නිවැරදි ජීවන රටාව අක්මාවේ මේද තැන්පත් වීමට විසඳුමයි

ඔක්තෝබර් 16, 2020

අක්මාවේ මේද තැන්පත් වීම අද බොහෝ වැඩිහිටියන් අතර සුලබව දක්නට ලැබෙන රෝග තත්ත්වයකි. බොහෝ දෙනෙක් තමන්ට මෙම තත්ත්වය ඇති වී තිබෙන බව දැනගන්නේ බොහෝ ප්‍රමාද වීය. ජ්චබබර තඪමඥප යනු අක්මාවේ සෛලවල මේදය තැන්පත් වීමයි.

අක්මාවේ මේදය තැන්පත් වීම ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකට සිදු වෙන්න පුළුවන්.

මද්‍යසාර භාවිතය නිසා අක්මාවේ සෛලවල මේදය තැන්පත් වීම.

මද්‍යසාර භාවිතයෙන් තොරව අක්මාවේ සෛලවල මේදය තැන්පත් වීම.

මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ මද්‍යසාර භාවිතයෙන් තොරව අක්මා සෛල තුළ මේදය තැන්පත් වීම පිළිබඳවයි.

අක්මාවේ මේද තැන්පත් වීම භයානකයි.

මූලික ටචබබර තඪමඥප තත්ත්වයේදී පුද්ගලයකුගේ අක්මාවෙන් 5% ක පමණ මේදය තැන්පත් වීමෙන් මෙම සෞඛ්‍ය ගැටලුව ආරම්භ වේ. මෙම මූලික තත්ත්වයේදී අක්මා සෛලවලට බරපතළ හානියක් සිදු නොවෙයි. එහෙත් මේදය තැන්පත් වීම ඉහළයත්ම ඉතා බරපතළ රෝග

තත්ත්වයන් කිහිපයක්ම ඇති වීම වැළකිය නොහැකි ය. පාලනයකින් තොරව දිගින් දිගටම අක්මා සෛලවල මේද තැන්පත් වීම ඉහළ යාමෙන් එම තැනැත්තාගේ අක්මාව නරක් වී සිරෝසීස් හෝ අක්මාව ආශ්‍රිත පිළිකා වැනි රෝගී තත්ත්වයන් ඇතිවිය හැකිය. එහෙත් ජ්චබබර තඪමඥප තත්ත්වය මූලික අවධිවලදී හඳුනා ගැනීමෙන් භයානක ප්‍රතිඵල ඇතිවීම පාලනය කර ගැනීමෙන් සුවපත් ජීවිතයක් ගතකිරීමේ අවස්ථාව ලබාගත හැකිය.

අක්මාවේ තෙල් තත්ත්වය ඇතිවීමට බලපාන හේතු රැසක්

මේ සඳහා ප්‍රධාන එක් හේතුවක් වන්නේ කාලයක් තිස්සේ සිදු කෙරෙන මද්‍යසාර භාවිතයයි. ඊට අමතරව දියවැඩියාව, රුධිරගත අධික කොලෙස්ටරෝල් මට්ටම, අධිරුධිර පීඩනය හා හෙපටයිටීස් බී හෙවත් සෙංගමාල තත්ත්වය අක්මා සෛලවල මේදය තැන්පත් වීමට බලපායි.

දියවැඩියා රෝගීන් තුළ බහුලව දක්නට ලැබෙන “ඉන්සියුලින්” හෝමෝනයේ ක්‍රියාකාරිත්වයේ පවතින අක්‍රමිකතා ද මෙම තත්ත්වය ඇතිවීමට විශාල බලපෑමක් සිදු කරයි. මේ සඳහා ස්ථුලතාවය මෙන්ම උදරය ආශ්‍රිතව අධිකව මේදය තැන්පත් වීමද සෘජුවම බලපායි. උදරය ආශ්‍රිතව මේදය තැන්පත් වීමට බලපාන ප්‍රධාන හේතු ලෙස අලස ජීවන රටාවකට හුරුවීම ක්‍රියාකාරිත්වයෙන් අඩු වීම, අධික ලෙස තෙල් හා මේද බහුල ආහාර අනුභවය, ක්ෂණික ආහාර සුලබ පරිභෝජනය ආදී දැක්විය හැකි යි.

අවශ්‍ය මූලික උපදෙස්

අක්මාවක මේද තැන්පත් වීමේදී මුලින්ම සිදු වන්නේ ක්‍රමයෙන් අක්මාව ඉදිමීමයි. ඉන්පසු අක්මා සෛල තුවාල වීමත් (අක්මා හයිඩ්‍රෝසියා) අවසන් වශයෙන් අක්මා සෛල විනාශ වීමත් (සිරෝසියාව) සිදුවේ. මේ තත්ත්වය පාලනය කිරීමට මෙතෙක් කිසිම විශේෂ ඖෂධයක් බටහිර වෛද්‍ය විද්‍යාවේ පවා සොයාගෙන නැති අතර වැඩිපුර ඇති මේදය සිරුරින් බැහැර කිරීම සඳහා භාවිතා වන සමහර ඖෂධ ඇතත් අක්මාවේ මේදය තැන්පත් වීම පාලනය සඳහා ගත හැකි හොඳම ප්‍රතිඵලදායක ක්‍රියාමාර්ගය වන්නේ යහපත් ආහාර පුරුදු හා ක්‍රියාකාරි ජීවන රටාවයි.

මෙහි¼දී ඔබ ස්ථුලතාවය හෝ අධිබර තත්ත්වයෙන් පෙළෙන අයෙකු නම් වහාම එම තත්ත්වයන් පාලනය කිරීමත් ඉතාම අත්‍යවශ්‍ය බව අවධාරණය කළ යුතුයි. ඔබ උසට සරිලන බරකින් යුක්ත වීමත් ඉතාමත්ම වැදගත් තත්ත්වයක්. මේ අනුව අක්මාවේ මේදය තැන්පත් වීමේ තත්ත්වය පාලනය කරගැනීම සඳහා ස්ථුල හෝ අධිබර පුද්ගලයෙකු ආහාර මගින් සිරුරට ලබාගන්නා කැලරි ප්‍රමාණය සීමා කළ යුතුමය. මෙහිදී සිරුරට අධික ලෙස කැලරි ප්‍රමාණයක් සපයන තෙල් හා මේදය බහුල හරක් මස්, ඌරු මස් , සම සහිත කුකුල් මස්, ගුඹුරු තෙලේ බදින ලද වඩේ, රෝල්ස්, පැටිස්, කට්ලට්, සමෝසා, අලපෙති, මුරුක්කු වැනි කටගැසුම් ආහාර බටර්, චීස්, හැම්, බේකන්, වැනි ආහාර මෙන්ම පිෂ්ඨය අධික සියලුම ආහාර අනුභවය උපරිම ලෙස පාලනය කිරීමද අත්‍යවශ්‍යය.

මේ තොරතුරුත්ඉතාම වැදගත්

ඉහත සඳහන් කළ ආහාර විශේෂ පාලනයකින් යුතුව ගන්නා අතරතුර සිරුරට අත්‍යාවශ්‍ය වන පෝෂක කොටස් සියල්ලක්ම සපයන, ආහාර පිළිබඳව වෛද්‍යවරයෙකුගෙන් හෝ සුදුසුකම් ලත් පෝෂණ වේදියෙකුගේ උපදෙස් ලබා දැනුවත් වී ඒ අනුව ඔබේ ආහාර රටාව සකස් කරගත යුතුය. මෙහිදී ඒ ඒ පුද්ගලයාගේ වයස, උස, බර, ස්ත්‍රි පුරුෂභාවය එම පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය විමසා පරීක්ෂාකර බලා ඒ ඒ පුද්ගලයන්ට ගැළපෙන නිවැරදි ආහාර පාලන රටාව හා ජීවන රටාව තීරණය කරනු ඇත.

මේ අනුව ඔබ ඔබේ අසල්වැසියන්, මිතුරු මිතුරියන්ගේ, වැඩිහිටියන්ගේ උපදෙස් මත හෝ ඔබ සතු දැනුම අනුව හෝ ආහාර පාලනය කිරීමට පියවර ගැනීමෙන් තවත් බරපතළ රෝග තත්ත්වයන්ට මෙන්ම පෝෂණ ගැටලුවලට ඔබ පත්විය හැකි බව ඉතාම අවධාරණයෙන් මතක් කළ යුතුයි. මේ නිසා සුදුසුකම්ලත් පෝෂණවේදියෙකුගේ පූර්ණ පරීක්ෂාවක් අධීක්ෂණයක් මෙන්ම මඟ පෙන්වීමක් තුළින් ඔබටම අනන්‍ය වූ ආහාර සැලැස්මක් සකසා ගැනීම හොඳම ඥානාන්විත තත්ත්වයයි.

සීනී අධික ආහාරවල බලපෑම

වර්තමානයේ කුඩාම දරුවාගේ සිට තරුණ වයසේ පසුවන්නන්ද, මැදි වයසේ පුද්ගලයන්ද, වැඩිහිටි පුද්ගලයන්ද වශයෙන් සියලුම දෙනා සීනී අධිකව යෙදූ ආහාරපාන දැන හෝ නොදැන සුලබව පරිභෝජනයට හුරුවී සිටී. මෙවැනි ආහාර අතර කේක්, බිස්කට්, ටොෆි, චොකලට්,

මස්කට්, බූන්දි, කිරිපිටි, වටලප්පන්, පුඩිං, රසකළ බේකරි කෑම, සහ විවිධ පැණි බීම, බීම කුඩු ආදිය සුලබ ය. මේ අතර සීනිවලින් ඈත්වූ එහෙත් හකුරු, රටඉඳි හා පැණි වර්ගවලට ඇබ්බැහිව විශාල පිරිසක් (සීනී තරම් එවැනි ආහාර අහිතකර නොවන බව මේ අය විසින්ම

තහවුරු කරගෙන සිටී.) වත්මන් සමාජයෙන් අපට හමුවෙයි. මේ කුමන හෝ ආකාරයකින් සීනී අධික ලෙස ශරීරගත වීම ස්ථූලතාවයටත්, අධි බර තත්ත්වයටත් අක්මාවේ මේදය තැන්පත් වීමටත් සෘජු බලපෑමක් සිදු කරන බව අවධාරණය කළ යුතුයි.

වල්ගම රජයේ ආයුර්වේද රෝහලේ වෛද්‍යාචාරිනී

ධම්මිකා අමරසේකර

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.