව ඇත්තේනම් හෝ ශාන්ත වූ ගතිගුණ ඇත්තෙකි. ඉක්මනින් කෝප සහගත නොවන තැන්පත් ගතිගුණ වලින් පිරුණු මොහු ඉතාමත් ධෛර්යවන්තය. අන්‍යයන්ට කරදරයක් නොවන ලෙස ජීවත්වන මොහු මිතුදමක් වුවද ස්ථිරව පවත්වාගෙන යයි. මිතුරන් අතරද ජනපි‍්‍රය වේ. මොවුන්ගේ දුර්වලකමක් ලෙස දැක්විය හැක්කේ පටන් ගත් කාර්යයක් අවසාන තෙක් නිම කිරීමට අසමත්වීමය. එබඳුම කෙස්කළඹක් හිමි කාන්තාව ආශාවන් කෙරෙහි වැඩිපුර සිත් යොමු නොකරයි. හැම දෙයක් කෙරෙහිම විමසිල්ලෙන් පසුවන ඇය කාම සේවනයට කැමැත්තක් නොදැක් වුවද තම සැමියාට වැඩි ආදරයක් දක්වයි. ශක්තිමත් ශරීරයක් නැති වුවද මැය දුර්වල තැනැත්තියක්ද නොවේ. හැමවිටම සතුටින් කල් ගෙවයි.

තරමක් කෙටිවූ ,පිරුණු බවකින් යුක්ත වූ කෙස් කළඹක් පිහිටීම ස්ත්‍රියකට සුබ නොවේ. මහත් ආඩම්බර ගතියකින් යුක්තව ජීවත්වන මෙවැනි ස්ත්‍රීන් දාමරිකයින් හා දරුණු පුද්ගලයන් සමඟ පවා හිතවත්කම් ඇතිකර ගනිති. පුරුෂයින් මෙන් මොවුන් ක්‍රියාශීලිය.

කණවැන්දුම් භාවය ඇතිවන ස්ත්‍රීන්ගේ හිසකෙස් පිඟුවන් වර්ණයෙන් යුක්තය. රළුවූ ලෙසද පිහිටයි. මෙවැනි හිසකෙස් පිහිටි ස්ත්‍රීන් හට යුගදිවි සම්පත් ලැබීම අපහසුය. විවාහ කීපයක් කරගත්තත් සාර්ථක නොවේ. හිසකෙස් රැලි ගැසී ඉදිරිය ඉලිප්පී ඇති අය ඉතා දුප්පත් වුවත් උසස් පුද්ගලයන්ගේ ඇසුර ලබා ගනී. අයහපත් මහ දහාවක් හෝ ග්‍රහ බලයක් යෙදී තිබුණොත් තම චරිතය පවා කෙලෙසා ගනී.

ඉතා කාලවර්ණ වූ, වකුටුවූද, හිසකෙස් පිරිමියෙක් තුළ පිහිටියේ නම් ඔහු මත්පැන්වලට ඇබ්බැහිවන අතර කල කෝලාහල වලටද ඇලුම් කරයි. රෞද්‍ර ගති පැවතුම් වලින් යුක්ත වු ඔවුහු අශීලාචාරවූද, තම දියුණුව ගැනද නොසලකන අය වෙති. රැලි සහිත මෘදු හිසකෙස් වලින් සමන්විත වූ පුද්ගලයා ඉතා බුද්ධිමත්ය. මොවුන් ඉතා ජනපි‍්‍රය ප්‍රසිද්ධ පුද්ගලයන් වේ. කලාවට , විනෝදයට, පිරිසුදුකමට, අලංකාරයට විශේෂ තැනක් දී කටයුතු කරන අතර දේපල වස්තුව, සැප සම්පත් නොමදව ලබයි. විවාහයෙන් පසුවද ජීවිතය වඩාත් යහපත් වේ.

හිසකෙස් අඩු ස්ත්‍රිය ඉතා අවසානාවන්තය. ජීවිතයේ සැනසීමක් ලැබීමට නොහැකි සමාජයේ මුළුගැන්වීම සිටින අයෙකු වේ. දූ දරුවන්ගෙන් වුවද සැප නොලබයි. ඉතා සිහින්ව දණ හිස දක්වා දිගු වරලස හිමි ස්ත්‍රින්ගේ යුගදිවිය ගැටලු සහගතය. නිතර දුක් කරදරවලට පත්වේ. බොහෝවිට පළමු විවාහය බිඳවැටීමටද ඉඩ ඇත. විවාහ ජීවිතයේදී කරදර රැසකට මුහුණදීමට සිදුවිය හැක.

එලලුපාට හිසකෙස් ඇති පුරුෂයෝ දුර්වල ශරීර ඇත්තෝ වෙති. සුචරිතයෙහි යෙදෙමින් ආගම පිළිබඳ මනා පැහැදීමකින් යුතුව දිවිගෙවන මොවුහු ස්ථිර ඍජු ගතිගුණවලින් යුක්තය. නමුත් මොවුන්ගේ ආයුෂ කෙටිය. එවැනි හිසකෙස් ඇති කාන්තාවන් යහපත් ශරීර ශක්තියකින් හෙබි අය වන අතර ගරු ප්‍රශංසාවට කැමති අයද වෙති. කම් සැපයට දැඩි ආශාවක් දක්වන ඇය ඇඟේ රූප වර්ණනා කිරීම ගැනද වඩාත් සතුටු වේ. දිගු කල් ජීවත්වීමේ වාසනාවද ඇයට හිමිය.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.