අවුරුදු සමය තවත් රසවත් වර්ණවත් කරන්නට කජු පුහුලම්

අප්‍රේල් 12, 2019

තුරුලතා මල් පලින් බරව සංකේතවත් කරන්නේ තවත් හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයක් ළඟ ළඟ එන බවය.

එරබදු මල් පොට්ටු, පොට්ටු අවුරුද්දත් කිට්ටු කිට්ටු යනුවෙන් ජනප්‍රවාදයේ එන පරිදිම අවුරුදු උදාව මුලින්ම වාගේ සිහිපත් කරන්නේ රක්ත වර්ණ එරබදු මල් ය. දැන් නම් නොයෙකුත් හේතුන් නිසා එරබදු මලේ සිරියාව බොහෝ තැන් හි දක්නට නැතත් ගම්බදව තවමත් ඉඳහිට හෝ එරබදු මලක සිරියාව අවුරුදු සමයත් සමඟ දැකිය හැකිය.

අවුරුදු උදාව සංකේතවත් කරන අනෙක් ශාකය නම් කජු ය. මාස කිහිපයක් තිස්සේ සිට ක්‍රමයෙන් වැඩී අවුරුදු උදාව ළංවත්ම කහ පැහැති, රතු පැහැති, කජු පුහුලම් වලින් බරිත වන කජු ශාකය මවන්නේ මනස්කාන්ත දර්ශනයකි. එපමණකින් නොනැවතී කජු නාඹර මාලුව අවුරුදු ආහාර මේසය රසවත් කරන අතර,කජු.වළකජු, ක්‍රීඩාව වැනි අවුරුදු ක්‍රීඩාවලට අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වෙයි. බක්මහ උළෙලේ විවිධ පැතිකඩවලට දායක වන කජුවලට වැඩිදෙනාගේ අවධානයට යොමු නොවුණු කජු පුහුලම ගැන අවධානය යොමු කරවීම මේ ලිපියේ අරමුණයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

සම්මානිත මහාචාර්ය පියසිරි අමිලසිත් යාපා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.