ඓතිහාසික පුරාවස්තුවලින් හෙළි කරන මිහින්තලා ආරෝග්‍යශාලා

ජුනි 5, 2020

වංශ කතා ප්‍රමුඛ ඓතිහාසික ලේඛනවලින් ශිලා ලේඛනවලින් හා පුරාවස්තු අයත්වන පුරාවිද්‍යා මූලාශ්‍රවලින් මහාවංශයෙන් ශිලා ලේඛන හා පුරාවස්තු නටබුන් ද ඇතුළු ඉතිහාසගත තොරතුරුවලින් හෙළිවන තොරතුරු අනුව මිහිඳු මහරහතන් වහන්සේ මේලක් දෙරණට වැඩම වීමෙන් අනතුරුව ආරෝග්‍යශාලා දියුණුවට රජ දරුවන්ගෙන් වූ සේවය බොහෝ ය.

පණ්ඩුකාභය රජතුමන් විසින් ආරම්භ කළ සෞඛ්‍ය ෙ ස්වාව පිළිබඳව කොතෙක්ද යන්න නටබුන්වලින් සනාථ වන්නේ ය. අනුරාධපුර රාජශි‍්‍රයටපත් සෑම රජ කෙනෙක්ම ආරෝග්‍යශාලා සේවය අනිවාර්යයෙන්ම ඉටු කළේ ය. හතරවන මහින්ද රජුගේ පුත්‍රයා විසින් (ක්‍රි.ව. 456 - 972) අනුරාධපුරයේ රෝහලක් තැනවූ බව සඳහන් වේ. දෙවන සේන රජුද චේතිය කන්දෙහි (ක්‍රි.ව. 851 - 885) රෝහලක් ඉදි කළේ ය. පණ්ඩුකාභය සහ පස්වන කාශ්‍යප රජවරුන් (ක්‍රි.ව. 913 - 923) අනුරාධපුරයෙහි වෛද්‍ය ආයතනයක් ඉදි කළේ ය. පළමුවන උදය රජුද (ක්‍රි.ව. 792 - 797) පුලස්ති නගරයෙහි රෝගීන් සඳහා විශාල ශාලාවක් ඉදි කළේ ය.

විවිධ රජවරුන් විසින් ඒ ඒ කාලවලදී විශේෂිත වූ රෝහල් ඉදිකරන ලදී. බුද්ධදාස රජු (ක්‍රි.ව. 362 - 409) ධාතුසේන රජු (ක්‍රි.ව. 460 - 478) දෙවන උපතිස්ස රජු (ක්‍රි.ව. 522 - 524) සහ පළමු වන උදය රජු කොරුන් සඳහා වෛද්‍ය ආයතන ඉදිකරන ලදී. බුද්ධදාස රජු හා දෙවන උපතිස්ස රජු අන්ධයින් සඳහා ද රෝහල් ඉදිකළහ. ප්‍රථම වරට මාතෘ නිවාසයක් පිහිටුවන ලද්දේ දෙවන උපතිස්ස රජු බව සඳහන් වේ. වසංගත රෝගයක් සඳහා හතරවන කාශ්‍යප රජු (896 - 913) අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ රෝහල් ඉදිකරන ලදී. මෙම රෝහල් ශ්‍රී ලංකාවේ ප්‍රථම බෝවන රෝග සඳහා ඉදිකරන ලද රෝහල් විය. බුද්ධදාස රජතුමා වෛද්‍යශාලා ඉදිකරවා ඒවාට වෛද්‍යවරුන් යොදවා මහගු සේවාවක් ඉටුකරවා ඇත.

බුද්ධ දාස රජු (ක්‍රි.ව. 362 - 409) කාලයේදීත් ධාතුසේන රජු (ක්‍රි.ව. 460 - 478) කාලවලදීත් දෙවන උපතිස්ස රජු (ක්‍රි.ව. 522 - 524) කාලවලදීත් සෞඛ්‍ය ආයතන ඉදිකරන ලදී. අගනුවර වශයෙන් දීර්ඝකාලයක් පැවැති අනුරාධපුර රාජධානියෙහි වෛද්‍ය ආයතන රාශියක් පැවැති බව මහාවංශයෙහි සඳහන් වේ. රෝහලක් බෙහෙත් ශාලාවක් සහ වෛද්‍ය ශාලාවක් තිබූ බවට ශිලාලේඛනවල සඳහන්ව ඇත. මැදිරිගිරියේ මෙන්ම අනුරාධපුරයේද රෝහල් නඩත්තුව සඳහා ඉඩම් ද වෙන්කර දී තිබේ. බොහෝ විට රජවරුන් ජනතාවගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය පිළිබඳව කටයුතු කළ ආකාරය පිළිබඳව ඉතිහාසගත තොරතුරුවලින් අනාවරණය වේ. ඒ අනුව ආරෝග්‍ය ශාලා පිහිටුවීම වෛද්‍යවරුන්ට වැටුප් ගෙවීම රෝගීන්ට අවශ්‍ය ඖෂධ වර්ග හා ආහාරපානාදිය නොඅඩුව ලබාදීම ඒ ඒ රෝගවලට අවශ්‍ය චිකිත්සක මගින් නිසි ප්‍රතිකාර ලබාදීමට ක්‍රියාකිරීම අවශ්‍ය බෙහෙත් වර්ග ලබාදීම සඳහා ඔසු උයන් පිහිටුවීමද මේ කාර්යයන් අතර විය. විශේෂයෙන් ආයුර්වේද වෛද්‍යක්‍රම පිළිබඳව විශේෂඥ දැනුමක් ලබාසිටි බුද්ධදාස රජතුමා ආරෝග්‍යශාලා පිහිටුවා රෝගීන්ට තමා විසින්ම වෙදකම් කරමින් සෞඛ්‍ය සත්කාර ලබා දෙන ලදී.

බුද්ධදාස රජතුමා ප්‍රසිද්ධියට පත්ව සිටියේ වෙදරජා ලෙසිනි. ඔහු වෛද්‍ය කර්මය ශල්‍යකර්ම සහ පශු වෛද්‍ය ක්‍රමයටද දක්ෂතා පෙන්වූ වෛද්‍යවරයෙකි. හතරවන මහින්ද රජු (ක්‍රි.ව. 950 - 972) සියලුම රෝහල්වලට ඖෂධ වර්ග සහ ඇඳන් බෙදාදුන්නේ ය. සයවන කාශ්‍යප රජතුමාද ආරෝග්‍ය ශාලා කරවා ඒවායෙහි නඩත්තුව සඳහා ගම්බිම් පූජා කළ බව මහාවංශයේ සඳහනි. අනුරාධපුරයෙහි ආරෝග්‍යශාලා ඉදිකළ පස්වන කාශ්‍යප රජුගේ සෙල්ලිපියක සඳහන් කොට ඇත්තේ ආරෝග්‍යශාලා පිහිටුවීමයි. ඇතුළු නුවර මගුල් වීදියේ දකුණු දිසා වාසල සමීපයේ රාජකීය වෛද්‍ය ශාලා පාහිටුවීමෙන් රෝග සුව කිරීමට කටයුතු කර ඇත. එමෙන්ම මෙම රජු විශාල වශයෙන් සෞඛ්‍ය සේවාවේ නියැලීමෙන් ජනතා සුබසෙතට කටයුතු කර ඇත.

ඓතිහාසික තොරතුරුවලට අනුව පුරාණයේ සිටම ලක්දිව වෙදකම ඉතා දියුණු තත්ත්වයක පැවැති බව පත පොතින් මෙන්ම සෙල්ලිපිවලින්ද ජනප්‍රවාද කතාවලින්ද පැහැදිලි වේ. අපේ මහා මූලාශ්‍රය වන මහාවංශය සඳහන් කොට ඇති පරිදි සෞඛ්‍ය සංරක්ෂණය සඳහා ආරෝග්‍යශාලා කරවූ බවට මුලින්ම සඳහන් වන්නේ පණ්ඩුකාභය රජ දවසයි. නගර නිර්මාණයකර මාතෘ නිවාස නිර්මාණය කර ඇත. ආරෝග්‍යශාලා නිර්මාණ කර ඇත. දුටුගැමුණු රජ සමයේ ද දියුණු වෛද්‍ය ක්‍රමයක් තිබුණු බවත් මහා වංශය පෙන්වා දී ඇත. අට ලොස් තැනක වෙදුන් විසින් පවත්වාගෙන ගිය ගිලන් බත් හා බෙහෙත් ගිලන් හල් දහ අටක් කරවූ බවත් එහි සඳහන් වේ. වෙදකම ඉතාම දියුණු තත්ත්වයක තිබූ බවට සාක්ෂි ලැබෙන්නේ ක්‍රි.ව. පස්වන සියවසේ රජකළ බුද්ධදාස රජ සමයේ දී ය. බුද්ධදාස රජතුමා වෙදකමින් පුදුම දස්කම් දැක්වූ රජකෙනෙකි.

ගම් දහයකට ප්‍රධාන වෛද්‍යවරයකු බැගින් පත්කර ඇති අතර දේශීය පසු වෛද්‍ය ක්‍රමයත් ඇතුන් ගවයින් හා අශ්වයින් වැනි සතුන්ටද වෙදකම් කළ බව පත පොතින් හා ජනප්‍රවාදයෙන් පැහැදිලි වේ. ක්‍රි.ව. නවවන සියවසේ දී ඉදි කරන ලද මිහින්තලේ රෝහල සමහර විට ලොව පැරණිම රෝහලයයිද විස්තර කර ඇත. පුරාණකාලයේ වෛද්‍යවරු ඉතා උසස් වෘත්තියකට අයත්ව සිටි බවට පෙන්වා දී ඇත. වෙදකමෙහි යෙදුණු රජවරුන් නිසා රෝග සුව කිරීමේ තත්ත්වය රාජකීය කීර්තිය හේතුකොට ගෙන ප්‍රසිද්ධ විය. මේ නිසා බුද්ධදාස රජතුමා වෙදරජ වශයෙන් පිළිගැනීමට ලක්ව තිබුණි. එයට එක් හේතුවක් වූයේ බුද්ධ දාස රජතුමා වෛද්‍ය කර්මය, ශල්‍යකර්මය සහ සූතිකා කර්මය මෙන්ම පශු වෛද්‍ය කර්මයෙහිද දක්ෂයකු වීමයි. පුරාතනයේ පැවැති ආයුර්වේද වෛද්‍ය ක්‍රමයන්හි දියුණුව ගැන වංශ කතා අටුවා හා වෙනත් සාහිත්‍ය ග්‍රන්ථවල ශිලා ලේඛන හා වෙනත් නටඹුන් ආදියෙන් දැනගන්නට ඇත.

 

බත්තරමුල්ල, පැළවත්ත , රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය
සුමිත් එම්.පී. රාජපුර

 

සටහන
බී .ඇල්. ප්‍රේමරත්න.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.