ආහාර සිරිත් හා ව්‍යායාම මගින් රුධිර පීඩනය පාලනය කරන්න පුළුවන්

සැප්තැම්බර් 11, 2020

අධික රුධිර පීඩනය නිසි ඖෂධ භාවිතයෙන් හා මනා ආහාර පාලනයෙන් පාලනය කරගත යුතු රෝගී තත්වයකි. එසේ පාලනය නොකිරීමෙන් දීර්ඝ කාලීනව පවත්නා අධිරුධිර පීඩන තත්වය නිසා හදවත් රෝග, වකුගඩු ආබාධ වැනි සංකීර්ණ රෝගාබාධවලට ඔබ ලක්වීමට  ඇති ඉඩකඩ 99% කටත් වඩා ඉහළය. 

නවතම වෛද්‍ය පර්යේෂණවලට අනුව ලාංකික වැඩිහිටි ජනගහනයෙන් තුනෙන් එකක් පමණ අධිරුධිර පීඩනයෙන් පෙළෙන බව හෙළිදරව් වේ.

අධික රුධිර පීඩනය ලෙස හඳුන්වන්නේ රුධිර වාහිනී තුළ ගලායන රුධිරය මගින් එම රුධිර වාහිනී මත ඇති කරන පීඩනයයි. මේ අනුව නිරෝගී පුද්ගලයකුගේ රුධිර පීඩනය 120 ථථඩ්ඨ/80 ථථඩ්ඨ යන අගයේ පැවැතිය යුතුය. රුධිර පීඩනය මැන බැලීමේදී රුධිර පීඩන අගය මීට වඩා වැඩි අගයක් පෙන්වයි නම් එම තැනැත්තා අධික රුධිර පීඩනයෙන් පෙළෙන  අයෙකි.

රුධිර පීඩනය ඉහළ යාමට හේතු

අධික රුධිර පීඩනය ඇතිවිය හැකි හේතු වර්ග දෙකක් පවතී. ඉන් පළමු වැන්න පාලනය කළ හැකි සාධකයි. දෙවැන්න   පාලනය කළ නොහැකි සාධකයි. මේ අතරින් පාලනය කළ හැකි සාධක ලෙස සලකන්නේ දියවැඩියාව, අධික ස්ථූලතාවය (තරබාරුව) මත්පැන් හා දුම්වැටි භාවිතය, ශාරීරික ව්‍යායාම හා ක්‍රියාකාරකම් මද බව යන තත්වයනුයි. පාලනය කළ නොහැකි සාධක අතරට ගැනෙන්නේ පරම්පරාවෙන් පැවත එන ජානමය බලපෑම, ස්ත්‍රී පුරුෂ බව, පුද්ගලයාගේ වයස, ලුණු භාවිතයට දක්වන දැඩි ගිජු බව (අධික සංවේදීතාව) යන තත්වයනුයි.

අනුගමනය කළ යුතු පිළිවෙත්

සෑම පුද්ගලයෙක්ම මනා ආහාර පාලනයකින් තමන්ගේ එදිනෙදා ආහාර පිළිවෙත් සකසාගත යුතුයි. ඔබ තරුණ විය ඉක්මවා මැදි වයසට එළඹෙන විට මනා ආහාර පාලනයකින් යුතුව කල් ගෙවූ පුද්ගලයෙක් නම් අධිරුධිර පීඩන තත්වයට ගොදුරු වීමේ අවදානම අඩුය. තරුණ වියේ සිටම අලස ලෙස කාලය ගෙවීම (ක්‍රියාශීලී නොවන) මත්පැන් හා  දුම් පානයට ඇබ්බැහි වූ, සකස් කළ කෑම වර්ග බහුලව ආහාර ලෙස ගන්නා අය මැදි වයසට එළැඹෙත්ම මේ අවදානමට ලක්වීමේ ප්‍රවණතාවය ඉතාම ඉහළය.

රුධිර පීඩනය පාලනය කරන ආහාර සිරිත්

 බත් පිසින විට ශුද්ධ කරන ලද සම්බා සහල් වෙනුවට රතු නාඩු සහල් භාවිතා කරන්න. රතු නාඩු සහල් වෙනුවට රතු කැකුළු සහල් භාවිතා කරනවානම් එයද දිගින් දිගටම භාවිතා කිරීම සුදුසු නැත. අපේ පැරණි දේශීය සහල් වර්ග සොයාගත හැකිනම් (සුවදැල්, පච්ච පෙරුමාල්, කුරුළු තුඩ ආදී) එවැනි සහලින් බත සකස්කර ගන්න.

 පාන් ඇතුළු පිටි ආහාර වෙනුවට හාල්පිටි, කුරක්කන් පිටි වලින් සෑදූ ආහාර වර්ග සඳහා හුරුවීම. (පාන්පිටි වෙනුවට ආටා පිටි වලින් පිසූ ආහාරද වරින්වර ආහාරයට ගැනීම කළ හැකිය.)

2 කඩල, මුං ඇට, කව්පි, පරිප්පු, සෝයා වැනි දෑ වලින් එකක් ප්‍රධාන ආහාර වේලකට දෛනිකව එකතුකර ගැනීම හා කව්පි, මුං ඇට, කඩල, සෝයා, පරිප්පු වෑංජන ලෙසද සකස් කර ආහාරයට එක්කර ගැනීම සුදුසුය.

3. අවම වශයෙන් සතියකට දින 4-5 ක්වත් කජු හෝ රටකජු ප්‍රධාන ආහාර වේලට එක්කර ගැනීම.

4. අවම වශයෙන් දෛනික ආහාර වේල් දෙකකටවත් අතුරු පසක් ලෙස පලතුරු වර්ග තුනක්වත් කුඩා ප්‍රමාණයෙන් හෝ එක්කර ගන්න. කුඩා කෙසෙල් ගෙඩියක්, ඉඳුණු වෙරළු ගෙඩි දෙක තුනක්, අලිගැටපේර මද කාලක්, පේර ගෙඩි බාගයක්, ඉදුණු දිවුල් මද මේස හැන්දක්, ඉදුණු බෙලිගෙඩි බාගයක්, ගස්ලබු අඟලක පමණ කුඩා තීරුවක් ලෙස පලතුරු ආහාරයට ගැනීම ඉතාමත්ම සුදුසුය.

 ප්‍රධාන ආහාර වේල් දෙකකටවත් අලුත් එළවළු හා අලුත් පළා වර්ග කීපයක් ව්‍යංජන, සම්බෝල, සලාද හෝ මැල්ලුම් ලෙස එකතු කර ගන්න.

කිරි ආහාරවල බලපෑම

කිරි ආහාර මගින් කැල්සියම් හා ඛනිජ ලවණ අවශ්‍යතාවය සපුරා ගත හැකිය. කැල්සියම් යහමින් ශරීරයට ලැබීමද අධිරුධිර පීඩනය පාලනයට වැදගත් වේ. එහෙත් යොදය සහිත කිරි ආහාර මගින් ශරීරයට අහිතකර කොලොස්ටරෝල් (ඹ්ච්ඹ්) එකතුවීමට අවස්ථාව ලැබෙන බැවින් යොදය සහිත කිරි ආහාර ගැනීම නොකළ යුතුය.  පිටිකිරි වර්ග වලට වර්තමානයේ එකතු කරන විවිධ රසායනිකයන් නිසා පිටිකිරි වර්ග වලින් වැළකී සිටීම වඩාත් යහපත් බවත් මෙහිදී සඳහන් කළ යුතුමයි. පිටිකිරි වර්ග වලින් ඈත් වී ඒ වෙනුවට දේශීය පලතුරු යුෂ වීදුරුවක් (සීනි නොදමා) උදෑසනම පානය කළ හැකි නම් ඉතාමත්ම හොඳයි.

මස් මාළු වර්ග වල බලපෑම

ඌරු මස්, හරක් මස්, එළු මස් වැනි සංතෘප්ත මේදය බහුලව අඩංගු මස් වර්ග කිසිවක්ම ආහාරයට නොගෙන හාල්මැස්සන්, සාලයා, හුරුල්ලා, පියාමැස්සා, හැඩැල්ලා වැනි කුඩා මාළු වර්ග වලට හුරුවිය හැකිනම් වඩාත්ම යෝග්‍යයයි. මෙවැනි කුඩා මාළු සහ සැමන් මෝර මාළු වැනි මාළු වර්ග වල අඩංගු ඔමේගා තුන ශරීරයට ඉතාම හිතකරයි. මෙවැනි ආහාර මඟින් රුධිරයේ අඩංගු අහිතකර කොලොස්ටරෝල් තත්වය යහපත් අතට හැරවීමට විශාල දායකත්වයක් ලබාදේ. මේ නිසාම රුධිර පීඩනය ද යහපත් ලෙස පාලනය වීම සිදු වේ.

 අධික පැණි රස කෑම සහ පැණි බීම

පැණි බීම පානය නොකර පිපාසය සංසිඳුවා ගැනීම සඳහා පිරිසිදු ජලය පාවිච්චි කරන්න. පැණි රස කෑම හා පැණි බීමවල අඩංගු රසකාරක වර්ණ කාරක, සුගන්ධකාරක,     කෘත්‍රිම සීනි ආදියෙන් අධික රුධිර පීඩනය මෙන්ම අධික ස්ථූලතාවය, දියවැඩියාව, පිළිකා, ස්නායුගත රෝග ආදී තත්වයන් ඇතිවන බව දැනටමත් වෛද්‍ය පර්යේෂණ මගින් සනාථ වී තිබේ. ටොෆී වර්ග, චොක්ලට් වර්ග, කේක්, අයිස් ක්‍රීම්, බූන්දි, මස්කට්, දොදොල්, සීනි අධික බිස්කට් භාවිතයද නුසුදුසුය.

හිතකර පාන වර්ග

තේ, (කොළ තේ හා කලු තේ) කොළ කැඳ, කොත්තමල්ලි වතුර, පොල්පළා වතුර, රණවරා, බෙලිමල්, බාර්ලි, තැඹිලි, කුරුම්බා වැනි පානයන්ට හුරුවීමෙන් ශරීරයට එකතුවන අහිතකර විෂ කාරක වලින් උපරිම ලෙස මිදෙන්න පුළුවන්. මේ සඳහා ඔබේ සිතුවිලි හා අදහස් දියුණුකර ගත යුතුයි. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.