කුජ දෝෂය හෙවත් භෞම දෝෂය

මාර්තු 8, 2019

විවාහය සඳහා කේන්ද්‍ර ගැළපීමේදී කුජ දෝෂය හෙවත් භෞම දෝෂය පිළිබඳව නිරන්තරයෙන්ම අසන්නට ලැබේ. අද සමාජයේ පවතින “විවාහ ප්‍රමාදය” යන දැවෙන සමාජ ගැටලුවට මෙම කුජ දෝෂය ඍජුවම බලපෑම් කරයි. ඔබ ඔබගේ දරුවාගේ ජන්ම පත්‍රයේ කුජ දෝෂය ඇති බව පැවසුවත්, කුජ දෝෂය යනු කුමක්ද? එහි බලපෑම කෙසේද? යන්න නොදන්නවා විය හැකිය. කේන්ද්‍රයක කුජ දෝෂය දුටු පමණින් බොහෝ දෙනෙකු බිය වෙති. සමහර ඡ්‍යොතිෂවේදින් එවැනි කේන්දර හිමියන්ව බිය ගන්වති.

කුජ දෝෂය හෙවත් භෞම දෝෂය යනු කුජ ග්‍රහයා කේන්ද්‍රයක 1,2,4,7,8 හෝ 12 වැනි ස්ථානයක පිහිටා තිබීමයි. මෙම පිහිටීම දුටු පමණින් විවාහය සඳහා බාධා පවතින්නේද? විවාහ සහකරුට හෝ සහකාරියට අයහපතක් සිදු වේද? යන ගැටලු මතුවේ. මෙහිදී කුජ ග්‍රහයා ඉහත ස්ථානවල පිහිටීමේ සම්භාවිතාව අනුව කේන්දර හිමියන්ගෙන් 50% ටම කුජ දෝෂය පවතී. එයට හේතුව වන්නේ කේන්ද්‍රස්ථාන 12 න් ස්ථාන 6 ට මෙම දෝෂය යෙදීමයි. කුජ දෝෂය යනු කුමක්ද? යන්න හඳුනාගත් ඔබට, මීළඟට ඇති ප්‍රශ්නය වන්නේ, කුජ දෝෂය පවතින විට විවාහ ප්‍රමාදයට හෝ විවාහ ගැටලුවලට මෙය හේතු වේද? කුජ දෝෂය ඇති කෙනෙකු විවාහ විය යුත්තේ මෙම දෝෂය සහිත කෙනෙකු සමඟ පමණද, යන්නයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

විද්‍යාවේදී ඡ්‍යොතිෂවේදී

ගෝඨාභය මුදලිගේ

0718602525/0115248187

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.