2020 අග මාස අට තුළ යෙදෙන සරසවි යෝග

සැප්තැම්බර් 4, 2020

රාශි චක්‍රයේ ග්‍රහයන් ස්ථානගත වීම අනුව සරසවි යෝගය යෙදෙන ක්‍රම කිහිපයකි. ඉන් බුධ ,ගුරු , සිකුරු යන ග්‍රහයින් ස්ථානගත වීමෙන් හා යෝග වීමෙන් යෙදෙන සරසවි යෝගය, මෙම ග්‍රහයින් තිදෙනා ජන්ම පත්‍රයක 1,2,4,5,7,9,10 යන භාවයන්හි ස්ථානගත වීමෙන් හා සංයෝග වීමෙන් යෙදේ. මෙම ග්‍රහ පිහිටීම 2020 අපේ‍්‍රල් මස 14 වෙනි දිනෙන් ආරම්භ වු 1942 ශක වර්ෂයේ මුල් මාස අට තුළ දිගටම යෙදෙන අතර සිංහය හා කුම්භයෙන් උපන්නවුන් හැර අන් ලග්න දහයටම විටින් විට යෙදේ. මේ අනුව මෙම කාල සීමාවන්හි උපත ලද එම ලග්න හිමි දරුවන් තවත් ප්‍රබල ග්‍රහයෝග රැසක්ද එක්කර ගනිමින් අනාගතයේ බුද්ධිමත්, උගත්, නැණවත් අයවලුන් බවට පත් කරයි. විශේෂයෙන් මෙම අය කලාවට ලැදි ප්‍රශංසාව ලබන යහපත් අඹු සැමියන් හා දූ පුතුන් ලබන අයවලුන් බවට පත්වේ. විශේෂයෙන් මෙම යෝගය වයස පිරුණු දරුවන්ට අත්පොත් තැබීමට ඉතා සුදුසු බව ඡ්‍යොතිෂයේ සඳහන්ය. 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.