වඩාත් වැදගත්වන යෝගය හා කරණය

අගෝස්තු 20, 2021

යෝගය හා කරණය උපරිම අයුරින් ප්‍රයෝජනයට ගෙන අපේ පැරණි අය වැඩකටයුතු උපරිම අන්දමින් සාර්ථක කරගත්හ. දෛනිකව සෑම වැදගත් වැඩකටම ගොවිතැන, ගමන් බිමන්, විවාහය , නිවාස ඉදිකිරීම්, ව්‍යාපාර ඇරඹීම ආදිය කරන ලදී. යෝගය හා කරණය ගැන විශේෂයෙන්ම සලකන බැව් පෙනේ. එහෙත් අද එය අභාවයට පත්වී තිබේ. දිනය, නැකත , තිථිය යෝගය, කරණය යන පංචාංගය ඡ්‍යොතිෂයේ මූලාශ්‍රීය වැදගත්ම කරුණුූ පහක් වේ. කෘෂිකාර්මික රටක් වූ අපේ මේ මනරම් දිවයිනේ මේ පංචාංගය හරහා සකස්කර ගන්නා ලදී.

 

කරණ 11 ක්ය තිර+චර ප්‍රභේද ද්විත්වයකි. තිථිය දෙකට බෙදීමෙන් කරණය සෑදී තිබේ. නැකත් තිථී, යෝග ආදිය මුළු දවස පුරාම පැවතිය හැකි වුවත් එක් කරණයක් දවසට නොතිබීම එහි සුවිශේෂි ලක්ෂණයක්ය.

බාලව, කෞලව, තෛතිල, ගරජ, වණිජ, විෂ්ටි යනුවෙන් චර කරණා 7 වේ. තිර කරණ හතර සකුණ, චතුෂ්පාද යාග නමින් හැඳින්වේ. කරණයන්ට අයත් වාහන දහයකි. සිංහ , ව්‍යාඝ්‍ර, ඌරු, කොටළු, ඇත්, ගව, කුක්කුට, දිවි, මීගව, වානර යනුවෙනි. කරණ උදාවත් ඒ ඒ කරණ වලින් කළ හැකි විවිධ කාර්යන් පිළිබඳ තොරතුරු විමසා බලමු. බවකරණය /පුරපෑලවිය, පුර අටවක , පුර පසළොස්වක , අවසතවක යන තිථිවල අපරාර්ධයේද පුර විසේනිය, පුර දොළොස්වක , අව ජලවක අව එකොළොස්වක යන තිථිවල පූර්වාර්දයේ ද බව කරණය යෙදේ. බව කරණය උදාවෙන් ආගමික වැඩ සිද්ධස්ථාන විහාර දේවාල ඉදිකිරීමට යහපත් වේ.

ඉරිදා දිනය පවතින බව කරණයෙන් හරකුන්ට ලාඩම් ගැසීම, කරත්ත පට්ටම් බැඳීම් වැනි ගවයින්ගේ වැඩවලට සුදුසුවේ.

බාලවකරණය – පුර දියවක, පුර නවවක, පුර අටවක, අවපෑලවිය යන තිථිවල පූර්වාර්ධයේද පුර විසේනිය, පුර දොළොස්වක සහ අව ජලවක අව එකොළොස්වක යන තිථිවල අපරාර්ධයේ ද බාලව කරණය යෙදෙන අතර පැවිදි කිරීම හා උපසම්පදා කර්මයන්ට යෝග්‍ය වේ.

කෞලවකරණය – පුර ශටවක හා පුර තෙලෙස්වක, අව විසේනිය, අව දොළොස්වක යන තිථිවල පූර්වාර්ධයේද පුර දියවක පුර නවවක, අව පෑලවිය, අව අටවක යන තිථිවල අපරාර්ධයේ ද කෞලව කරණය යෙදේ. මේ කාලය තුළ සියලු සුබ වැඩට යෝග්‍ය වේ.

තෛතිල කරණය – පුර තියවක පුර දසවක අව දියවක අව නවවක යන තිථිවල පෙර කොටසේද පුර සටවක පුරතෙළෙස්වක අව විසේනිය අව දොළොස්වක යන තිථිවල අපර කොටසේද තෛතිල කරණය යෙදෙන නිසා විවාහ කටයුතුවලට සුබයි.

ගරජ කරණය – පුර සතවක පුර තුදුස්වක අව ශටවක අවතෙලෙස්වක යන තිථිවල පූර්ව කොටසේද පුර තියවක පුර දසවක අවදියක අවනවවක යන තිථිවල අපරකොටසේ ද ගරජ කරණය යෙදේ. කෘෂිකර්මාන්තය යහපත්ය.

වණිජකරණය– පුර ජලවක පුර එකොළොස්වක අව තියවක අව දියවක යන තිථිවල පූර්වාර්යයේ ද පුර ශතවක පුර තුදුස්වක අව ශටවක අව තෙලෙස්වක යන තිථිවල අපරාර්ධයේ ද වණිජ කරණය යෙදේ. නිවාස වැඩ වෙළඳාම් ඇරඹීමට යහපත්ය.

විෂ්ඨිකරණය – පුර අටවක පුර පසළොස්වක අවසතවක අවතුදුස්වක යන තිථිවල පූර්වාර්ධයේ ද පුර ජලවක පුර එකොළොස්වක අව තියවක අව දසවක යන තිථිවල අපරාර්ධයේ ද විෂ්ඨි කරණය යෙදේ. ගුප්ත විද්‍යාව යන්ත්‍ර මන්ත්‍ර යාගහෝම අණ විණ ආදි වැඩවලට යෝග්‍ය වේ.

ශකුණ කරණය – අවතුදුස්වක අපරාර්ධයේ මේ කරණය යෙදේ. ශාන්තිකර්ම කිරීම ඖෂධ නිෂ්පාදනය, කසාය උණුකිරීම, තෙල් සිඳීම, අටුවලට වී දැමීම, ධාන්‍ය ඇසිරීම, ශකුණ කරණය යෝග්‍ය වේ.

චතුෂ්පාදකරණය – හංවඩු ගැසීම, ලාඩම් ගැසීම, පට්ටම් දැමීම, කරත්ත බැඳීම , ගවයින් පිළිබඳ සියලුම කටයුතු වලට ශුභයි. චතුෂ්පාදකරණය යෙදෙන්නේ අමාවක පූර්වාර්ධයේදීය.

නාගකරණය මෙය හිමිවන්නේ අමාවක අපර කොටසේදීය. යුද කටයුතු, කඩුදුනු හී ශිල්ප ඇරඹීමට යුද හමුදා කටයුතු පුහුණුවට ඇරඹීමට යෝග්‍ය වේ.

කිංස්තුංග කරණය මේ කරණය යෙදෙන්නේ පුර පෑලවිය පූර්වාර්ද යේදීය. සුබ වැඩට යෝග්‍ය වේ.

යෝගයෙන් හා කරණයෙන් වඩාත් ප්‍රයෝජන ගැනීමට නිසි අධ්‍යයනයක් කිරීම අවශ්‍ය වේ. ඒ සඳහා අත්හදා බැලීමද වැදගත්ය.

ඡ්‍යොතිර්විද්‍යාව එක් කරුණකින්ම පමණක් වැඩ ගත හැක්කක් නොව සමස්ත කරුණ රැසක්ම ගොනුකර ගැනීම අනිවාර්ය වේ. නැකැත් සෑදිම පලාපල ප්‍රකාශනයට අයත්ය.

ඡ්‍යොතිෂ සහ වාස්තුවිද්‍යාවේදී දේශබන්ධු

ටී. හෙන්රි බෙම්මුල්ල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.