කලාතුරකින් උදාවන ප්‍රබල නැකැත් දෙකක්

අගෝස්තු 14, 2020

මේ අගෝස්තු මාසයයි. ඔබගේ විවාහ, නිවාසය සැබෑ කර ගන්න විශේෂ නැකැත් හිමි මාසයේ, සුවිශේෂී දවසක් අගෝස්තු 20 ගුරු දින, පංචාංග ශුද්ධිය ඇතිව උදාවෙයි. පුර පක්ෂයත් එදින අලුයම 02.07 සිට පුවපල් නැකත පවතියි. 

විවාහ කටයුතු, නිවාස වැඩ ආරම්භ වීම, ගෙවැදීම, උළුවහු තැබීම, ව්‍යාපාර හා ඕනෑම දෙයක් සඳහා සුදුසු ය. උදේ 06.25 සිට 07.50 තෙක් සිංහ රාශිය උදාවේ. 

ග්‍රහයන් දුර්වල වී නොමැති අතර සුබ වේලාව, උදේ 06.20 ට ගුරුගේ, සිකුරු පංචම උදාවෙයි. ඊසාන දිශාව බලා ශුභයි. උදේ 06.20 ට ග්‍රහචාරය (සිංහ රාශිය) 07.50 තෙක් පවතී. 

විශේෂ යෝග - ලක්ෂ්මී උපේන්ද්‍රා, රණහංස, ශ්‍රී කාන්තා බුධ ආදිත්‍ය යෝග පවතී. 

මෙදින දවල්, 10.05 සිට 11.50 අතර කාලය තුළ විවාහ, නිවාස (මුල්ගල් තැබීම්, පෝරුවේ චාරිත්‍ර සඳහා) 

විශේෂ වේලාව 10.15 ට ඊසාන බලා ශුභයි. පවතින යෝග - සස යෝගය, රුචක යෝගය, උපේන්ද්‍ර යෝගය, රණ හංස යෝගය, ශ්‍රී කාන්තා යෝගය, බුධ ආදිත්‍ය යෝගය. 

අස්විද, මා, මුල, අද, සා, සියාවස, කැති, උත්‍රපල්, උත්‍රසල, පුෂ, අනුර, උත්‍රපුටුල, රෙහෙන, හත, සුවන, නැකැත් හිමියන්ට ගැළපේ. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.