සිකුරු අප්සරාවගේ බැල්මෙන් විශ්ව තාරකා මන්දාකිණිය බැබළෙයි

මාර්තු 19, 2021

සත්කාම ධෙනු යෝගය - කටක, කන්‍යා, වෘශ්චික, මීන

රුචක මහා පුරුෂ යෝගය - මේෂ, කටක, තුලා, මකර

මාලවි මහා පුරුෂ යෝගය - මීන, මිථුන, කන්‍යා, ධනු

සස මහා පුරුෂ යෝගය - මකර, මේෂ, කටක, තුලා

ගජකේශරී යෝගය - මේෂ, කටක, තුලා, මකර

 

නීච භංග රාජ යෝගය, කේදාර යෝගය, වෙශි, වොශි, උභයචාරි, ගුරු, ශනි යෝගය, රවි ශුක්‍ර යෝගය, කුජ චන්ද්‍ර, චන්ද්‍ර මංගල යෝගය, ජම්ම රාශි 12 ටම අසිරිමත් මහා යෝග රැල්ලක් උදාකෙරේ.

 

ශනි, කුජ, ශනි චන්ද්‍ර චතුර්කෝණ දිෂ්ඨිය, චන්ද්‍ර බුධ ෂඩ්කෝණ දෘෂ්ඨිය, මීන රාශිය, කටක නවාංශකය පුවපුටුප 04 පාදය, බුධ මාන්දි අඟහරු බාධක 22 වෙනි මාරක දෙර්කාණාධිපති ආශි‍්‍රතව අප්‍රේල් 10 පෙරවරු දක්වා පුවපුටුප, උත්‍රපුටුප, රේවතී, මුලාශ්‍රවූ ගුරු සෙනසුරු බුධ නැකත් ග්‍රහයන් පාදක කොටගත් උත්තරායනය වසන්ත සෘතුවෙහි මීන රවි 02 භාග මැදින් මහේ පුර ජලවක තිථිය ලත් මාර්තු 17 වෙනි බුධ දින අලුයම 03.01 ට සුරගුරු වූ බ්‍රහස්පති හිමි මීන රාශියට රසකාමි සිකුරු ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලය පුරාවට සුකුමාල රැස් දහරා විහිදුවමින් සංක්‍රමණය සිද්ධ විය.

බ්‍රහස්පතී නීචව සෙනසුරු ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණව මකර උදා රාශිගතවද නැප්චූන් සහ බුධ සමව 02 වැන්න වූ ධනස්ථානගතව ද සිකුරු උච්ච ක්ෂේත්‍රව රවි මිත්‍රශීලීව 03 වැන්න වූ වික්‍රමස්ථානගතවද ස්වක්ෂේත්‍රව මුල ත්‍රිකෝණ වූ අඟහරු යුරේනස් චන්ද්‍ර සමව 04 වැන්නේ ද උච්චක්ෂේත්‍රව රාහු 05 වැන්නේද 09 වැන්න වූ භාග්‍යස්ථානය බුධගෙන් පීඩිත වීමද උච්චක්ෂේත්‍ර කේතු අයස්ථානය වූ 11 වැන්නේ ද මිත්‍රශීලී ප්ලූටෝ 12 වැන්නේ ද යෙදී ඇත.

කාලය මූලික කොට ගනු ලැබූ සිද්ධාන්තය මත මාන යුග වර්ෂ අයන ඝෘතු පක්ෂ තිථිවාර හෝරා මුහුර්ත ඝටීකාදී මිණුම් මත විශ්ලේෂණය වනු ලබනුයේ උතුම් ඡ්‍යොතිර් විද්‍යාව නමැති මානයාගේ මානසිකව බලපවත්නා සිත සිතිවිලි ආධ්‍යාත්ම ස්වභාවය චර්යා ධර්මතා මගින් මනුෂ්‍යත්වය පෝෂණය වර්ධනය, ආලෝකය ගෙනදීම පිණිසයි. පහන් තරුව, ඉරබටු තරුව ආදී විශේෂණ නාමධාරිවුද රාහු, ශනි, බුධ මිත්‍රශීලි වූ සිකුරු ග්‍රහයාට බ්‍රහස්පතී, අඟහරු උදාසීනය, රවි චන්ද්‍ර සතුරුය.

 

ඉතිරි කොටස 06 පිටුවට....

 

කොත්මලේ

විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.