ජන ජීවිත පෙරළිකාර පරිවර්තනයක

මැයි 7, 2021

චන්ද්‍ර, ගුරු - ශනි, රාහු - රවි, ගුරු - ත්‍රිකෝණ දෘෂ්ටිය කුජ චන්ද්‍ර සංයෝගය ආශි‍්‍රතව

ආත්මකාරක රවි වෘෂභ රාශිගතවෙයි

උත්තරායනය ගී‍්‍රෂ්ම සෘතුවෙහි මේෂ රවි 31 භාග වෙසක් මහේ පුර දියවක තිථිය වෘෂභ රාශිය මකර නවාංශකය, රවි හිමි කැති නැකතේ දෙවන පාදය මූලාශ්‍රවූ ද කැති 02, 03, 04 රෙහෙණ 01, 02, 03, 04 මුවසිරස 01, 02 ගතවන තෙක් ජීවය ප්‍රභාවය, පෞඪත්වය, පෞරුෂය උදා කෙරෙන රාජ්‍ය කාරක සූර්ය දිව්‍ය රාජයාණෝ සිකුරු හිමි වෘෂභ රාශියට මැයි 14 කිවිදින රාත්‍රී 11.35ට මාසයක් පුරාවට ජුනි 15 තෙක් සතුරු වෙමින් අශුභවාදීව සංක්‍රමණය සිද්ධ වෙන්නෙ ය.

 

නැඟෙනහිර ක්ෂිතිජයෙහි උදා මකර රාශිගතව සතුරු ප්ලුටෝ සමඟ ස්වක්ෂේත්‍ර සෙනසුරු ද නැප්චූන්, බ්‍රහස්පති සමව 02 වැන්න වූ ධනස්ථානගතව ද යුරේනස් සමව 04 වැන්නේ ද සතුරු රවි උච්චක්ෂේත්‍ර රාහු ස්වකේෂත්‍ර සිකුරු මිත්‍රශීලී බුධ 05 වැන්නේ ද සතුරු අඟහරු මිත්‍රශීලි චන්ද්‍රයා සමඟ රෝග සතුරු ස්ථානය වූ සය වැන්නේ ද උච්ච ක්ෂේත්‍ර කේතු අයස්ථානය වූ 11 වැන්නේ ද විශ්ව තාරකා මන්දාකිණිය තැම්පත්ව යෙදුණේ ය.

ලෝකායතන අඟහරු හිමි, මේෂ රාශියෙහි 10 කර්මස්ථානය 11 අයස්ථානය 02 ධනස්ථානය ද ශ්‍රී ලාංකේය ජනරජ රවි හිමි සිංහ රාශියෙහි 06 රෝග සතුරු ස්ථානය 10 කර්ම ස්ථානය 11 අයස්ථානය දුර්වල කෙරෙමින් පෙරළිකාර අර්බුද රැසකින් ජන ජීවිත දැඩි නොසන්සුන් අපහසුතාවයනට පාත්‍ර කෙරෙනු පෙනී යන්නෙකි. කලාකාමී ක්ෂේත්‍රය, බන්ධනාගාර සහ රෝහල්ගත සංඛ්‍යාව නිවෘත වීම එසේම විරුද්ධ පාක්ෂිකයන් ඔවුනොවුන් පවා මිලේච්ඡ සහගත ක්‍රියාකාරකම්හි ක්‍රියාත්මක වී මේ ද මානව හිතවාදීනට එරෙහි වෙන මැර බලය මර්ධනයෙහි නීතිය ප්‍රාණවත් බවක් උසුලනු ඇත.

ගිනි ගැනීම්, ගිනි තැබීම්, සුළි සුළඟ, භූමිකම්පා, ගිනිකඳු පිපිරීම්, යුද ගැටුම්, වෛරකාර, ඊර්ෂ්‍යා කුහක කුරිරු පිරිස් මානසික විපරීත බවට තුඩුදීම කාලගුණික, දේශගුණික විෂමතා රාජ්‍ය යාන්ත්‍රණයන් කෙරෙහි උද්ඝෝෂණ විප්ලවවාදී මෙන්ම අන්තවාදී කුමන්ත්‍රණ ක්‍රමෝපායන් උත්සන්නවී යාම නිවෘත වී යාමෙහි ප්‍රවණතාවය විද්‍යමාන කෙරෙයි. ආර්ථික වශයෙන් විශ්ව රාජ්‍යයනට ප්‍රබල අපහසුතා ගොඩනැඟෙයි. තැපැල්, විදුලි සන්දේශ, දුම්රිය සේවා, සේවක අරගල මත ජනතා අප්‍රසාදය වර්ධනය වෙයි. ගමනාගමන රටාව මන්ද මානසික රියදුරු පිරිස් නිසා ජනතාවට හිංසා පීඩා ගෙන දෙනු ලබයි. ඉදිකිරීම් සමඟ කොත්ත්‍රාත් පදනම් දියුණු වෙයි. බෝවන රෝග, ජනජීවිත, ආර්ථිකය අගාධය කරා තුඩුදෙනු ඇත. ළමා හිංසන අපයෝජන අනියම් සබඳතා බහුල කෙරෙයි.

විදේශ ආශි‍්‍රතව ගිවිසුම්, ආනයන, අපනයන ක්‍රමවේද සාර්ථක කෙරෙයි. පතල් කර්මාන්ත, වගාබිම්, පුරන් ඉඩකඩම්, ඖෂධ නිෂ්පාදන දේශීය ආයුර්වේදය ආශි‍්‍රතව තෘප්තිමත් බවක් ග්‍රහණය වෙයි. වැව්, පොකුණු නවීකරණය, වාරි මාර්ග, ධීවර කටයුතු සාර්ථක කෙරෙනු ඇත. සාමකාමී සහජීවනයකට විජයග්‍රාහී බව උදා කරවමින් සුබසාධන ක්ෂේත්‍රයන් ක්‍රියාකාරීවෙයි. විපරීත විපර්යාස උදාවී යනු ලබන අවරෝහණ කාල පරාසයකි. චිත්ත වේග පාලනය කර ගනිමින් වර්ණ භේද, පන්ති භේද දුරස්ථවීමෙන් පොදුවේ පංචමහා භූත සංකලනය යථාර්ථයක් බව තුඩුදෙන ධර්මතාවයන් බැව් විශ්ව ප්‍රජාව සැලකිය යුත්තකි. චිරං ජයතු

 

කොත්මලේ

විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.