ධනය බලය නිලය ලබාදෙන යෝග කාරක ‘ග්‍රහයා’

මැයි 3, 2019

 

ඡ්‍යොතිෂයේ දැක්වෙන සෑම ලග්නයකටම යෝග කාරක ග්‍රහයෙක් සිටී. එනිසා සෑම ජන්මියකුටම යෝගකාරක ග්‍රහයකුගේ බලය ලැබේ. එසේ නමුත් වෘශ්චික ලග්නයෙන් උපත ලැබූ අයට යෝග කාරක ග්‍රහයන් දෙදෙනෙකුගේ බලය ලැබේ.

ලග්නයක යෝගකාරක ග්‍රහයා වශයෙන් හඳුන්වන්නේ එම ලග්නයට ශුභ ඵල දෙන ග්‍රහයාටය. යෝග කාරක ග්‍රහයා නෛසර්ගික පාප ග්‍රහයකු වුවත් එම ලග්නයට ශුභ ඵල දෙන ග්‍රහයකු බවට පත්වේ.

එසේම නෛසර්ගික ශුභ ග්‍රහයකු වුවත් අනිෂ්ට භාවවල අධිපතියන් වූ විට එම ලග්නයට අශුභ ග්‍රහයකු වේ. නෛසර්ගික ශුභ ග්‍රහයකු වූ ගුරු තුලා ලග්නයට අසුබ ග්‍රහයකු වේ.

යම් ජන්ම පත්‍රයක යෝගකාරක ග්‍රහයා බලවත් වූයේ නම් එම ග්‍රහයාගේ මහ දශා අතුරු දශා කාලවලදී ජන්මියාට බලය ගෞරවය, කීර්තිය, නම්බුනාම, ආර්ථික දියුණුව, පිරිස් බලය, වාසනාව උදාවේ. එබැවින් ජන්ම කේන්දරයක ලග්නාධිපති බලවත් වන්නාසේම යෝගකාරක ග්‍රහයා බලවත්වීමද ඉතා වැදගත් වේ.

රවි,සඳු, කුජ, ගුරු , ශුක්‍ර, ශනි යන ග්‍රහයන් පමණක් ලග්න දොළහට යෝගකාරක ග්‍රහයෙක් වීමේ බලය හිමිකරගෙන ඇත.

සමහර ලග්නවලදී බුධ ග්‍රහයාට යෝගකාරක බලයක් හිමිකරගෙන ඇත.

රාහු කේතු යන ඡායා ග්‍රහයන්ට කිසිම ලග්නයක යෝග කාරක බලය හිමිවී නැත.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ඡ්‍යොතිෂවේදී වාස්තු උපදේශක

යාන්ත්‍රික ඉංජිනේරු

නිශාන්ත විජේසේන 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.