ලස්සන වෙන්න ඔබට ඕන ද?

සැප්තැම්බර් 11, 2020

ලස්සන කියන්නේ නීරෝගී දිවි පැවැත්මයි.ඔබ ලස්සනට සිටීමට උත්සහ ගනිද්දී ඔබේ දිවිය නීරෝගී වේ. නිරෝගී බව යනු බාහිරව හා අභ්‍යන්තරව මෙන්ම මානසිකව නීරෝගී වීමයි. 

ලස්සන වෙන්න හිතන කාගේත් බලාපොරොත්තුව පියකරු නීරෝගී සමක් . උපතින් ම හිමි වූ නිරෝගී සම බොහෝ දෙනෙක්  රෝගී කර ගන්නේ ලස්සන වෙන්න ගිහිල්ලා. අපගේ හැසිරීම්, ක්‍රියාකාරකම් හා සමෙහි ආලේප කරනු ලබන ආලේපනයන් ද  ඊට හේතු වේ.   ලස්සන වීමට නම් සම ආරක්ෂා කර ගැනීම කළ යුතු වේ. ඒ සඳහා උපතින් උරුම වූ සමෙහි ස්වභාවය විනාශ කර නොගෙන පවත්වා ගත යුතුයි. ඒ සඳහා බොහෝ වෙහෙස විය යුතු නැත.

ඔබේ සම  පැහැපත් හා පියකරු බවින් යුතුව පවත්වා ගැනීමට ස්වභාවධර්මයේ

පිහිට පැතීම ඉතාම යෝග්‍යය.

 ඒ සඳහා අමු හෝ වියළි කහ ගලගා සිරුරේ තැවැරීම සුදුසු වේ. ඉන් සමෙහි ඇති

විෂ රසායන ඉවත්වී යයි. සම පිරිසිදු වේ. ස්වභාවධර්මය ඉක්මවා යන දේ කිරීම හේතුවෙන්  සමෙහි පමණක් නොව සිරුරෙහි  අභ්‍යන්තර ඉන්ද්‍රියන් ද හානියට පමුණුවයි.

ඝර්ම කලාපීය රටක වෙසෙන අපි දහදිය වැළැක්වීමට හා සමෙහි තෙල් ගතිය පෙන්වීමට

හෝ වියළි සමෙහි ජලය පිටවීම ැළැක්වීමට  සම මතුපිට හෝ මුහුණෙහි වැස්ලින් ආලේප කිරීමට හුරු වී සිටිමු. ඉන් ශරීරයේ උෂ්ණත්ව පාලනයට හා  සමේ ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවයි. විශේෂයෙන් රාත්‍රි කාලයේ ආලේපන

භාවිතයෙන් තොර වීම හා  මුහුණ හා සම පිරිසිදුව තබා ගැනීම සමේ පැහැපත් භාවයට

හා ලප කැළැල් මැකීයාමට අත්‍යාවශ්‍ය වේ. ඒ සඳහා සම පිරිසුදු කොට මද උණුසුමින් යුත් වාෂ්පය ස්වල්පයක් අල්ලා ගැනීමෙන් මුහුණට නැවුම් ගතියක් හා මුහුණෙහි සමට රුධිරය නිසි ලෙස සැපැයීමෙන් සම වර්ණවත් වීම හා සමෙහි ඇති ලප කැළැල් සිදුරු වැසී සම පියකරු වීම සිදු වේ.

සමෙහි පවත්නා තෙල් ගතිය පවතින්නේ යෞවන හා තරුණ අවධියේ පමණි. මැදිවිය

ඉක්මයාමට පෙර සමෙහි තෙල් ගතිය ඉවත් වීමෙන්  වයසට යෑම ඉක්මන් වේ.

තරුණවියේදී සමෙහි ඇති තෙල් ස්වභාවය ඉවත් කර ගැනීමට යම් යම් පිළියම් යෙදීමෙන් විය පත් වීමටත් පෙර වියපත් වීම  සිදුවේ. සමෙහි ඇති ස්වභාවික තෙල් ගතිය ඇති කරවනු ලබන ග්‍රන්ථි හානියට පත්වීමෙන් විය පත් වීමට පෙර සම වියළි රැළි වැටීම සිදුවේ. එබැවින් තරුණ වියේදී සමෙහි තෙල් ඉවත් වන සේ පිළියම් යෙදීමට ඉක්මන් විය යුතු නැත. ඒ සඳහා ඖෂධීය කොළ තම්බා සිරුරට (මුහුණට) වාෂ්ප ඇල්වීම ඉතා යෝග්‍ය ය. ඒ සඳහා පහසුවෙන් සොයා ගත හැකි පාවට්ටා කොළ හොඳ ඖෂධයකි. සමෙහි තෙල් අධික නම් සම සේදීම කළ හැකීය. එහිදී ඕනෑ ම සමකට උචිත සේදුම් කාරක වන නුග, බෝ, අට්ටික්කා, ගංසූරිය කොළ පොතු තම්බා සම සේදීම කළ හැක. මේ ද්‍රව්‍යයන්ගෙන් සම සේදීමෙන් හොරි, දද, කුෂ්ට, හා වන සුව වේ. සම පැහැපත් වේ.

ඔබේ සමෙහි කුරුළෑ ඇත්නම් ඒවා ඉවත් කර ගැනීම සඳහා දිය නෑමට විනාඩි විස්සකට

පෙර “හරන්කහ අල“ ඇල්දියෙන් අඹරා මුහුණ බෙල්ල පිට අත් ආදී ස්ථානවල ආලේප

කොට දිය නා පිරිසිදු විය යුතුයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
20 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.