“ලෞකික සැප දෙන නීච ග්‍රහයෝ”

මාර්තු 22, 2019

නීච යනුවෙන් අදහස්කරන්නේ පහත් හෙවත් නින්දිත යන තත්ත්වයයි. එබැවින් ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේදී ග්‍රහයන් නීච වීමෙන් බොහෝ දෙනෙකු අතර පවතින්නේ අනියත බියකි. එසේ නමුත් නීච ග්‍රහයන්ගෙන්ද ලෞකික දියුණුවට කරුණු ඇතිකරන බව ජන්ම කේන්ද්‍ර පරීක්ෂාවේ දී අපට දැක ගැනීමට හැකි වී ඇත. එබැවින් එක් එක් ග්‍රහයන් නීච වීමෙන් ඇතිවන පල විපාක මොනවාදැයි විමසා බලමු.

රවි ග්‍රහයා නීච වීම

ග්‍රහ මඩුල්ලේ රජු වශයෙන් හඳුන්වන රවි සිංහ රාශියේ මුල අංශක 20 දී මුල ත්‍රිකෝණ වේ. අග අංශක 10 ස්වක්ෂේත්‍ර වේ. මේෂ රාශියේ 10 වැනි අංශකයේ දී අති උච්ච වන අතර තුලා රාශියේ 10 වැනි අංශකයේ දී ඇති නීච වේ.

රවි තුලාවේ නීච වූ නමුදු අශුභ පල නොදේ. විශේෂයෙන්ම මහජන ප්‍රසාදය ලබයි. එසේ වීමට හේතුවන්නේ සමාදානයට සමගියට සෑම කෙනෙකුටම ඔලුව පාත් කර සමාජයේ වැඩ කටයුතු සාමූහිකව නිරහංකාරව කිරීමයි. මිතුරන් අධික වේ. ස්ත්‍රී පක්ෂය සමග වැඩි සබඳතාවක් ඇතිකරගනී. සියුම් කර්මාන්ත සංගීතය චිත්‍ර කර්මය ආදියට දක්ෂ වේ. ආඩම්බරකාරයන් නොවේ. ධාර්මික අපක්ෂපාත කාරුණික පුද්ගලයන් ය. සමිති සමාගම් ආදියට ඉතා හොඳයි. ඇවිදිලි අධික වේ. රජුන්ට රවි නීච වීම හානියක් වුවද සාමාන්‍ය රට වැසියන්ට වාසියකි.

සඳු ග්‍රහයා නීච වීම

ලෝකයේ මව වශයෙන් හඳුන්වන්නේ සඳු හෙවත් චන්ද්‍රයාය. චන්ද්‍රයා වෘෂභ රාශියේ මුල අංශක 3 උච්ච වන අතර අග අංශක 27 දී මුල ත්‍රිකෝණ වේ. වෘෂභයේ 3 අංශකයේ දී අති උච්ච වන අතර වෘශ්චිකයේ 3 අංශකයේ දී අති නීච වේ. චන්ද්‍රයා නීච වීමෙන් එම තැනැත්තාට තද හිතක් ඇති වේ. තනිවම කටයුතු කරගැනීමට සිදුවේ. මේ අය කෙනෙකුට යටත්කර ගැනීමට පහසු නැත. තමා කැමැති ඕනෑම වැඩකට ඉදිරිපත් වෙයි. දරුවන් අධික වේ. මත්පැනට කලකෝලාහලවලට පි‍්‍රය වේ. සදාචාරශීලී නොවේ. සියුම් රැකියා නොලැබේ. දරුණු දෙයට පි‍්‍රය කරයි. හොර සිත වේ. විවාහය අවුල් සහගතය. කෙසේ වුවද මෙලොව ජීවිතය යහපත් බව පැවසේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂවේදී හා වාස්තු විද්‍යා උපදේශක,

නිශාන්ත විජේසේන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.