එක තැන හිඳ කරන රැකියාවත් කය නොවෙහෙසවීම නිසාත් වැළඳෙන අර්ශස්

සැප්තැම්බර් 18, 2020

සමාජයේ පීඩා විඳින බොහෝදෙනකු මෙම රෝගී තත්ත්වයට පවසන්නේ බඩ වේළීම යනුයි. බඩ වේළීම නැතහොත් මළබද්ධය ගැන නොසලකා සිටීමෙන් රෝග රැසකටම හේතුවක් වේ. වෘත්තීය වශයෙන් අර්ශස්වලට බලපාන්නේ කය නොවෙහෙසා එක තැන හිඳ කරන රැකියා අවස්ථාවන් ය. වෘත්තීය වශයෙන් රැකියාවන්හි යෙදෙන්නන් දිගුකාලීනව එකම ඉරියවුවෙන් සිට රැකියාවේ කටයුතුවල නිරතවීම නිසා ගුද තලාව තෙරපී ශිරා ලෙයින් ඇහිරි අර්ශස් හටගනී. බොහෝ වේලාවක් එකතැන වාඩිවී සිටීමම මෙම රෝගී තත්ත්වයට මූලික වේ. මේ නිසා ශ්‍රෝණි ගුහාවේ රක්තාව පීඩනයට හේතු වේ. තවද වාතයේ ප්‍රබලතාවය ද සෙම් සමීපතාවය ද නිසා ශ්ලේෂ්මකව අර්ශස් හටගනී. ආයුර්වේදයේ පෙන්වාදීම අනුව ගුදය ස්ථර තුනකින් යුක්ත වේ. බාහිරයේ සිට අභ්‍යන්තරයට පිළිවෙළින් සවිවරිණ , විහර්ජනි සහ ප්‍රවාහිණි යනුවෙන් නම් කර ඇත. මෙම ගුදවලය ආශි‍්‍රතව පවතින්නාවූ නෙරා යාම, අර්ශස් රෝගය ලෙස හැඳින්වේ. 

සුළු කොට සිතාගෙන සිටියත් ආයුර්වේදයේ මෙම රෝගය හඳුන්වන්නේ මහා රෝගයක් හැටියටයි  එයට හේතුවන්නේ නිසි ප්‍රතිකාර නොකළහොත් අර්ශස් අසාධ්‍යවන බැවිනි. ආයුර්වේදයේ රෝග හේතු දක්වන ඉතා වටිනා වෛද්‍ය ග්‍රන්ථයක් වන මාධව නිදානය අර්ශස් පිළිබඳව හඳුන්වා ඇත්තේ මෙසේය. 

අරිවත් ප්‍රාණාත් ශෘණාති – හීනස්ති ඉති අශ¡¡ඞ

සතුරෙක් මෙන් පණ පෙළෙනුයේ අර්ශස් නම් යනුවෙනි. ආයුර්වේදයේ පුරාණ වෛද්‍ය ග්‍රන්ථයක් වන චරක සංහිතාව අර්ශස් පිළිබඳව විස්තර කරන්නේ මෙසේය. 

තස්මාදශ¡¡ං සිදුඞඛාති – බහුව්‍යාධිකරාණිච 

සව¢දේ හෝථතාජීති – ප්‍රායඞ කෘච්ඡ තමානිචඞ 

අර්ශස්හු දුක ගෙන දෙති. බොහෝ ලෙඩ ගෙන දෙති. සියළඟ පෙළෙති. එනිසා දුකසේ සුව කළ හැකි වෙති. මාධව නිධානයට අනුව විවිධ මත විෂමතා පදනම් කරගෙන අර්ශස් රෝගය වර්ග කර ඇත. එනම් 1.බාහිර අභ්‍යන්තර හා උභය අර්ශස් 2.සාවි හා වියළි අර්ශස් 3.සහජ හා ජන්මෝන්තර අර්ශස් 4.වාතජ පිත්තජ, කඵජ ,රක්තජ, ත්‍රිදෝෂද සහ සහජ අර්ශස් 5.විතජ, පිත්තජ, කඵජ, වාත, පිත්තජ, වාත කඵජ, පිත්ත කඵජ, වාත රක්තජ, පිත්ත රක්තජ, කඵජ රක්තජ ආදී වශයෙනි. අර්ශස් රෝගය ඇතිවීමට හේතු වර්තමානයට අනුව නම් දීර්ඝකාලීනව පවතින මළබද්ධය , වෘත්තීමය තත්වය (රැකියාව) අග්නාමාන්ද්‍යය (බඩගිනිමද බව) විෂම ආහාර පාන සේවනය, අති මෛථූනය, ශරීරය නො වෙහෙසීම, අධික මත්පැන් පානය, ගුද ශිරාවන්හි තෙරපීම, උදරගත අර්බුද, ශ්‍රෝණි අර්බුද වේ. මළබද්ධය කාලයක් පුරා පැවතීමෙන් රෝග රැසක් ඇතිවේ. වෘත්තීමය තත්ත්වයන්ද අර්ශස් රෝගී තත්ත්වයට බෙහෙවින්ම බලපායි. කය නොවෙහෙසා එකතැන හිඳ කරන රැකියාවන්ද එමටය. ඒ අනුව වාත්තීයයන්හි යෙදෙන්නන් දිගු කාලීනව එකම ඉරියව්වේ සිටිමින් කරනා රාජකාරි කටයුතු නිසා ගුද තලාව තෙරපී ශිරා ලෙයින් ඇහිරී අර්ශස් හටගනී.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.