දරුවන්ට අතපොත් තැබීමට සරසවි යෝග පෙළක්

ඔක්තෝබර් 9, 2020

2020 අප්‍රේල් මස 14 වෙනි දිනෙන් උදා  වූ 1942 ශක වර්ෂයේ බුධ, ගුරු, සිකුරු යන ග්‍රහයින් තිදෙනාගේ ග්‍රහ චාරය අනුව, මෙම ග්‍රහයින් තිදෙනා යම් කේන්ද්‍රයක 1, 2, 4, 5, 7, 9, 10 යන භාවයක ස්ථානගතවීමෙන් යෙදෙන සරසවි යෝගය අප්‍රේල් මස සිට දෙසැම්බර් දක්වා සෑම දිනකම උදා වේ.

 එහෙත් සෑම දිනකම පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ යෙදෙන මෙම යෝගය, යෝගය යෙදෙන අවස්ථාවේ උපදින්නන්ට යහපත් වුවත් මෙම යෝගය යොදාගත හැකි අකුරු කියවීමේ කාර්යයට යොදාගත නොහැකි වන්නේ සවස් කාලීන හා රාත්‍රී කාලීන නැකත් යොදා ගැනීමට බොහෝ අයගේ ඇති අකැමැත්ත හා නැකතක ප්‍රබලත්වය උදය වරුවේ තරම් නොවන  නිසාවෙනි. 

එහෙත්, 2020 ඔක්තෝබර් 23 වෙනි දින සිට නොවැම්බර් 17 වෙනි දින දක්වා පාන්දර උදාවන කන්‍යා ලග්නයේදීත් නොවැම්බර් 28 වෙනි දින සිට දෙසැම්බර් 17 වෙනි දින දක්වා පාන්දර උදාවන තුලා ලග්නයේදීත් සෑම දිනකම සුදුසු පරිදි දරුවන්ට අතපොත් තැබීමට සුදුසු මුහුර්ථ සකස්කර ගත හැකිය. 

මෙම කාල සීමාවන්හිදී සුදුසු වයස සපිරුන දරුවන්ට තමාට සීහෙන දවසට තිථියට නැකතට රාශියට ගැළපෙන පරිදි මුහුර්ථ සකස්කර අකුරු කියවීමෙන් ඉගෙනුමට ලැදි දක්ෂයින් බවට පත්වනු ඇත. මෙම දිනවල ග්‍රහයින්ගෙන් යෙදෙන තවත් ශුභදායී ඵලයන් මෙම ග්‍රහ පිහිටීම තවත් බලසහිත කරයි. 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.