සුබ කටයුතු රැසකට සුබ නැකැත් රැසක්

නොවැම්බර් 20, 2020

මේ කොරෝනා සමයයි. ඔබගේ යොදා ගෙන ඇති විශේෂ කටයුතු මෙම සිදුවීම හේතුවෙන් කල් දැමීමට සිදුවෙනු ඇත. විශේෂයෙන් විවාහ ගිවිසගැනීම්, පෝරුවේ චාරිත්‍ර ,සෙනඟ එක්රැස් වන නිසා සෞඛ්‍ය අංශ විසින් සිමා පනවයි.

2020 දෙසැම්බර් 15 වන තෙක් කෝණයක් නොමැති හෙයින් එම කටයුතු නිසා සුබ දිනයක් නොවැම්බර් 26 ගුරු දින පංචාංග ශුද්ධිය සහිතව උදාවෙයි. පුර පක්ෂය, රේවතී නැකත උදේ කාලයේ ධනු රාශිය හා සුබ හෝරාවක් උදාවෙයි. ප්‍රබල නැකතක් නොවුණත් කාලයේ හැටියට උදේ 10.30 වනතෙක් සුබව පවතී. විවාහ කටයුතු, නිවාස වැඩ ආරම්භය , ගෙවදීම ,උළුවහු තැබීම, අකුරු කියවීම, ඉඳුල් කටගෑම හා ව්‍යාපාර සඳහා ද, සුබවෙයි. සුබ වේලාවන් ලෙස උදේ 07.35 හා උදේ 08.15 හා උදේ 09.10 ඔබේ අවශ්‍යතාවය අනුව යොදාගත හැකියි. වාශි යෝගය ,කේමදෘම යෝගය, ශ්‍රී කාන්තා යෝගය මෙදින උදාවී පවතින අතර උතුර හෝ නැගෙනහිර බලා සුබ කටයුතු කිරීම සුදුසු වේ. අස්විද , මා, මුල, බෙරණ, පුවපල්, පුවසල, රෙහෙන, හත, සුවණ, අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත් හිමියන්ට මෙම සුබ වේලාවන් ගැලපෙයි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.