අනියම් ප්‍රේම සබඳතාවලට යොමුකරන අයහපත් ග්‍රහ පිහිටීම්

අප්‍රේල් 5, 2019

සැමියන් මෙන්ම බිරියන්ද අනියම් සහ අසම්මත ප්‍රේම සබඳතා ඇතිකරගැනීමට හේතුවන කරුණු සෙවීම සඳහා බටහිර රටවල මෙන්ම පෙරදිග රටවලද විවිධ සමාජ විද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක පර්යේෂණ පවත්වා ඇත. මෙමඟින් හෙළිවී ඇති කරුණුවලට අනුව විවාහක අයගෙන් 47% කට වැඩි ප්‍රමාණයක් ඉච්ඡාභංගත්වයෙන් පෙළෙන අතර ඉන් අදහස් කරන්නේ විවාහ ජීවිතයෙන් අපේක්ෂා කරන ලද බොහෝ දෑ නොලැබීයාමයි. මේනිසා ඇතිවන චිත්ත පීඩනය මත වෙනත් අනියම් ප්‍රේම සබඳතාවලට යොමුවන බව හඳුනාගෙන ඇත. දෙවනුව වැදගත් වන්නේ විවාහ ජීවිතය තුළ ඇතිවන වෙනත් ගැටලු මත විවාහ ජීවිතයේ සතුට නොලැබී යාමයි. මීට අඹු සැමි අමනාපකම්, අඩ දබර මෙන්ම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයද අයත් වේ. තුන්වෙනුව මූලික වන්නේ කාමය හෝ ලිංගිකත්වයයි. විශේෂයෙන් කාන්තාවන්ට වඩා පිරිමින් වෙනත් අනියම් සබඳතාවලට යොමුවන බව සොයාගෙන ඇති අතර එහිදී බලපා ඇති මූලික හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ ලිංගික තෘප්තියක් ලබාගැනීමයි. මීට අමතරව ආර්ථික ගැටලුවලට විසඳුමක් ලෙසද අනියම් සබඳතා ඇතිවන අතර සැමියාගෙන් බිරිඳ හෝ බිරිඳගෙන් සැමියා තාවකාලිකව ඈත්වන අවස්ථාවලදී ද මෙම අනියම් සබඳතා ඇතිවිය හැකි ය.

විශේෂයෙන් මත්ද්‍රව්‍ය සහ මත්පැන් වලට ඇබ්බැහිවීමද අනියම් සබඳතාවලට පොළඹවන හේතුවක් වන අතර සමහරවිට බිරිඳ හෝ සැමියා මානසික ආබාධවලින් පෙළෙන අවස්ථාවලදී ද අනියම් සබඳතා ඇතිවෙන බව හඳුනාගෙන ඇත. නිදසුනක් ලෙස පෙන්වාදී ඇත්තේ නාසිසිස්ටික් නම් පෞරුෂත්ව මානසික ආබාධයෙන් පෙළෙන අය බොහෝ විට අනියම් සබඳතාවලට යොමුවන බවයි. මෙවැනි ආබාධවලින් පෙළෙන අය තුළ තම කලත්‍රයා පිළිබඳ සහකම්පනයක් (ඥථනචබඩර) නොමැති වීම මීට ප්‍රධාන හේතුව බව මනෝවිද්‍යාඥයින් පෙන්වාදෙයි. මීට අමතර ළමාවියේ දී මුහුණපාන ලිංගික අතවර හා අපචාරද මෙම අනියම් සබඳතාවලට යොමු කරන අතර වියපත්වීමේ දී බිරිඳ සැමියාගෙන් ඈත්වීමද අනියම් සබඳතාවලට යාමට හේතුවන බව සමාජ විද්‍යාඥයින් පෙන්වා දෙයි. තත්ත්වය මෙසේ වුවත් වෛදික ඡ්‍යොතිෂයට අනුව අනියම් ප්‍රේම සබඳතා හෝ ලිංගික සබඳතා ඇතිවන්නේ අයහපත් ග්‍රහ පිහිටීම් නිසා ය. විශේෂයෙන් අනියම් ප්‍රේම සබඳතා ඇතිකරගැනීමට පාදක වන මානසිකත්වයක් ඇතිවීමට මෙම අයහපත් ග්‍රහ පිහිටීම් සෘජු ලෙස බලපායි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිර්වේදී ටී.එම්. කුලරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.