ඔබගේ දියුණුව ඇත්තේ රටෙන් එතෙරද?

මැයි 10, 2019

විදේශ ගතවීමට උත්සාහ කිරීමේදී තමාට වඩාත්ම දියුණුව ඇත්තේ මෙරට ජීවත් වීමෙන්ද නැතහොත් විදේශගත වීමෙන්ද යන්න නිසියාකාරව දැන හඳුනාගෙන ඒ සඳහා කටයුතු කිරීමෙන් තම ජීවිතය සාර්ථක කර ගත හැකිය. ඒ සඳහා විදේශ ගත වීමේ වාසනාව තිබේද? නොතිබේද? යන්නත්, විදේශ ගත වීමෙන් දියුණුවක් තිබේද? නොතිබේද? යන්නත් ඡ්‍යොතිෂයට අනුරූපීව නිශ්චිතවම ප්‍රකාශ කිරීමේ හැකියාව ඇත.

වර්තමාන සමාජයේ තරුණ පිරිස් විදේශගත වීමට බොහෝ ප්‍රයත්න දරන අතර, විශාල ලෙස මුදල් වියදම් කර රැවටිලිවලට පවා හසුවන අවස්ථාවන් බහුලව දක්නට ලැබෙන අතර තමා ජීවත්වන නිවස පවා අහිමි වූ අවස්ථාවන් දැක ඇත.

විදේශ ගත වීම් ආකාර කීපයකට සිදු විය හැකිය. එනම් අධ්‍යාපනය මුල්කරගෙන, රැකියාව සඳහා , ව්‍යාපාර කටයුතු සඳහා, හෝ අනෙකුත් සංචාර සඳහා විදේශ ගත වන අතර, තම විවාහයෙන් පසු එනම් තම ස්වාමියා හෝ බිරිඳ සමඟ විදේශ ගත විය හැකිය. වැඩි පිරිසක් විමසන ප්‍රශ්නයක් වන්නේ තම කේන්ද්‍ර සටහනේ විදේශ යෝග නොමැතිනම් විදේශ ගත විය නොහැකිද? යන්නයි. තමා හට කොපමණ මුදල් තිබුනද විදේශගතවීමට අපහසු ඇයිද? යන්න තවත් පිරිසක් අසන ප්‍රශ්නයකි. කොපමණ මුදල් තිබුණද සාමාන්‍ය විදේශ සංචාරයක් කළ හැකි වුවද, විදේශ අධ්‍යාපනයක්, විදේශ රැකියාවක්, විදේශ සම්බන්ධ ව්‍යාපාර කටයුත්තක් හෝ විදේශයක ස්ථිර පදිංචියක් සිදු වීමට නම් නියත වශයෙන්ම ඔබගේ ජන්ම පත්‍රයේ විදේශ යෝගයක් හෝ ඒ සඳහා උරුමයක් තිබිය යුතුමය.

තවද විදේශගතවීම කියූ සැණින් බොහෝ දෙනෙකුට සිතෙන්නේ පුද්ගලයෙකුගේ ජීවිතයේ දියුණුව හා සාර්ථකත්වය පමණි. නමුත් විදේශ රටකට යාම තුළින් පුද්ගලයකුගේ ජීවිතයේ පිරිහීමක් හෝ අසාර්ථකවීමක් සිදුවීමට ඉඩ ඇති බව කිසිවෙකු නොසිතන්නට පුළුවන. කේන්ද්‍ර සටහන සූක්ෂ්ම ලෙස පරික්ෂා කිරීම තුළින් ඔබට විදේශ ගමන් හෝ විදේශයක ස්ථිර පදිංචියක් උරුමද? නැතිද? යන්නත් විදේශ ගමන් මගින් දියුණුවක් හෝ පිරිහීමක් ඇතිවේද යන්නත් පැහැදිලිවම ප්‍රකාශ කළ හැකිය. තවද විශේෂයෙන් කිව යුතු කරුණක් වන්නේ, සමහර පුද්ගලයන්ගේ සාර්ථකත්වය සඳහා අනිවාර්යෙන්ම විදේශයකට යායුතු බවත් ඔවුන් මෙරට ජීවත් වන්නේ නම් කිසියම් හෝ ලෞකික දියුණුවක් ලැබිය නොහැකි බවත්ය. මේ බව ඔවුන්ගේ කේන්ද්‍රසටහන් වල ලියවී ඇත.

 

විද්‍යාවේදී ඡ්‍යොතිෂවේදී
ගෝඨාභය මුදලිගේ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.