ඇසේ ආබාධයට  පා ඇඟිල්ලේ  බෙහෙත් බැඳීම

ජුනි 26, 2020

වර්තමාන සමාජය දෙස බලන කල්හි බාල, තරුණ, මහලු යන වයස් සීමාවකින් තොරව වැඩි පිරිසකට අක්ෂි රෝග හට ගන්නා ප්‍රවණතාවය බොහෝයැ. කුඩා දරුවන්ව සිට මහලු උදවිය දක්වා ඇස්කන්නාඩි පළඳින අයුරු අද අපට දකින්නට ලැබෙන බහුල කාරණයකි. 

ඉපැරණි ආචාර්යවරු (සුශ්‍රැත, වාග්බට) පෙන්වා දී ඇති පරිදි අක්ෂි රෝග 320 ඇතිවන බව වුවත් වර්තමාන කාලයේ එය තරමක් දුරට වෙනස් තත්ත්වයක් ඇතිවී ඇති බව සඳහන් කළ යුතුයැ. අද ලෝකය පුරා පැතිර යමින් පවතින කොරෝනා ආසාදිත තත්ත්වය නිසාද අක්ෂිරෝග හටගැනීම අරුමයක් නොවනු ඇත. එම විටදී දෙනෙත් රත්පැහැ ගැන්වීමක්. දාහයත් සමහර විට ඉදිමීමක් ඇතිවිය හැකිය. 

ඊට අනුකූලව සෑම අක්ෂි රෝගයක්ම වැලඳීමට හේතු වන කාරණා මෙසේද දැක්විය හැකිය. 

තද ගිනියම් අව්වේ තැවී ආ සැනින් ශීතල ජල ස්නානය ද, දුර තිබෙන දේ ඉතා අපහසුවෙන් නිරීක්ෂණය කිරීමද, රාත්‍රී කාලයේ අවදිව සිටීමද, දිවාකාලයේ නිදා ගැනීමද දෑසට දූම (දුම්) වේදු, පෑමද රජස් (දූවිලි) ඇති තැන්හි වැඩියෙන් ගැවසීමද අධික වශයෙන් වමනය පිටවීමද අහිතකර වේ. රාත්‍රී කාලයෙහි ගත් අහිතකර ආහාරද මල මුත්‍ර පුරිෂ වාෂ්ප (ගුද මගින් පිටවන වාතය) කෝපවීම සහ ශෝක අධිකවීමද අධික වශයෙන් මත් පැන් ගැනීමද,ඍතුන්ගේ විපර්යාසයද, අධික මෙථූනය ස්ත්‍රී සේවනය අතිශයින් පැවැත්වීම, කිවිසුම් කඳුළු වේග වැළැක්වීම ආදිය නිසාවෙන් නේත්‍ර රෝග හට ගනු ලැබේ. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.