ආහාරදියේ ගුණ අගුණ

ඔක්තෝබර් 16, 2020

කරවිල,බෝංචි, වම්බටු ,අළු කෙසෙල්, මුරුංගා, කොස්, දෙල් , මිරිස්, ආදිය මේවාට අයත්ය. කොස්,දෙල්, අළුකෙසෙල් යනාදී ආහාර ශක්තිජනක ආහාර ලෙස සලකනු ලැබේ. ධාන්‍ය වර්ගවල තරම් එළවළු ගෙඩිවල තයමින් නැති අතර, ඒවා සිරුරට අවැසිය. මේ අඩුව ධාන්‍ය වර්ග වඩාත් පෝෂ්‍යදායි වේ.

“සබ්බෙ සත්ථා ආහාරත්ථිකා” යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ සේක. සියලු සත්වයෝ ආහාර නිසා ජීවත් වෙති. අපේ ශරීරයේ වැඩීමට පෝෂ්‍යදායක ආහාර ඉතාමත් අවශ්‍ය වේ. මේ ආහාර ප්‍රධාන වශයෙන් කොටස් තුනක් වේ. ඒවා පහත සඳහන් වේ.

1.සිරුරට අවශ්‍ය ශක්තිය ලබා දෙන ආහාර

2.ශරීරය වැඩීමට සහ අලුත්වැඩියා කිරීමට අවශ්‍ය ආහාර

3.ශරීරය ලෙඩ දුක්වලින් වළක්වන ආහාර

සිරුරට අවශ්‍ය ශක්තිය ලබා දෙන ආහාර වශයෙන් හඳුන්වා තිබෙන්නේ මාංශජනක ආහාරයි.කාබෝහයිඩ්‍රේට් සහ මේද අයත් ආහාර වන මේවා අන්තර්ගත වන්නේ ධාන්‍යවලය. සිරුර වැඩීමට හා අලුත්වැඩියා කිරීමට අවශ්‍ය ආහාරවල ඇතුළත් විය යුත්තේ ප්‍රෝටීන් හා ඛනිජලවණ ය. වැඩි වශයෙන් මේවා ඇත්තේ මස් ,මාළු, කිරි, බිත්තර මෑ , බෝංචි වැනි ආහාරවලය.

අපේ සිරුර ලෙඩ දුකින් වළක්වන ආහාරවලට ආරක්ෂක ආහාර යන නම යෙදේ. මේවායේ විටමින් හා ඛනිජලවණ අඩංගුය. එළවළු, පලතුරු මේ කොටසට ඇතුළත් වේ. සිරුරේ සුවතාවයට අවැසි පෝෂ්‍යදායක ආහාර සියල්ලම වුවමනා තරමටත් නියම ප්‍රමාණයටත් ඇති භෝජනය සමබල ආහාර යයි කියති. සමතුලිත බොජුනකින් ලබන සියලුම පෝෂ්‍යදායක කොටස් ආදිය එළවළු හා පලතුරුවලින් ලබා ගත හැකි වේ. මේ ආහාරවල විටමින්, ඛනිජලවණ , මාංශජනක ධාතු ඇතුළත් වේ. අප ආහාරයට ගන්නා එළවළු හා පලතුරු වර්ග කොටස් පහකට බෙදේ.

1.එළවළු 2.පලතුරු 3.ධාන්‍ය 4.ගෙඩි හා ඇට 5.මෑ, බෝංචි වර්ගයට අයත් ඇට

එළවළු වර්ගයට අයත් කොටස් 4 කි. ඒවා පහත සඳහන් වේ.

1.අල වර්ග 2.පලා කොළ වර්ග 3.අලාබු වර්ග 4.එළවළු ගෙඩි වර්ග

අප රටේ බහුල වශයෙන් ආහාරයට ගන්නා අල වර්ගවලට අර්තාපල්, බතල, මඤ්ඤොක්කා ,බීට්රූට්, කැරට් ආදිය අයත් වේ.

අප රටේ වැඩි වශයෙන් ආහාරයට ගන්නා අල වර්ගවලට බතල, මඤ්ඤොක්කා (මයියොක්කා) අර්තාපල්, බීට්රූට්, කැරට්, රාබු ආදිය අයත් වේ. මේවා පිෂ්ඨ ධාතු සහිත ශක්තිජනක ආහාර ලෙස සලකනු ලැබේ. මේවායේ ඇති පිෂ්ඨ ප්‍රමාණය ධාන්‍යවල ඇති පිටි ගතියට වඩා අඩුය. එසේම පෝෂණ ගුණයෙන් ද අඩුය. ඛනිජලවණ හා ප්‍රෝටීන් ද ධාන්‍යවල පමණට අල බතලවල නොමැත. කැරට් සහ කහපාට බතල වර්ගවල කැරටින් නම් ද්‍රව්‍ය බහුල වශයෙන් ඇත. අර්තාපල් මයියොක්කා වැනි අල වර්ගවල විටමින් සී ස්වල්ප වශයෙන් තිබේ.දෙහි අල වර්ගය හොඳට තම්බා ගත් විට ළදරුවන්ට හා කුඩා ළමයින්ට සුදුසු ආහාරයකි. මයියොක්කා කුඩා දරුවන්ට සුදුසු නැත. එහි හයිඩ්රොසයනික් නම් අම්ලය ඇති නිසා සිරුරට අහිතකර බැවිනි.

පලා කොළ වර්ග පිළිබඳ මීළඟට විමසා බලමු. මුකුණුවැන්න, තම්පලා, කන්කුන්, කතුරුමුරුංගා , ගෝවා ලක්වැසියන් විසින් බහුල වශයෙන් ආහාරයට ගනු ලැබේ. පලා වර්ගවල තන්තු තිබේ. එබැවින් බොහෝවිට කෙඳි සහිතය. ළදරුවන්ට හා කුඩා ළමයින්ට මේවායේ ඉස්ම පමණක් පෙරා දෙන්නේ නම් ඉතා අගනේය. පලා වර්ග ඉතා පෝෂ්‍යදායි ආහාරයක් බව අපි කවුරුත් දනිමු. විටමින් හා ඛනිජලවණ ඇති හෙයිනි.

ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් , මේද තිබෙන්නේ අඩු වශයෙනි. එසේ වුවත් ඒ ප්‍රෝටීන් සිරුරේ වැඩීමට හේතු වන ඒවා වේ. සිරුර අනවශ්‍ය ඇමයිනෝ අම්ල නම් ද්‍රව්‍යයන් සියල්ලක්ම තිබෙන නිසා වටිනාකමින් වැඩිය. පලා කොළවල වැඩි වශයෙන් අඩංගු ඛනිජලවණ නම් යකඩ සහ කැල්සියම්ය. මේ ඛනිජලවණ වර්ග ඉතා ලාභ ක්‍රමයකට සිරුරට ලබා දිය හැක්කේ වැඩි වශයෙන් පලා කොළ වර්ග ආහාරයට ගැනීමෙනි.

ගොටුකොළ , කතුරුමුරුංගා , තම්පලා වැනි පලා වර්ගවල කැල්සියම් බහුල ලෙස ඇත. ගොටුකොළ , සලාද, මුකුණුවැන්න හා නිවිතිවල යකඩ බහුල වශයන් තිබේ. විටමින් ඒ බහුලය. සමහර පලාවල විටමින් බී අඩංගුය. මුකුණුවැන්න හා තම්පලා මේවාට අයත් වේ. විටමින් බී ලබා ගැනීමට කොටුවෙන් කඩා ගත් පලා වර්ග වැඩි වේලාවක් යාමට පෙර අනුභව කිරීම වඩා හොඳය. පිසීමේදී විටමින් වර්ග විනාශ වෙයි.

පලා කොළ භාගෙට තම්බා ආහාරයට ගැනීම වඩා හොඳ බව කිව හැකිය. පලා වර්ගවල පෝෂණ අගය ආරක්ෂා වන ලෙසට සකස් කර ගැනීමට හැකිය. ගොටුකොළ වැනි පලා නෙළාගත්විටම පිරිසුදු කරගෙන වැඩි වේලාවක් යාමට පෙර භාගෙට තම්බා හෝ අමුවෙන් හෝ කෑමෙන් එහි ඇති පෝෂණ ගුණය අගය රැක ගැනීමට පුළුවන් වේ.

පලා කොළ පරණ වන විට විටමින් සී ප්‍රමාණය අඩු වී යයි. නැත්තටම නැතිවීයාමට ද ඉඩ තිබේ. එහෙයින් සිහින් ලෙස ලියා ගත් පලා වැඩි වේලාවක් යාමට පෙර අනුභව කළ යුතුය. ටික වේලාවක් වන්ඩුවේ තම්බා කෑම ඉතා හොඳයි. තම්පලා ආදියේ කැල්සියම් ඔක්සලේට් අන්තර්ගත වන අතර, ඒවා වකුගඩුවල සහ මුත්‍රා බොක්කේ ගල් සෑදීමට ඉවහල් වේ. ඒවා බහුල වශයෙන් ඇති ආහාර සිරුරට අහිතකර වේ.

ලබු වර්ග ගැන මීළඟට බැලිය යුතුව ඇත. වට්ටක්කා , පුහුල්, ලබු, පතෝල. ලබු මේ ගණයට වැටේ. මේවා වතුර දියර සහිත එළවළුය. මේවායේ ඛනිජ සහිත විටමින් වර්ග අඩුය. පතෝලවල කැල්සියම් අඩු වශයෙන් තිබේ. එළවළු ගෙඩි පිළිබඳ සලකා බලමු.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.