යුරේනස් බුධ සිකුරු සමඟ යුද වදී

මැයි 10, 2019

2019 මැයි මස 8 වන බුධ දින රාත්‍රී 7.54 ට යුරේනස් හා බුධ අතර යුද සංග්‍රාමයක්ද 2019 මැයි මස 18 වන ශනි දින රාත්‍රී 9.48 ට යුරේනස් හා සිකුරු අතර යුද සංග්‍රාමයක්ද ඇති වනු ඇත. කේතුට අයත් අස්විද නැකතේ තුන්වන පාදයේදි සිදුවන මෙම ග්‍රහ යුද සංග්‍රාමයන් අප රටට මෙන්ම ලෝකයේ රටවලටද අයහපත් වූ බලපෑම් ඇතිකරනු ඇත.

අප රටෙහි තැපැල් කටයුතු ,සන්නිවේදන කටයුතු, ජනමාධ්‍ය ආයතන ආශි‍්‍රතව අශුභ සිදුවීම් වාර්තාවන කාලයක් වනු ඇත. බලාපොරොත්තු රහිත ක්ෂණික විපත් ඇතිවන බැවින් ජනතාව දැඩි විමසිල්ලකින් සිටිය යුතු කාලයක් වේ. කාන්තාවන්ට මෙන්ම කුඩා දූ දරුවන්ටද අපල සහිත කාලයකි. දුම්රිය, බස්රථ, මෝටර් රථ, යාත්‍රා අනතුරු , ගිනි ගැනීම්, පිපිරීම් වාර්තා වනු ඇත.

උසස් ප්‍රසිද්ධ කාන්තාවකට ද මාරක යෙදෙනු ඇත. ගෑස් භාවිතා කරන අය මෙන්ම ගෑස් ගබඩා කර ඇති අයද ඉතා පරිස්සම් විය යුතු අතර හදිසි ගෑස් කාන්දුවක් හෝ ගිනි ගැනීමක් පිපිරීමක් ඇති විය හැකිය. චිත්‍ර. ග්‍රන්ථ ලේඛන මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැළි අයකුට ද ඉතා අයහපත් මාරක විපත් ඇති වනු ඇත.

ඡ්‍යොතිෂවේදී
රේණුක වික්‍රමසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.