ඩිමෙන්ෂියාව හෙවත් චිත්ත වික්ෂේපය Dementia

ජුනි 19, 2020

මොළයේ ඇතිවන රෝගි තත්ත්වයකි. මේ නිසා මොළයේ අධි මානසික ක්‍රියාකාරකම් සමහරක් අඩපණ වීමක් සිදුවේ. මෙය වර්ධනය වන රෝගී තත්ත්වයක් වන අතර මේ හේතුව බුද්ධිය, ස්මරනය, පෞරුෂය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් ඇති වේ. වයස්ගතවීමත්, රෝගී තත්ත්වයේ වැඩි වීමක් ලෙස දැක්විය හැක.

පුද්ගලයකු ඩිමෙන්ෂියාවෙන් පෙළෙන බව නිර්ණය කෙරෙනුයේ ඔහුගේ මානසික ක්‍රියාකාරකම් දුර්වල වීම හේතුවෙන් ඔහුට රාජකාරී කටයුතු හා සාමාන්‍ය ජීවිතයෙහි කටයුතු පෙර පරිදි කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වනවිටය. 

ඩිමෙන්ෂියාව රෝගයක ලක්ෂණයක් වන අතර, මීට හේතු කාරක වන රෝග අතර වඩාත් සුලබ වන්නේ 50% - 60% අතර ඩිමෙන්ෂියාව හේතුකාරක වන ඇල්ෂයිමර් රෝගයයි. (ඒතජඩඥථඪඥඵ ඤඪඵඥචඵඥ) මීට අමතරව වඩාත් සුලබව දක්නට ඇත්තේ 20% - 25% ක ප්‍රතිශතය ඇති වාහනික ඩිමෙන්ෂියාව ඍචඵජභතචප ඤඥථඥදබඪච සහ 15% -20% අතර ප්‍රතිශතයක් දරන ච්ඥථඥදබඪච ඹඪබඩ ඹ්ඥඹර ඡධඤඪඥඵ රෝගී තත්ත්වයකි. 

රෝග ලක්ෂණ

මතක හැකියාව ක්‍රමයෙන් අඩු වීම

අළුත් තොරතුරු ඉගෙනුම සහ භාවිතය අපහසු වීම

රිය පැදවීම වැනි සංකීර්ණ කටයුතු සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම අපහසුව

විචාර බුද්ධිය දුබල වීම, ගැටලු විසදීම තිරණ ගැනීමට අපහසුව මඟින් තමාගේ මුල්‍යමය කටයුතු කර ගැනීමට අපහසුතාවය

භාෂාව සම්බන්ධ ක්‍රියාකාරකම් දුර්වල වීම නිසා ප්‍රතිචාරය හා තේරුම් ගැනීමට අපහසු වීම

ඇසට පෙනෙන වස්තු හා රූප හඳුනා ගැනීමට හැකියාව දුර්වල වීම

ස්ථාන ගැන අමතක වීම

නොසන්සුන්කම

සංකාව

විෂාදය

මිත්‍යා විශ්වාස

දුර්වල කරන හැකියාව

අවධානය අඩුවීම

ඉබාගාතේ යෑම

නොමනා හැසිරීම

අසාමාන්‍ය හා අපිළිවෙල හැසිරීම් රටාව

තමාව නොසලකා හැරීම

එකම දේ නැවත නැවත කීම හා කිරීම

මානසික හා චර්යාමය 

රොග ලක්ෂණ

විෂාදය - නිතර අසතුටින් සිටීම, සියදිවි හානිකර ගැනීමට සිතීම ආදියද පදනමක් රහිත සැකය

භ්‍රාන්තිය - තමන් හා කෙනෙක් කථා කරන බව දැනීම

කලහකාරීත්වය

කලබලය 

අයාලේ යාම

නිර්ලැජ්ජාව

ඒකාකාරී ස්වභාවය හා පුරුදු

එකම ප්‍රතිචාර දැක්වීම

රැස් කිරීම - අනවශ්‍ය දෑ විශාල වශයෙන් ගොඩගසා ගැනීම (ඩ්ධචපඤඪදඨ) 

පසුව දිවා රාත්‍රී ස්වභාවය හඳුනා නොගැනීම

නිද්‍රාබාධය

තමා අවට පරිසරයට හැඩ ගැසීමට ඇති අපහසුතාවය

මලමුත්‍රා පාලනය කරගත නොහැකි වීම ධ්දජධදබඪදඥදජඥ

ආහාර අරුචිය

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.