ජන දිවිය අසිරිමත් කෙරෙන සිකුරුගේ බැල්මක්

මාර්තු 5, 2021

පුද්ගලික ව්‍යාපාර වැඩි දියුණුවට

භාණ්ඩ මිල පහතට

රාජ්‍ය භාණ්ඩාගාරයේ ප්‍රගතියක්

සේවක සුබසාධනය ඉදිරියට

සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයක්

දේශීය කර්මාන්ත සංවර්ධනයට

 

සත් කලත්‍ර යෝගය, නීච භංග රාජ යෝගය, ගුරු, ශනි, බුධ පාපකර්තරී වීම, බුධ ගුරු ශනිගෙන් කුජට චතුර්කෝණ දෘෂ්ටිය ආශි‍්‍රතව උත්තරායනය වසන්ත සෘතුවෙහි නවම් මහේ පුර නවවක තිථිය ලත් කුම්භ රවි 09 භාග කුම්භ රාශිය, තුලා නවාංශකය, දෙනට 3 වන පාදය පෙබරවාරි 21 රිවිදින පෙරවරු 02.23 ට විශ්ව තාරකා මන්දාකිනියෙහි සුරූපිනිය වූ සිකුරු ග්‍රහයා සෙනසුරු හිමි කුම්භ රාශියට ප්‍රවේශ විය.

නැඟෙනහිර ක්ෂිතිජයෙහි උදා වූ බ්‍රහස්පති හිමි ධනු රාශිගත මිත්‍රශීලී වූ ප්ලුටෝ ග්‍රහයා ද, ගුරු නීචව බුධ සමව සෙනසුරු ස්වක්ෂේත්‍රව, මූල ත්‍රිකෝණව දෙවැන්න වූ ධනස්ථාන ගතව ද රවි සතුරුව, නැප්චූන් සමව සිකුරු මිත්‍රශීලිව තුන්වැන්න වූ වික්‍රමස්ථානගතව අඟහරු ස්වක්ෂේත්‍රව මූලත්‍රිකෝණව යුරේනස් සමව පස්වැන්නේ ද උච්චක්ෂේත්‍ර රාහු සම වූ චන්ද්‍රයා ද, හය වැන්න වූ රෝග සතුරු ස්ථාන ගතව ද, උච්චක්ෂේත්‍ර කේතු දොළොස්වැන්න වූ වැයස්ථානගතව ද යෙදී සෞරග්‍රහ මණ්ඩලයේ තැන්පත්ව ඇත. සිනමා ශාලා, ඇතුළු කලාකාමී ක්ෂේත්‍රයේ සුවිශේෂී පිරිසකට රාජ්‍ය අනුග්‍රහය ලැබීමෙන් රාජ්‍ය ගෞරව ලැබෙනු පෙනෙයි. දැවැන්ත ව්‍යාපාරයන්හි යෙදෙන ව්‍යාපාරිකයන් දිරිමත් කිරීමක්, ද සිදුවෙනු ඇත.

රාජ්‍ය ගබඩාකරණයේ රහස්‍යභාවය හෙළිදරව් වීමක් පෙන්නුම් කරයි. පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර සංවර්ධනයට සමගාමීව සුභසාධන ක්‍රියාවලියේ යෙදෙනු ඇත. දෛනික පරිභෝජන රටාවේ භාණ්ඩ මිල අවරෝහණය වෙනු පෙනෙයි. ශ්‍රී ලාංකීය ජනරජ සිංහ රාශි කේන්දරයේ ග්‍රහ සටහනට සමගාමීව දේශීය රාජ්‍ය යාන්ත්‍රණය සුබවාදී පැතිකඩක් සඳහා යෝධ සංවර්ධන කඩිනම් ව්‍යාපාර සමාරම්භයට දැඩි ප්‍රයත්නයක යෙදෙනු පෙනී යන්නකි. අවහිර බාධක දුෂ්කරතා මැඩ ගනිමින් ආර්ථීකය රාජ්‍ය භාණ්ඩාගාරයේ මෙන්ම, පෞද්ගලික ව්‍යාපාර ප්‍රජාවගේ ද ප්‍රශංසනීය බවට ගෝචර වෙනු ඇත.

මෙතෙක් භාණ්ඩ මිල ආරෝහණය වුව ද පොදු මහජනතාවට හිතකර ව්‍යවස්ථා කෙටුම්පතක් සංශෝධනය වනු ලබයි.

දේශපාලනික පලිගැනීම් ජාලය හෙළා දකිමින් සාමකාමී, සාධාරණ අව්‍යාජ නීති පද්ධතිය රාජ්‍ය ආයතන කෙරෙහි ක්‍රියාත්මක කරලීම මහජන සේවක, සේවිකා සුභසාධනයට ද, විජයග්‍රාහී ජය මාවතක් බවට පරිවර්තනය වනු ලබයි. සංචාරක ව්‍යාපාරයට මෙන්ම තේ, පොල්, රබර් නිෂ්පාදන ධාරිතාව ක්‍රමවත්, හරවත් සැලසුම්කරණයකට ද, ජනතා හිතවාදී රාජ්‍ය පැවැත්ම ද සිකුරුගේ බැල්මෙන් දෘශ්‍යමාන වනු ලබයි. සාමකාමී රාජ්‍ය පාලක පක්ෂයක් මෙන්ම ජනතා ප්‍රධානීන් ද, තිරසර, හරවත් ක්‍රමවේදයකට පාත්‍ර වනු ඇත.

 

ඡ්‍යොතිෂවේදී-කොත්මලේ

විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.