සඳු හා සංයෝග වී බලය ඉහළ යන ග්‍රහයෝ

ජූලි 17, 2020

හිරු සඳු ග්‍රහලෝක පද්ධතියේ අපට නිතර වැඩියෙන් පෙනෙන ආකාශ වස්තුවලින් දෙකක් වන අතර, මෙම වස්තූන් දෙකට ගරුත්වයෙන් සැළකීම හා ඇදහීම ආරම්භ වූයේ මෑත කාලීනව නොවේ. 

මිනිසා මිනිසෙකු වී නක්ෂත්‍රය, ආගම ඇදහීම, තාරකා විද්‍යාව වැනි සුභාවිත අධ්‍යයන්හි නිරත වීමට පෙර බොහෝ ඈත අතීතයේ සිටම හිරු සඳු තම ජීවිතය හා බද්ධ කරගෙන ඇති බවට ලොව පුරා කොතෙකුත් සාධක සොයාගත හැකි ය. ඒ අනුව සඳු ස්වභාව ධර්මයේ බොහෝ දේවල් තීරණය කිරීමට පාදක වූ ආකාශ වස්තුවක් වන අතර ඡ්‍යොතිෂ විද්‍යාව තුළ සඳුට ලබා දී ඇත්තේ ඉතා උසස් ස්ථානයකි. ඒ අනුව ජන්ම නැකත ජන්ම මහ දසාව යෝගිනී දසාව වැනි ස්වීය ඡ්‍යොතිෂ කරුණු මෙන්ම නැකත් පිළියෙල කිරීම ‘වැනි පොදු කරුණු’ සඳහා ද සඳු මූලික කොට ගනී. ජන්මියෙකු ඡ්‍යොතිෂයට ආදේශ කිරීමේදී ඔහු සඳහා පිළියෙල කරන ජන්ම පත්‍රයේ සූර්යය කේන්ද්‍රය මෙන්ම නවාංශක කේන්ද්‍රයද වැදගත් වේ. 

එහෙත් එයටත් වඩා බොහෝ ඡ්‍යොතිෂ විග්‍රහයන්වලට තුඩුදෙන චන්ද්‍ර කේන්ද්‍රයද ඉතා වැදගත් තැනක් ගනී. චන්ද්‍ර කේන්ද්‍රය තුළ සිදුවන කවුරුත් දන්නා වූ ජන්ම ඒරාෂ්ඨකය චන්ද්‍ර කේන්ද්‍රයේ 1 වෙනි භාවයට සෙනසුරු පැමිණීමෙන් සිදුවන අතර මෙම වර්ෂ 2  1/2 ක කාලය මහත් අපල කාලයකට තුඩුදෙන බව ප්‍රචලිත කරුණකි. එහෙත් සෑම රාශියකදීම එකම ලෙසට මෙම අප්‍රලයන් සිදු වීම නොවන බව කේන්ද්‍ර නිරීක්ෂණය කිරීමේ දී දක්නට ලැබේ. එයට හේතු වන්නේ සඳු හා ශනිගේ පිහිටීම රාශි අනුව වෙනස් වන බැවිනි. ඒ අනුව සඳු මේෂයේ දී සම වන අතර ශනි නීච වී මේෂ රාශියේ දී ඇතිකරන බලපෑම් වෘෂභ රාශියේ දී සිදු නොවේ. 

ඒ වෘෂභයේ දී සඳු උච්ච වන අතර ශනි මිත්‍ර වන බැවිනි. එමෙන්ම සඳුගේ ස්වක්ෂේත්‍රය වන කටකයේ දී ශනි සතුරු උවත් ශනිගේ අහිතකර බලපෑම් ස්වක්ෂේත්‍ර සඳුගෙන් අඩු කරනු ඇත. එමෙන්ම ශනිගේ උච්ච රාශිය වූ තුලාවේ දී සඳු සම ග්‍රහයෙකු වීම හා ශනිගේ ස්වක්ෂේත්‍ර රාශි වූ මකර කුම්භ රාශිවලදීද සඳු සම බැවින් මෙම අහිතකර බලපෑම් අඩුවනු ඇත. මෙම රාශිවලදී ඇතිවන මෙම ග්‍රහ සංයෝගයන් මෙන්ම සඳු හා ශනිගේ යෝග බලයද මෙම සමනයන්ට හේතු වේ. 

මේ අනුව වෘෂභ රාශියේ දී සඳු උච්ච වී සස යෝගය උදා කරන අතර සඳු කටකයේ දී කුලීර යෝගය උදා කරයි. එමෙන්ම ශනි තුලාවේ දී සේනක යෝගය ද මකර කුම්භ රාශිවලදී ශශ නම් වූ මහා පුරුෂ යෝගයත් කුම්භ රාශියේ දී ජය යෝගයත් මුල ත්‍රිකෝණ බලයකුත් උදාකර දෙයි. ඒ අනුව චන්ද්‍ර කේන්ද්‍රයේ 1 වෙනි භාවය ඉහත රාශි වූවේ නම් ජන්ම ඒරාෂ්ඨකයේ බලපෑම යම් ලෙසකට පාලනය වේ. ඒ සමඟම සඳු හා සිදුවන අන් ග්‍රහ සංයෝගද සඳුගෙන් උදා කරන බලයන් තීවෘර කරමින් යහපත් දිවි පැවැත්මක් ලබා දේ. තවද ජන්ම කේන්ද්‍රයේ හත්වැනි භාවය ශනිට දිග්බල බැවින් හත්වැනි භාවයේ සිදුවන ජන්ම කේන්ද්‍රයේ  හත්වැනි භාවයට ශනිට දිග්බල බැවින් හත්වැනි භාවයේ සිදුවන ජන්ම ඒරාෂ්ඨකයද භාවයකට එල්ලවන අනෙකුත් ශුභ ග්‍රහ දෘෂ්ඨිවලින්ද සඳු ශනි ඒරාෂ්ඨකය හි ඵල සුබවිය හැක. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.