බුදුසිරිත හා සබැඳි නැකැත් හා තිථි

මැයි 17, 2019


එකම පොහොය දිනක එකම නැකතට හා එකම තිථියකදී ඉපදීම, බුදුවීම හා පිරිනිවීම යන තෙමඟුලම යෙදුන ශාස්තෘන් වහන්සේ නමක් වීනම් ඒ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණකි.

එම හේතු නිසා බෞද්ධ ජනතාවට බුදු උපත , බුද්ධත්වයට පත්වීමේ දිනය හා පිරිනිවන් පා වදාළ දිනය වශයෙන් දින තුනක් වෙනුවට සෑම වර්ෂයකම යෙදෙන වෙසක් පොහොය දිනයේදී හද පිරි ශ්‍රද්ධාවෙන් , භක්තියෙන් බුදුගුණ සැමරීමේ භාග්‍ය උදාවෙයි. මේ හැරුණු විට වෙසක් පොහොය දිනයේ තවත් සුවිශේෂ ලක්ෂණය වන්නේ එදිනට පෙර දින හෝ එදින හෝ පසුදින අනිවාර්යෙන්ම විසා නැකතද උදාවීමය.

බුදුරජාණන් වහන්සේ ඉරු සඳු ප්‍රමුඛ නැකැත් තරු මිනිසුන්, සතුන්, ගස් වැල් ආදියෙන් සැදුම්ලත් පෘථිවි තලයට කිසිඳු බලපෑමක් නැතැයි කියා කිසිවිටකවත් දේශනාකර නැත. චන්ද්‍රග්‍රහණ, සූර්යග්‍රහණ නිසා පෘථිවියට බලපෑම් සිදුවන බව චන්ද්‍රපරිත්ත හා සූරියපරිත්ත යන පිරිත් සූත්‍ර දේශනා කිරීමෙන් පැහැදිලි වන්නේය.

රාහුතා ගිහිතෝ චන්දෝ – මුත්තේ යස්සනු භාවතෝ

සබ්බවේරි භයංනාසං – පරිත්තං තං භණාමහේ

සූරියෝ රාහු ගහිතෝ – මුත්තේ යස්සනු භාවතෝ

සබ්බවේරි භයං නාසං – පරිත්තං නං භණාමහේ

බුදුසිරිත හා සබැඳි බොහෝ වැදගත් සිදුවීම් මෙන්ම දේශනාවන්ද සිදුව ඇත්තේ පුරපසළොස්වක පෝය දිනයන් හිදීය. එයින් පැහැදිලිවම පෙනී යන්නේ බුදුරජාණන් වහන්සේ පුරපසළොස්වක පොහොය දිනයන් තුළදී සඳුගේ ඍජු බලපෑම් පෘථිවියට එල්ල වීම නිසා එය පෘථිවිවාසී මිනිසුන්ට මෙන්ම සතුන්ටත් ගස්වැල් මුහුදු ආදි සැමදෙයකටම බලපාන බැව් සර්වඥතා ඥාණයෙන් දැනගෙන සිටිය බැව්ය.

පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන පංචමහා විශ්ව ශක්තිය, පසළොස්වක පොහොය දිනයේදී සඳකිරණ ශක්තිය නිසා වඩාත් ප්‍රබල වේ. මිනිසාගේ මෙන්ම සියලුම සත්වයන්ගේ සිතුම් පැතුම් චරියා රටාවන් තුළද අන් දිනවලට වඩා කැපී පෙනෙන බලපෑම් ඇති කරවයි. සිත් තුළ සරාගී මෙන්ම වීත රාගී හැඟුම් කුලුගන්වනු ලබයි.

මේ දිනවල දී බොහෝ සතුන්ගේ රාගික හැඟීම් ඇවිස්සෙන නිසා මිනිසුන් මෙන්ම සතා සීපාවුන් පවා විරුද්ධ ලිංගිකයන්ගේ පහස සොයා එකතු වන්නේද පුරපස හඳ මෝරන විටදීය. එනිසා විරුද්ධ ලිංගිකයන් දිනාගැනීමට සතුන් එකිනෙකා සටන් වැදී දුබලයා පරදවා ශක්තිවන්තයා ජයගනී .මිනිස් වර්ගයාටද මෙය පොදුවූ කරුණක් නිසා පෝය දින අටසිල්, දසසිල් වැනි සීලයක් සමාදන්වී අබ්‍රහ්මචාරීව වාසය කිරීම නිසා මිනිසාට යහපතක් මිස අයහපතක් ඇති නොවේ. එසේම මේ දිනයන් වලදි රාගික හැඟීම් යටපත් කරගත් විටදී වීතරාගී විමුක්ති සුවයද අන් දිනවලට වඩා පහසුවෙන් සිතට දැනෙයි.

එම නිසා වෙසක් පොහොය මෙන්ම අන් පොහොය දිනවලදී පෙහෙවස් සමාදන් වන අයට රාග, ද්වේෂ, මෝහ සිත් ඇතිව කටයුතු කරන සාමාන්‍ය දිනවලදී සිතට දැනෙන චිත්තපීඩාවන් ගෙන් තොරව වීතරාගී, වීතදෝෂී, වීත මෝහී සිතිවිලි සමඟ වෙසෙන විටදී සිතට දැනෙන නිරාමිස , සුවය සහනය අත්විඳගත හැකිය. වරක් සිල්ගත්විට සිතට දැනෙන සහනය සුවය හඳුනාගත් අය පොහොය දිනයේ සිල්සමාදන්වීමේ වටිනාකම තේරුම් ගෙන ඒ සඳහා තව තවත් උනන්දුවෙන් මෙන්ම වීර්ය ඇතිකර ගනී.

වෙසක් පෝය දින සිට බක් පෝය දක්වා වර්ෂයක් තුළ යෙදෙන දොළොස් පෝය දිනවලදී බුදුසිරිත හා සබැඳි විශේෂ සිදුවීම් මෙසේය.

 

ඡ්‍යොතිෂවේදී කොබ්බෑවල
සුමනදාස වීරසිංහ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>


  

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.