ඔබේ කේන්ද්‍රයේ මෙබඳු ග්‍රහ පිහිටීම් තිබේනම් ඔබ වාසනාවන්තයෙකි

ජනවාරි 29, 2021

බොහෝ විට අපගේ මෙලොව ජීවිතයේ වාසනාව උදාවන්නේ පෙර කරන ලද කුසල් අනුවය.

එම වාසනාව අපගේ ජන්ම පත්‍රයේ සටහන්ව තිබේ. පහත දැක්වෙන්නේ එබඳු වාසනාවන්ත ග්‍රහ පිහිටීම් කීපයකි. 5 වැන්නේ හෝ 9 වැන්නේ උච්ච ග්‍රහයෙක් සිටීම. ග්‍රහයන් දෙදෙනා බැගින් තුන් පොළක 06 දෙනෙක් සිටීම.

ග්‍රහයන් දෙදෙනා බැගින් 04 පොළක ග්‍රහයින් 08 දෙනෙකු සිටීම

3, 6, 11 පාප ග්‍රහයින් සිටීම.

9 වැන්නාධිපති හා 12 වැන්නාධිපති සමඟ රවි 12 වැන්නේ සිටීම.

9 වැන්නාධිපති ග්‍රහයා 11 වැන්නේ ද, 11 වැන්නාධිපති 9 වැන්නේ ද පිහිටීම හෝ දෘෂ්ටිවලින් සම්බන්ධ වීම.

ග්‍රහයින් 04 දෙනෙකු සුබ ග්‍රහයන් විසින් දකිනු ලැබීම.

රවි, බුධ හා සිකුරු 5 වැන්නේ සිටියදී ගුරු 11 සිටී නම් ගුරු මහ දශා, අතුරු දශාවලදී ධනවත් වේ.

සිකුරු හා 4 වැන්නාධිපතියාද, 7 හා 9 වැන්නාධිපතියන්ද ශනිට සම්බන්ධව හෝ දෘෂ්ටි ලබා ඇත්නම් 9 හෝ 11 සිටී නම් ශනි මහ දශා, අතුරු දශා කාල වාසනාවන්ත වේ.

ලග්නාධිපති ග්‍රහයා 4, 9, 10 අධිපතියන් සමඟ එක්ව 1, 7, 10 සිටීනම් එම දශා කාල වාසනාවන්තය.

 

ඡ්‍යොතිෂවේදී, වස්තු විද්‍යා උපදේශක

ආචාර්ය

කපිල ඉන්ද්‍රික ගුණදාස

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.