රැලි වැටීම වළක්වා සම සුරකින සරල උපක්‍රම

ඔක්තෝබර් 23, 2020

අකලට සම රැලි වැටීම කාන්තාවන් තුළ විශාල වශයෙන් පවතින ගැටලුවක්. සම රැලි වැටීම නිසා වයසට වඩා වැඩි පෙනුමක් ලැබීම වැළැක්විය නොහැකි බව ද සත්‍යයක්. වයස අවුරුදු 35-40 පමණ වන විට ගැහැනු පිරිමි කාගේත් සම රැලි වැටීම ඇරඹෙන අතර, ඒ සඳහා නිසි පිළියම් නොයෙදුවොත් විශේෂයෙන්ම අත්, ගෙල, ඇස් වටේ හා මුඛය දෙපස රැලි වැටීම ඉතාම තදින් කැපී පෙනෙන්න ගන්නවා.

මේ නිසා කාන්තා පක්ෂය විඳින මානසික අපහසුව ගැන අමුතුවෙන් කිව යුතු නෑ. එදිනෙදා ජීවිතයේදී වැඩි වියදමක් නොමැතිව සම රැලි වැටීම වළක්වා ගත හැකි ඉතාම සරල ක්‍රම කීපයක් ගැනයි මේ තොරතුරු.

පේෂල් කිරීමත් සම රැල වැටීමට එක් හේතුවක්

නවීන සමාජයේ කාන්තාවන් වැඩි පිරිසක් පේෂල් කිරීමට හුරු වී තිබෙනවා. පේෂල් කිරීම මඟින් සමේ රැලි වැටීම තාවකාලිකව වසන් කෙරුනත්, නිතර නිතර පේෂල් කිරීමෙන් සමේ සාමාන්‍ය ස්වභාවයට හානියක් සිදු වෙනවා. අධික ස්ථූලතාවය ඇති කාන්තාවන් අනවශ්‍ය ලෙස ආහාර පාලනය කිරීමෙන් සිරුර වැහැරී යනවා. සමේ රැලි වැටීම් වේගවත් කරන්නට මේ තත්වයන් හේතු වෙනවා. එමෙන්ම කාන්තාවන් බොහෝදෙනෙක් ස්පා ආයතනවලින් සම සම්බාහනයට පත් කරනවා. එතෙක් බොහෝ ස්පා ආයතනවල සේවය කරන්නියන් නිවැරදි සම්බාහන පිළිවෙත් පිළිබඳව නොදන්නා නිසා වැරදි ලෙස නිල තෙරපීමෙන් ද සම රැලි වැටෙන බවත් ඔබ දැන සිටිය යුතුයි. එමෙන්ම ‘ස්ටීම්” කිරීම මඟින් ද සමේ තෙල් ගතිය දැඩිව වියැකි යාමෙන් ද සම රැලි වැටීම ඇති විය හැකිය.

මැදි වයසේදී පවා තුරුණු සමක් පවත්වා ගැනීමට වටිනා ඉඟි කීපයක්.

හිරු එළියෙන් ආරක්ෂා වෙන්න.

සම වියපත් වීමට 90% ක් තරම් හේතු වෙන්නේ දැඩි හිරු රශ්මියට සම අනවශ්‍ය ලෙස නිරාවරණය වීමයි. හැකිතාක් දුරට දැඩි හිරු එළියෙන් ආරක්ෂා වෙන්න අවශ්‍යම නම් ඉභද ඵජපඥඥද එකක් පාවිච්චි කරන්න. කුඩයක් භාවිතා කිරීම මෙන්ම ශරීරය හැකි තරම් ආවරණය වන කපු ඇඳුම් අදින්නට හුරු වීමත් මීට හොඳ විසඳුමක්

නිසි නින්දක් ලැබීම අත්‍යාවශ්‍යයි

පැය අටක නින්දක් කියන්නේ සම්පූර්ණ යහපත් නින්දක්. නින්දේදී සම පුනර්ජීවනය වීම සිදුවෙන බැවින් නිසි නින්දක් ලැබීම අත්‍යවශ්‍යම තත්වයක්. මෙහිදී සමේ මැරුණු සෛල වෙනුවට නව සෛල පණගැන්වීම සිදුවෙනවා.

නිදාගන්නා ඉරියව්වත් වැදගත්

නිදි යහනට ඔබේ පිට හොඳින් ස්පර්ශවන ලෙස නිදාගන්න. (උඩුබැලි අතට) මෙම නිදන ඉරියව්ව මඟින් වැරදි නිදන ඉරියව් මඟින් සමෙහි ඇතිවන ඉතඥඥන තඪදඥ නම් අනවශ්‍ය රැලි ඇති වෙන්නේ නෑ.

දෑත්වල සම රැලි නොවැටීමට නම්,

වළන් පිඟන් මෙන්ම රෙදි සේදීමේදී භාවිත කරන දෑවල අඩංගු රසායනික ද්‍රව්‍ය ඔබේ දෑත් ඉක්මනින්ම රැලි වැටීමට ලක් කරයි. මේ නිසා එවැනි දේ කිරීමෙන් පසු සැර අඩු සබන් වර්ගයකින් හෝ දියරයකින් දෑත් හොඳින් පිරිසුදු කර තෙත මාත්තු කිරීමත් ඉතා වැදගත්.

ජල සාධකය

දිනකට අවම වශයෙන් ලීටර් තුනක් පමණ වත් ජල ප්‍රමාණයක් පානය කිරීමෙන් සිරුර අභ්‍යන්තර ඉන්ද්‍රියයන් මෙන්ම සම ද සුරැකෙයි. ඊට අමතරව පිපිඤ්ඤා ,කොමඩු, සීනි කැකිරි වැනි දෑ ආහාරයට එක්කර ගැනීම වඩාත් සුදුසුයි. ස්නානය සඳහා විනාඩි දහයකට අඩු කාලයක් ගත කිරීමටත් අමතක නොකරන්න. මෙහිදී සැර සබන් වර්ග භාවිත නොකිරීමත් යහපත්.

සීනි සාධකය

දෛනික සීනි භාවිතය ඉතාම අවම කිරීම උපරිමයෙන්ම කළ යුතුයි. සීනි භාවිතය ඉහළ යාමෙන් සිදුවන බොහෝ රෝග (දියවැඩියාව, පිළිකා, ස්ථූලතාවය) මෙන්ම සම වේලාසනින් වියපත් වීමද සිදුවන බව අමතකර කරන්න එපා.

කොළ එළවළු සහ නැවුම් පළා

මෙහිදී නැවුම් යන වචනය අමතක නොකළ යුතුමයි. මැලවී ගිය එළවළු හෝ පළා වර්ග භාවිත කිරීමෙන් ලැබෙන පෝෂණය ඉතාම අවම බව මතක තබාගන්න. අලුත් කොළ, එළවළු හා පළා වර්ග දිනපතා ආහාර වේල් දෙකකටවත් එක්කර ගැනීමෙන් ශරීරයේ ප්‍රතිඔක්සිකාරක ගුණය වැඩි කර මුක්ත ඛණ්ඩවල විනාශකාරි යාන්ත්‍රණය දුර්වල කරයි. මෙය සමේ නිරෝගිතාවයට අත්‍යවශ්‍යම තත්වයකි. ඔබට වගා කිරීමට පහසු එළවළු වර්ග කිහිපයක් සහ නිවිති, ගොටුකොළ, සාරණ, තම්පලා, මුගුණුවැන්න, ගෙඳ, කතුරුමුරුංගා ,අඟුණ, රණවරා ආදි පළා වර්ග කීපයක් ගෙවත්තේ ඉඩකඩ තිබෙන පරිදි සිටුවා ගැනීම නැවුම් එළවළු හා පළා ලබා ගැනීමට ඇති හොඳම පිළියමයි.

කෝමාරිකාවල ගුණය

ඕනෑම ගෙවත්තක් කෝමාරිකා පඳුරු කීපයක් සිටුවා ගැනීම ඉතාම පහසුය. කෝමාරිකා මදය තේ හැන්දක් හෝ දෙකක් දිනපතා ආහාරයට ගන්න. වෑංජනයක් ලෙස ද ආහාරයට එක්කර ගන්න. කෝමාරිකා යුෂ සමෙහි තැවරීමද සම සුරකින පිළිවෙළකි. ඉන් සම පැහැපත් මෙන්ම නිරෝගී ද වෙයි.

පැඟිරි කුලයේ පලතුරු භාවිතය

උපදෙස්

වල්ගම රජයේ ආයුර්වේද රෝහලේ වෛද්‍යාචාරිනී

ධම්මිකා අමරසේකර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.