මාංස පේශි වේදනාව සහ දුර්වලතාවය ඇතිවන්නේ ඇයි?

ජූලි 3, 2020

ආයුර්වේද මතානුව සිරුරේ මාංස පේශින්ගේ වේදනාව සහ දුර්වලතාවය ඇතිවීමට ප්‍රධාන හේතුව වාතකෝපතාවයයි. ‘සර්වාංගවාත’ රෝගයේදී වාත කෝපතාවය මුළු සිරුරටම බලපාන නිසා මාංෂ පේශින්ගේ ගැස්ම සමඟම අස්ථිවල බිඳින්නාක් වැනි වේදනාව හටගනී. ‘ගුදගතවාත’ රෝගයේදී පිට, තුනටිය, කලවා ,ජංඝා (calf muscles)  යන ස්ථානවල වේදනාව සහ මංසක්ෂය වීම හටගනී. ‘අස්ථිමජ්ජාගතවාත’ රෝගයේදී සන්ධිවේදනාව සමඟම මාංෂ පේශි දුර්වල වීම හටගනී. 

එක්වරම මාංස පේශි දුර්වලවීමට නව්‍ය මතානුව හේතු 4 ආකාරයකට දැක්විය හැකිය. 

1.පරිවෘත්තිය (metabolic) 

2.අන්තඞස්‍රාවජනිත (endocrine)

3.ආසාදන ජනිත (infective)   සහ 

4.ස්නායුමය  (neurological)  යනුවෙනි. 

මෙහිදී සාමාන්‍ය ශාරිරික දුර්වලතාවය සහ වෙහෙස දැරීම වෙන්කරගෙන. මාංස පේශි දුර්වලවීම සහ ඒවායේ ක්‍රියා දුර්වලවීම නිසා ඇතිවන නියම දුර්වලතාවය  (true weakness) හඳුනාගත යුතුය. සාමාන්‍ය ශාරිරික දුර්වලතාවය ඇතිවන්නේ ඉන්ද්‍රියවල රෝග සහ මානසික හේතුන් නිසාය. මාංස පේශින්ගේ දුර්වලතාවය හඳුනාගැනීම ප්‍රමාදවන්නේ එය සාමාන්‍ය විඩාව තත්වයක්යයි වරදවා සිතීම නිසාය. දුර්වලතාවය සමඟ ඇතිවන මාංස පේශිවල වේදනාව සහ ස්තබ්ධතාවය  (stiffness)  සමඟ ඇතිවන මාංෂ පේශිවල වේදනාව අතර වෙනස හඳුනා ගත යුතුය. 

ශරීරයට සමීප කොටසේ මාංසපේශිවල වේදනාව සහ දුර්වලතාවය ඇතිවීමට හේතු ප්‍රදාහය යටතේ පළමුව දැක්විය හැකිය. Polymyositis රෝගයේදී පළමුව දෙපාවල උඩ කොටස දුර්වල වේ. රෝගියා පුටුවෙන් නැඟිටීම, සමහර විට පඩි නැඟීම සහ බර එසැවීම අපහසු බව පවසයි. මාංස පේශිවල වේදනාව ද හටගනී. වයස අවුරුදු 40-60 දී රෝගය ආරම්භ වන අතර ක්‍රමයෙන් වැඩිවේ. උණ හටගනී. බර අඩුවේ. වෙහෙස දැනේ. ශ්වසනය සම්බන්ධ මාංස පේශි සහ උගුරේ මාංස පේශි දුර්වලවීම නිසා හුස්ම ගැනීම සහ ගිලීම අපහසු වේ. 30% රෝගින්ගේ පෙණහලු පීඩාවේ.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.